Q. නිරාමිස සතුට කියන්නේ මොකක්ද? නිවැරදි පැහැදිලි කිරීමක් දැනගන්න කැමති.
A / R. “මහණෙනි, මේ සැපයෝ දෙදෙනක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,
“කාමාදී ආශ්‍රව සහිත සැපයද, කාම රහිත (නික්ලේශීවූ) නිවන් සැපයද (යන දෙදෙන) වෙත්.
“මහණෙනි, මොහු දෙදෙන වනාහි සැපයෝ වෙත්.
“මහණෙනි, මේ සැපයන් දෙදෙනා අතුරෙන් යම් මේ නිරාමිස සැපයක් වේද, මේ සැපය අග්‍රයි.”
{‘‘ද්වෙමානි, භික්ඛවෙ, සුඛානි. කතමානි ද්වෙ? සාමිසඤ්ච සුඛං නිරාමිසඤ්ච සුඛං. ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ සුඛානි. එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං නිරාමිසං සුඛ’’න්ති.}
https://pitaka.lk/main?n=27160&p=69
A. "මා විසින් මෙසේ අසන ලදී. එක් කාලක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සාමිස (කෙළෙස් සහිතවූ) ප්‍රීතියක් ඇත. නිරාමිස (කෙළෙස් රහිතවූ) ප්‍රීතියක් ඇත. නිරාමිසයෙනුත් අතිශයින් නිරාමිස ප්‍රීතියක් ඇත්තේය. සාමිස සැපයක් ඇත්තේය, නිරාමිස සැපයක් ඇත්තේය, නිරාමිස සැපයෙනුත් අතිශයින් නිරාමිස සැපයක් ඇත්තේය, සාමිස උපෙක්‍ෂාවක් ඇත්තේය, නිරාමිස උපෙක්‍ෂාවක් ඇත්තේය, නිරාමිස උපෙක්‍ෂාවෙනුත් අතිශයින් නිරාමිස උපෙක්‍ෂාවක් ඇත්තේය, සාමිස විමොක්‍ෂයක් ඇත්තේය, නිරාමිස විමොක්‍ෂයක් ඇත්තේය, නිරාමිස විමොක්‍ෂයෙනුත් අතිශයින් නිරාමිස විමොක්‍ෂයක් ඇත්තේය.
“මහණෙනි, සාමිස ප්‍රීතිය කවරේද? මහණෙනි, මේ කාම බන්‍ධන පසෙකි. කවර පහක්ද යත්, ඇසින් දැක්කයුතු වූ, ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ වෙත්. කණින් ඇසියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. නාසයෙන් ආඝ්‍රාණය කළයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ වෙත්. දිවෙන් රස විඳියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. කයින් දතයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ වෙත්. මහණෙනි, මේ පස්කම් සැපයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් ප්‍රීතියක් උපදීද මේ සාමිස ප්‍රීතියයි.
“මහණෙනි, නිරාමිස ප්‍රීතිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍කය සහිත විචාරය සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟබව ඇතිකරන විතර්‍ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ද්‍විතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ නිරාමිස ප්‍රීතියයි.
“මහණෙනි, නිරාමිස ප්‍රීතියෙනුත් අතිශයින් නිරාමිස ප්‍රීතිය කවරේද? මහණෙනි, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවහට රාගයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි ද්වේෂයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි මෝහයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන කල්හි යම් ප්‍රීතියක් උපදීද, මහණෙනි, මේ නිරාමිස ප්‍රීතියෙනුත් අතිශයින් නිරාමිස ප්‍රීතියයි.
“මහණෙනි, සාමිස සැපය කවරේද? මහණෙනි, මේ පස්කම් ගුණයෝ පස් දෙනෙකි. ඇසින් දැක්කයුතු වූ, ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. කණින් ඇසියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. නාසයෙන් ආඝ්‍රාණය කළයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. දිවෙන් රස විඳියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. කයින් දතයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. මහණෙනි, මේ පස්කම් ගුණයෝ වෙත්. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් සැපක් සොම්නසක් උපදීද මහණෙනි, මේ සාමිස සැපයයි කියනු ලැබේ.
“මහණෙනි, නිරාමිස සැපය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්‍මයන්ගෙන් වෙන්ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයිද, විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතේ එකඟබව ඇති විතර්‍කය නැති විචාරය නැති සමාධියෙන් උපන් ද්‍විතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද, ප්‍රීතියෙන් වෙන්ව උපෙක්‍ෂා සහිතව වාසය කරයිද, සිහි ඇත්තේ නුවණ ඇත්තේ සැපයක් කයින් විඳියිද, උපෙක්‍ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැප විහරණ ඇත්තෙකැයි යම් ධ්‍යානයක් පිළිබඳ ආර්‍ය්‍යයෝ කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ නිරාමිස සැයයි කියන ලදී.
“මහණෙනි, නිරාමිස සැපයෙනුත් අතිශයින් නිරාමිස සැපය කවරේද? මහණෙනි, රාගයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, ද්වේෂයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, මෝහයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවට යම් සැපක් සොම්නසක් උපදීද, මහණෙනි, මේ නිරාමිස සැපයෙනුත් අතිශයින් නිරාමිස සැපයයි කියනු ලැබේ.
“මහණෙනි, සාමිස උපෙක්‍ෂාව කවරේද? මහණෙනි, මේ පස්කම් ගුණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක්ද යත් ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ඇසින් දැක්කයුතු වූ, රූපයෝ වෙත්. කණින් ඇසියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ වෙත්. නාසයෙන් ආඝ්‍රාණය කළයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ වෙත්. දිවෙන් රස විඳියයුතුවූ ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ රසයෝ වෙත්. ඉෂ්ටවූ, කැමතිවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමය පිණිස පවත්නාවූ, ඇලුම් කටයුතුවූ, කයින් දතයුතුවූ, ස්පර්‍ශයෝ වෙත්. මහණෙනි, මේ පස්කම් ගුණයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් උපෙක්‍ෂාවක් උපදීද මහණෙනි, මේ සාමිස උපෙක්‍ෂාවයි කියන ලදී.
“මහණෙනි, නිරාමිස උපෙක්‍ෂාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සැපයාගේ ප්‍රහාණයෙන්ද, දුකඛයාගේ ප්‍රහාණයෙන්ද, පළමුව සොම්නස් දොම්නස් දෙදෙනා දුරුකිරීමෙන් සැපද නොවූ, දුක්ද නොවූ උපෙක්‍ෂාවගේ සහ ස්මෘතියගේ පිරිසිදු බව ඇති චතුර්ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ නිරාමිස උපෙක්‍ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, නිරාමිස උපෙක්‍ෂාවෙනුත් අතිශයින් නිරාමිස උපෙක්‍ෂාව කවරේද? මහණෙනි, රාගයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, ෙව්ෂයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, මෝහයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවට යම් උපෙක්‍ෂාවක් උපදීද, මහණෙනි, මේ නිරාමිස උපෙක්‍ෂාවෙනුත් අතිශයින් නිරාමිස උපෙක්‍ෂාවයයි කියනු ලැබේ.
“මහණෙනි, සාමිස විමොක්‍ෂය කවරේද? රූපයෙන් යුක්තවූ විමොක්‍ෂය සාමිස විමොක්‍ෂයයි. අරූපයෙන් යුක්තවූ විමොක්‍ෂය නිරාමිස විමොක්‍ෂයයි.
“මහණෙනි, නිරාමිස විමොක්‍ෂයෙනුත් අතිශයින් නිරාමිස විමොක්‍ෂය කවරේද? මහණෙනි, රාගයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, ෙව්ෂයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, මෝහයෙන් මිදුන සිත ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ, ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුවට යම් විමොක්‍ෂයක් උපදීද, මහණෙනි, මේ නිරාමිසයෙනුත් අතිශයින් නිරාමිසවූ විමොක්‍ෂයයි කියනු ලැබේ."
https://pitaka.lk/main?n=241134