Q. තෙරුවන් සරණයි!
සිත යනු එනම්, ශක්තියක් ද? (Energy) එයද සතර මහා භූතයන් ගේ ප්‍රථිපලයක්ද?
2. සැම සිත් පහළ වීමක් ක්ෂණික සහ අනිත්‍ය වන්නේ නම්, ඊළඟ භවයට අප ගෙනයන්නේ එම ශක්තිය ද?
3. එමෙන්ම ක්ෂණික සිත් පහළ වීම් සහ නැතිවීම ඇතිනම්, ඇලෙන ඇලෙන සුළු ස්වභාවය සඳහා හේතු කාරක වන්නේ මතකය ද?
කාරුණික පිළිතුරු බලාපොරොත්තු වෙමි. බොහොම පිං.
A. 1. ශක්තියකි - ශක්තීන් එකතුවකි (A Collection of Energy/Energies) - ශක්ති පරම්පරාවකි; සතරමහා භූතයන්ගේ ප්‍රතිඵලයක් නොවේ.
[බලවේගයකි - බලවේග එකතුවකි - බලවේග පරම්පරාවකි; සතරමහා භූතයන්ගේ ප්‍රතිඵලයක් නොවේ.]
{ක්‍රියාවකි - ක්‍රියා එකතුවකි - ක්‍රියා පරම්පරාවකි; සතරමහා භූතයන්ගේ ප්‍රතිඵලයක් නොවේ.}
2. ඔව් - ශක්ති පරම්පරාව ඊළඟ භවයට ද ගලා යාමකි.
2. ඔව් - ශක්ති පරම්පරාව ඊළඟ භවයට ද ගලා යාමකි.
[ඔව් - බලවේග පරම්පරාව ඊළඟ භවයට ද ගලා යාමකි.]
{ඔව් - ක්‍රියා පරම්පරාව ඊළඟ භවයට ද ගලා යාමකි.}
3. මතකය ද ප්‍රධාන හේතුවකි - තණ්හාව ද ප්‍රධාන හේතුවකි - අවිද්‍යාව ද ප්‍රධාන හේතුවකි - කර්ම(ය) ද ප්‍රධාන හේතුවකි.
3. මතකය ද ප්‍රධාන හේතුවකි - තණ්හාව ද ප්‍රධාන හේතුවකි - අවිද්‍යාව ද ප්‍රධාන හේතුවකි - කර්ම(ය) ද ප්‍රධාන හේතුවකි.