Q. කිසිදෙයක් තමන් වසගයේ පවත්වාගන්න බෑ.. කිසිදෙයක් තමන් කැමති ලෙස පවතින්නේ නෑ.. කියන මේ සංකල්පය අනිච්ච.. දුක්ඛ අනත්ත යන ත්‍රිලක්ශනයෙහි ඇති මුල් වචන වන අනිච්ච යන වචනයේ අර්ථය බවට මම බණක ඇහුවා..
නමුත් කිසිදෙයක් තමන් වසගයේ පවත්වාගන්න බෑ... කිසිදෙයක් තමන් කැමති ලෙස පවතින්නේ නෑ.. කියන මේ සංකල්පය අනිච්ච.. දුක්ඛ අනත්ත යන ත්‍රිලක්ශනයෙහි ඇති තුන්වන වචනය වන අනත්ත හෙවත් අනාත්ම ස්වභාවය ලෙසද මා.බණ වලදී අසා මෙතෙක් කල් දැන සිටි ආකාරයයි..
ඒ අනුව කිසිදෙයක් තමන් වසගයේ පවත්වාගන්න බෑ... කිසිදෙයක් තමන් කැමති ලෙස පවතින්නේ නෑ.. කියන මේ සංකල්පය සැබෑ ලෙස.විස්තර කරන්නේ අනිච්ච... දුක්ඛ අනත්ත යන ත්‍රිලක්ශනයෙහි ඇති අනිච්ච යන වචනයෙන්ද... ? නැතිනම් අනත්ත යන වචනයෙන්ද...??
සරලවම ඇසුවොත්,
01. ත්‍රිලක්ශනයෙහි මුල් වචනයේ අර්ථය අනිත්‍ය ( ස්තීර නොවන ) යන්නද නැත්නම් කැමත්ත ඉශ්ට නොකරන.. කැමති සේ නොපවතින යන්නද..??
02. ත්‍රිලක්ශනයෙහි තුන්වන වචනයේ අර්ථය තමන් වසගයේ පවත්වාගත නොහැකි.. තමන්ගේ කැමත්ත පරිදි නොපවතින යන අර්තයෙන් අනාත්ම යන්නද... නැතිනම් අර්තයක් නෑ හරයක් නෑ කියන අර්තයෙන් අනත්ථ යන්නද...?
A. 1. ස්ථිර නොවන අර්ථය.
2. කැමැත්ත අනුව නොපවතින හා (ආත්ම) හරයක් නොමැති.
{“අනිත්‍ය” හා “අනිත්‍ය ලක්ෂණය” දෙකක්. ඒ වගේම තමයි අනිත් දෙකත්. අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නේ පංචස්කන්ධය හෝ ආයතන 12 හෝ ධාතු 18.
අනිත්‍ය ලක්ෂණ කිහිපයක් තියනවා = ඉපදිලා ජරාවට පත් වෙලා මැරෙන එක, ස්වභාවය වෙනස් වෙන එක, තප්පරයකටත් අඩු කාලයකදී ඉපදලා පැවතිලා මැරිලා යන එක, ...
දුක්ඛ ලක්ෂණ කිහිපයක් තියනවා = සියලු දුක් ඇතිවෙන තැන, උදය-ව්‍යයෙන් පෙළෙන/පීඩිත බව, පරිහරණ දුක, ...
අනත්ත ලක්ෂණ කිහිපයක් තියනවා = ආත්මයක් නොවේ, ආත්ම සාරයක්/හරයක් නොවේ, මම/සත්වයෙක්/පුද්ගලයෙක්/කරන්නෙක්/කරවන්නෙක්/විඳින්නෙක්/වින්දවන්නෙක් නොවේ, ...}
> සවිස්තරාත්මක අමතර පැහැදිලි කිරීම් පහත දැක්වේ. <
A. අනිත්‍ය = අනිත්‍ය වෙන්නේ පංචස්කන්ධය/පංචස්කන්ධයෝ යි. හටගෙන නැතිවන ක්‍රමයෙන් විනාශවෙන ස්වභාවයට පත්වන, වෙනස්වන, ඉපදී නැතිවයන, පැවති ආකාරයෙන් වෙනස් අයුරකට පත්වන ආදී බව පංචස්කන්ධයේ අනිත්‍ය ලක්ෂණ(ය) යි.
[“අනිච්‌චන්‌ති ඛන්ධපඤ්චකං. කස්මා? උප්පාදවයඤ්ඤථත්තභාවා, හුත්වා අභාවතො වා. උප්පාදවයඤ්ඤථත්තං අනිච්චලක්ඛණං හුත්වා අභාවසඞ්ඛාතො වා ආකාරවිකාරො.”]
දුක් / දුක = දුක වෙන්නේ පංචස්කන්ධය යි. පංචස්කන්ධය ඇති බව ම සියලු දුක් ඇති වීමට භූමියයි - නිතර ම උදය-ව්‍යයෙන් පීඩා ගෙන දෙන බැවින්, නොයෙක් ආකාරයේ පීඩා ගෙන දෙන ආකාරයෙන් (ඒ දෙස ගැඹුරින්) බැලූ විට සත්‍ය බැවින් ද (හුදු) පංචස්කන්ධය ම දුක කි - මේවා පංචස්කන්ධය දුකක් බව හඳුනාගැනීමට ලක්ෂණයි.
[‘‘යදනිච්‌චං තං දුක්ඛ’’න්ති වචනතො පන තදෙව ඛන්ධපඤ්චකං දුක්ඛං. කස්මා? අභිණ්හසම්පටිපීළනතො; අභිණ්හසම්පටිපීළනාකාරො දුක්‌ඛලක්‌ඛණං.]
අනාත්ම = අනාත්ම වෙන්නේ පංචස්කන්ධය යි. අනාත්මය හඳුනාගැනීමේ ලක්ෂණ නම්: වසඟයේ පැවැත්විය නොහැකි බව, යටත් නොවන බව, පාලනය කළ නොහැකි ස්වභාවය (ආකාරය) යි.
[‘‘යං දුක්ඛං තං අනත්තා’’ති පන වචනතො තදෙව ඛන්ධපඤ්චකං අනත්තා. කස්මා? අවසවත්තනතො; අවසවත්තනාකාරො අනත්‌තලක්‌ඛණං.]
A. 1. >අනිත්‍යයි< - ඉතා වේගයෙන් වෙනස් වන - “සංඛත” ධර්ම නොදැකීමෙන් “නිත්‍ය” යැයි පෙනෙන.
2. >දුකයි< - නිතර ම උදය-ව්‍යයෙන් පීඩා විඳින - “කෙලෙසුන්ට හිත” ස්පර්ශ නිසා “සැප” යැයි පෙනෙන.
3. >අනාත්මයි< - අනිත්‍ය වීම හෝ දුක් වීම හෝ (තමාට) පාලනය කළ නොහැක - “ධර්ම” නිසා (තමාට) පාලනය කළ හැක (“ආත්ම”) යැයි පෙනෙන.
4. >අශුභයි< - “පැහැ-සටහන” තදින් ගැනීම නිසා “ශුභයි” යැයි පෙනෙන.
5. >මගේ නොවේ< - “තණ්හාව” නිසා “මාගේ” යැයි සිතෙන.
6. >මම නොවෙයි< - “මානය” නිසා “මම” යැයි සිතෙන.
7. >මගේ ආත්මය නොවෙයි< - “දිට්ඨිය” නිසා “මගේ ආත්මය” යැයි දකින.
8. >සත්ත්වයෙක් නොවෙයි< - “දිට්ඨිය” නිසා “සත්ත්වයෙක්” යැයි දකින.
9. >පුද්ගලයෙක් නොවේ< - “දිට්ඨිය” නිසා “පුද්ගලයෙක්” යැයි දකින.
10. >මම නොවේ< - “දිට්ඨිය” නිසා “මම” යැයි දකින.
>මෙනෙහි කළ යුතු කොටස<
- එක් අර්ථයක් හා/හෝ සත්‍ය නොදැකීමට හේතුව කුඩා පැහැදිලි කිරීමක්.
“දිට්ඨිය” = මිත්‍යා දෘෂ්ටිය = සක්කාය දෘෂ්ටිය.
[සැ: යු: ඉහත සියලු ම ලක්ෂණ (ගති ස්වභාව) “පංචස්කන්ධය” සම්බන්ධයෙන් ය - උදා: 1. අනිත්‍යයි = අනිත්‍ය වෙන්නේ පංචස්කන්ධය යි .... 10. මම නොවේ = මම නොවන්නේ පංචස්කන්ධය යි, ලෙසිනි.
වචන භාවිතා කිරීමේ දී / මෙනෙහි කිරීමේ දී ඒවායේ අර්ථය සමඟ භාවිතා කිරීම අත්‍යවශ්‍ය බැවින්, ඒ ඒ වචනයට එක් අර්ථයක් හා/හෝ සත්‍ය නොදැකීමට හේතුව කුඩා පැහැදිලි කිරීමක් බැගින් හෝ ලබා දී ඇති අතර,
වචනයකට අර්ථ කිහිපයක් ම දැක්විය හැක. උදා: 2. දුකයි = සියලුම දුක් ඇතිවන තැන; පරිහරණයේ දුක්; ආරක්ෂා කිරීමට වන දුක් ආදිය 3. අනාත්මයි = කරන්නෙක් නොවේ; විඳින්නෙක් නොවේ; ස්ථිර බලයක්/බලවේගයක් නොවේ; කෙනෙක් නොවේ ආදිය.
වචනයක සම්පූර්ණ අර්ථය සිතට හසු වීමට “සිතේ ප්‍රභාශ්වර භාවය”, “දහම් දැනුමේ” ප්‍රමාණය, “චරිත ස්වභාවය” ආදිය බලපායි.]
{"මම" යැයි සිතෙන්නට “මානය” හෝ “දිට්ඨිය” (6. හෝ 10.) යෙදිය යුතු බව පැහැදිලි විය යුතු ය.}
{3. සඳහා ද 7. 8. 9. 10. සඳහා දී ඇති අරුත් භාවිතා කළ හැක.}
{“දිට්ඨිය” = මිත්‍යා දෘෂ්ටිය = සක්කාය දෘෂ්ටිය, ඉහත බොහෝ මනසිකාරයන් තුළිං පහව යන බව ද පැහැදිලි විය යුතු ය.}
A. 1. “ස්වාමීනි, ‘දුක, දුකය යි’ කියනු ලැබේ. ස්වාමීනි, දුක නම් කවරේද?”
“රාධය, රූපය දුක නම් වේ. වේදනාව දුක නම් වේ. සංඥාව දුක නම් වේ. සංස්කාරයෝ දුක නම් වේ. විඤ්ඤාණය දුක නම් වේ.
[‘‘දුක්ඛං, දුක්ඛ’න්ති, භන්තෙ, වුච්චති. කතමං නු ඛො, භන්තෙ, දුක්ඛ’’න්ති? ‘‘රූපං ඛො, රාධ, දුක්ඛං, වෙදනා දුක්ඛා, සඤ්ඤා දුක්ඛා, සඞ්ඛාරා දුක්ඛා, විඤ්ඤාණං දුක්ඛං. එවං පස්සං...පෙ.... නාපරං ඉත්ථත්තායාති පජානාතී’’ති.]
https://pitaka.lk/main?n=231119
“යමක් අනිත්‍ය නම් එය දුකකි” යනු පංචස්කන්ධය අනිත්‍ය බැවින් එය දුකක් බව යි. පංචස්කන්ධය අනිත්‍ය බැවින් එය දුක කි. පංචස්කන්ධය ඇති බව ම සියලු දුක් ඇති වීමට භූමියයි - නිතර ම නොයෙක් ආකාරයේ පීඩා ගෙන දෙන බැවින්, නොයෙක් ආකාරයේ පීඩා ගෙන දෙන ආකාරයෙන් (ඒ දෙස ගැඹුරින්) බැලූ විට සත්‍ය බැවින් ද (හුදු) පංචස්කන්ධය ම දුක කි - මේවා පංචස්කන්ධය දුකක් බව හඳුනාගැනීමට ලක්ෂණයි.

අනිත්‍ය සියල්ල බයෙන් වෙළී පවතින බැවින් දුක වේ. “භයාර්‍ථයෙන් දුක වේ. ‘මම විනාශ වෙමි’ ‘මා සතු දෙය විනාශ වේය’ යි සිතන්නා වූ අප්‍රහීණ කෙලෙස් ඇත්තහුට භය උපදී. සීහොපම සූත්‍රය දෙසූ කල දෙවියන්ට ද භය උපන්නාක් මෙනි. (යමක් අනිත්‍ය නම් එය භය සහිත බැවින් දුක් වේ.)”
[දුක්ඛං භයට්ඨෙනාති සප්පටිභයතාය දුක්ඛං. යඤ්හි අනිච්චං, තං භයාවහං හොති සීහොපමසුත්තෙ දෙවානං විය.]
https://pitaka.lk/main?n=231093
යමක් අනිත්‍ය නම් පෙළන (පිඩා උපදවන) අරුතින් දුකය. උපන් යමක් වේ නම් (ඉපදීමෙන් නොනැවතී) පැවැත්මට (ස්ථිතියට) පැමිණේ, පැවැත්ම ජරාවට (දිරීමට / වයසට යෑමට) පත් වේ, ජරාවට පැමිණ නිසැකව ම බිදේ (මැරේ / විනාශ වේ); එබැවින් නිතර නිතර නොයෙක් ආකාරයේ පීඩා ගෙන දෙන (පෙළන) බැවින්, දුක් සහිත බැවින්, දුක ඉපදීමට උපකාරක ස්ථානයක් බැවින්, සැප පලවාහරින (සැප ඇතීවීම වලක්වන්න) බැවින් යන කාරණා හතර ඇති නිසාවෙන් “දුකය”.
[තදෙව පටිපීළනට්‌ඨෙන දුක්‌ඛං. යස්‌මා වා එතං උප්‌පන්‌නං ඨිතිං පාපුණාති, ඨිතියං ජරාය කිලමති, ජරං පත්‌වා අවස්‌සං භිජ්‌ජති; තස්‌මා අභිණ්‌හසම්‌පටිපීළනතො, දුක්‌ඛමතො, දුක්‌ඛවත්‌ථුතො, සුඛපටික්‌ඛෙපතොති ඉමෙහි චතූහි කාරණෙහි දුක්‌ඛං.]
තව ද, “යමක් අනිත්‍ය නම් එය දුකකි” යනුවෙන් එහි “දුක” කොටස් දෙකකට දාර්ශනිකව බෙදා දැක්විය හැක.
I. ඉන්ද්‍රිය බද්ධ දුක.
II. ඉන්ද්‍රිය බද්ධ නොවන දුක.
ඒ අනුව,
I. සියලුම අධ්‍යාත්මික දේ දුකට වස්තු විෂය වන බැවින් ද,
II. සියලුම බාහිර දේ ද ඇතිව (උදය) නැතිව (ව්‍යය) යන ස්වභාවයට යටත්ව පීඩිතව (පෙළෙමින්) පවතින බැවින් ද දුක වේ.
එබැවින් ලොව ඇති සවිඥානික අවිඥානික සියලු දේ අනිත්‍ය බැවින් දුක් වේ .
[තත්‌ථ දුවිධං දුක්‌ඛං – ඉන්‌ද්‍රියබද්‌ධං, අනින්‌ද්‍රියබද්‌ධඤ්‌ච. ඉන්‌ද්‍රියබද්‌ධං දුක්‌ඛවත්‌ථුතාය දුක්‌ඛං, අනින්‌ද්‍රියබද්‌ධං උදයබ්‌බයපටිපීළනට්‌ඨෙන ‘‘යදනිච්‌චං තං දුක්ඛ’’න්‌ති සඞ්‌ගහිතත්‌තා දුක්‌ඛං.]
A. සරලව ම,
[“ආත්මය” යන පදය හොඳින් වටහා ගැනීමට එහි විරුද්ධ පදයවන “අනාත්මය” යන පදය බෙහෙවින් ම ඉවහල් වේ - ඒ අනුව (1. හි මෙන්) ගලපා ගන්න.]
1. “ආත්ම(ය)” යනු, තමාට පාලනය කළ (වසඟයේ පැවැත්විය) හැකි බව යි.
[“අනාත්ම(ය)” යනු, තමාට පාලනය කළ (වසඟයේ පැවැත්විය) නො හැකි බව යි.]
උදාහරණයක් - “අනාත්ම ලක්ඛණ සූත්‍රය” - https://pitaka.lk/main?n=231074
2. “ආත්ම(ය)” යනු, පංචස්කන්ධය ම (හෝ ඉන් එකක් හෝ කිහිපයක් හෝ) ‘මම’ (තමා හෝ සතෙකු / පුද්ගලයෙකු / කෙනෙකු) ලෙස නොයෙක් (උපරිමය විසි) ආකාරයෙන් වැරදියට සිතාගෙන සිටීම (ජීවත්වීම) ය.
උදාහරණයක් - “විසි ආකාර සක්කාය දිට්ඨිය” – https://pitaka.lk/main?n=541060 – (https://pitaka.lk/main?n=541062)
3. “ආත්ම(ය)” යනු, පංචස්කන්ධය (ධාතු / ආයතන / සංඛත පරමාර්ථ / හේතු-ඵල ආදී ක්‍රියාවලි) හැර, වෙනත් (ක්‍රියාකාරී) බලයක් හෝ බලවේගයක් තිබෙන බව වැරදියට සිතාගෙන සිටීම (ජීවත්වීම) ය.
උදාහරණයක් - “දිට්ඨි කතා” – https://pitaka.lk/main?n=54102&p=123
(“සලායතන සංයුක්තය” - https://pitaka.lk/main?n=24100)
A. මෙය විභජනය කළයුතු ප්‍රශ්නයකි. “අනාත්මය” ලෙස නොයෙක් තැන නොයෙක් සමාන අරුතින් යෙදේ. “අසාරය” යන අරුතින් ද යෙදේ.
‘‘අනත්‌තා අසාරකට්‌ඨෙනා’’
https://pitaka.lk/main?n=541011&p=31
“අසාරය” යනුවෙන් අදහස් කරනුයේ : තමාට වසඟ වූවෙක් ඇතැයි ද, කරන්නෙක් ඇතැයි ද, විඳින්නෙක් ඇතැයි ද, තමහට වසග වන සුලුය යි ද, මෙසේ පරිකල්පනය කරන (සිතින් සිතන) ලද ආත්ම සාරයක් නැති බැවින් යුක්ත බවයි.
“අනත්තා අසාරකට්ඨෙනාති “අත්තා නිවාසී කාරකොවෙදකො සයංවසී”ති එවං පරිකප්පිතස්ස අත්තසාරස්ස අභාවෙන අනත්තා.”
තමා විසින් හෝ ආත්මයක් විසින් හෝ කරන-විඳින ස්වභාවයක් නැති බැවින් අනාත්ම වේ.
“අනත්තාති නත්ථි එතෙසං අත්තා කාරකවෙදකසභාවො, සයං වා න අත්තාති අනත්තාති.”
අනාත්මය හඳුනාගැනීමේ ලක්ෂණ නම්: වසඟයේ පැවැත්විය නොහැකි බව, යටත් නොවන බව, පාලනය කළ නොහැකි ස්වභාවය (ආකාරය) යි.
“අවසවත්‌තනතො, අවසවත්තනාකාරො අනත්‌තලක්‌ඛණං.”
https://pitaka.lk/main?n=231074
අනාත්ම යැයි ගැනෙන්නේ පංචස්ඛන්ධය ද වේ - “ඛන්‌ධපඤ්‌චකං අනත්‌තා.”
“අනත්‌තා, අනත්‌තා’ති, භන්‌තෙ, වුච්‌චති. කතමො නු ඛො, භන්‌තෙ, අනත්‌තා’’ති? ‘‘රූපං ඛො, රාධ, අනත්‌තා, වෙදනා අනත්‌තා, සඤ්‌ඤා අනත්‌තා, සඞ්‌ඛාරා අනත්‌තා, විඤ්‌ඤාණං අනත්‌තා. එවං පස්සං…පෙ.… නාපරං ඉත්ථත්තායාති පජානාතී’’
https://pitaka.lk/main?n=231121
අනාත්ම යැයි ගැනෙන්නේ ද්වාදසායතන ද වේ; අටළොස් ධතූහු ද වෙත්.
{අනාත්මය හඳුනාගැනීමේ ලක්ෂණ නම් ඉහත කී අයුරෙනි [වසඟයේ පැවැත්විය නොහැකි බව, යටත් නොවන බව, පාලනය කළ නොහැකි ස්වභාවය (ආකාරය) යි.].}
“අඤ්‌ඤදෙව අනිච්චං දුක්ඛං අනත්තා, අඤ්ඤානි අනිච්චදුක්ඛානත්තලක්ඛණානි. පඤ්චක්ඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයොති ඉදඤ්හි සබ්බම්පි අනිච්චං දුක්ඛං අනත්තා නාම. වුත්තප්පකාරාකාරවිකාරා අනිච්‌චදුක්‌ඛානත්‌තලක්‌ඛණානීති.”
මෙසේ නොයෙක් ආකාරයෙන් “අනාත්ම” වූ පංචස්ඛන්ධය “ආත්මය” හෝ “තමා / මම” වශයෙන් ගැනීම “(විසි ආකාර) සක්කාය දෘෂ්ටිය” හෝ “(විපරීත සංඥා හතරින්) ආත්ම සංඥාව” නම් වේ.
“රූපං අත්‌තතො සමනුපස්‌සතීති ඉධෙකච්‌චො රූපං අත්‌තතො සමනුපස්‌සති – ‘යං රූපං සො අහං, යො අහං තං රූප’න්‌ති රූපඤ්‌ච අත්‌තානඤ්‌ච අද්‌වයං සමනුපස්‌සති. ‘‘සෙය්‍යථාපි නාම තෙලප්‌පදීපස්‌ස ඣායතො යා අච්‌චි සො වණ්‌ණො, යො වණ්‌ණො සා අච්‌චීති අච්‌චිඤ්‌ච වණ්‌ණඤ්‌ච අද්‌වයං සමනුපස්‌සති,’’ එවමෙව ඉධෙකච්‌චො රූපං අත්‌තතො සමනුපස්‌සතීති එවං රූපං අත්‌තාති දිට්‌ඨිපස්‌සනාය පස්‌සති. රූපවන්‌තං වා අත්‌තානන්‌ති ‘අරූපං අත්‌තා’ති ගහෙත්‌වා, ඡායාවන්‌තං රුක්‌ඛං විය, තං රූපවන්‌තං සමනුපස්‌සති. අත්‌තනි වා රූපන්‌ති ‘අරූපමෙව අත්‌තා’ති ගහෙත්‌වා, පුප්‌ඵම්‌හි ගන්‌ධං විය, අත්‌තනි රූපං සමනුපස්‌සති. රූපස්‌මිං වා අත්‌තානන්‌ති ‘අරූපමෙව අත්‌තා’ති ගහෙත්‌වා, කරණ්‌ඩකෙ මණිං විය, අත්‌තානං රූපස්‌මිං සමනුපස්‌සති. වෙදනාදීසුපි එසෙව නයො.”
හේතු-ඵල දහම අනුව සිදුවන දෑ වෙත තමා / මම / ආත්මය යැයි එළඹීම “ආත්ම සංඥාව” වේ; ආත්ම සංඥාවට අසාන්න ම හේතුව තමා / මම යැයි ගැනීමයි.
“ධම්මෙසු උපගමනලක්ඛණා අත්තසඤ්ඤා ¶, තස්සා අහඞ්කාරො පදට්ඨානං.”
https://pitaka.lk/main?n=29149
https://pitaka.lk/main?n=54108
{පාළි පරිවර්තන අවශ්‍ය පරිදි මෙන් ම අපගේ ද දැනුම / අදහස පරිදි බැවින්, සදොස් තැනක් ඇතොත් කරුණාකර පෙන්වාදෙන්න.}
A. 1. කෙසේ රූපය ආත්මය වශයෙන් දකියිද? …. යම්සේ දල්වන ලද තෙල් පහනේ යමක් සිළුවද එය වර්ණය වෙයි. යමක් වර්ණයද එය සිළුව වේයයි, සිළුවද වර්ණයද එක්කොට දකියිද එසේම මේ ලොකයෙහි ඇතමෙක් (රූපය ද) වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.
2. කෙසේ රූපය ඇතියකු ආත්මය වශයෙන් දක්නේද? යම්සේ ඡායාවෙන් යුත් රුකක් වෙයිද, ඊට එක් පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ රුකය මේ ඡායාවය රුක අනිකකි, ඡායාව අනිකකි. ඒ මේ රුක වනාහි මේ ඡායාවෙන් ඡායා සහිතයයි ඡායාව ඇති රුකක් දක්නේද. එසේම ලොව ඇතමෙක් (රූපය ද) වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.
3. කෙසේ නම් ආත්මය කෙරෙහි රූපය ඇත්තේයයි දක්නේද? යම්සේ සුවඳ ඇති මලක් වන්නේද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ මලය මේ සුවඳය මල අනිකකි, සුවඳ අනිකකි. ඒ සුවඳ මේ මලෙහි වන්නේයයි මලෙහි සුවඳ ඇතැයි දකියිද එමෙන් ලොකයෙහි ඇතමෙක් (රූපය ද) වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.
4. කෙසේ රූපය කෙරෙහි ආත්මය ඇත්තේයයි දක්නේද? යම්සේ මැණිකක් කරඬුවෙහි දමන ලද්දේ වෙයිද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. ‘මේ මැණිකය’ මේ කරඬුවය. මැණික අනිකකි. කරඬුව අනිකකි. ඒ මේ මැණික වනාහි මේ කරඬුවෙහි ඇතැයි කරඬුවෙහි මැණික දක්නේද, එමෙන් මේ ලොකයෙහි ඇතැමෙක් (රූපය ද) වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.”
A. “දැඩිව වරදවා ගැනීම දිට්ඨි නමි. වරදවා දැඩි කොට අල්වාගැනීම සත්‍යයට විරුද්ධව ගැනීම දිට්ඨි නමි. සක්කාය දිට්ඨියෙන් කිනම් විසි ආකාරයකින් දැඩිකොට ගැනීම වෙයිද?
කෙසේ රූපය ආත්මය වශයෙන් දකියිද? …. යම්සේ දල්වන ලද තෙල් පහනේ යමක් සිළුවද එය වර්ණය වෙයි. යමක් වර්ණයද එය සිළුව වේයයි සිළුවද වර්ණයද එක්කොට දකියිද එසේම මේ ලොකයෙහි ඇතමෙක් වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.
කෙසේ රූපය ඇතියකු ආත්මය වශයෙන් දක්නේද? යම්සේ ඡායාවෙන් යුත් රුකක් වෙයිද, ඊට එක් පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ රුකය මේ ඡායාවය රුක අනිකකි, ඡායාව අනිකකි. ඒ මේ රුක වනාහි මේ ඡායාවෙන් ඡායා සහිතයයි ඡායාව ඇති රුකක් දක්නේද. එසේම ලොව ඇතමෙක් වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.
කෙසේ නම් ආත්මය කෙරෙහි රූපය ඇත්තේයයි දක්නේද? යම්සේ සුවඳ ඇති මලක් වන්නේද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ මලය මේ සුවඳය මල අනිකකි, සුවඳ අනිකකි. ඒ සුවඳ මේ මලෙහි වන්නේයයි මලෙහි සුවඳ ඇතැයි දකියිද එමෙන් ලොකයෙහි ඇතමෙක් වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.
කෙසේ රූපය කෙරෙහි ආත්මය ඇත්තේයයි දක්නේද? යම්සේ මැණිකක් කරඬුවෙහි දමන ලද්දේ වෙයිද, ඊට පුරුෂයෙක් මෙසේ කියන්නේය. ‘මේ මැණිකය’ මේ කරඬුවය. මැණික අනිකකි. කරඬුව අනිකකි. ඒ මේ මැණික වනාහි මේ කරඬුවෙහි ඇතැයි කරඬුවෙහි මැණික දක්නේද, එමෙන් මේ ලොකයෙහි ඇතැමෙක් වෙදනාවද සඤ්ඤාවද සංඛාරයන්ද විඤ්ඤාණයද, ආත්මය වශයෙන් දකියි.”
https://pitaka.lk/main?n=54102 > https://pitaka.lk/main?n=541062 > …
"තත්ථ අනිච්චතො වවත්ථපෙතීතිආදිකො පඨමො ලක්ඛණවවත්ථාපනවාරො. අනිච්චං ඛයට්ඨෙනාතිආදිකො දුතියො හෙතුවාරො ලක්ඛණානං හෙතුකිත්තනතො. අනිච්චං සඞ්ඛතන්තිආදිකො පන හෙතුපතිට්ඨාපනවාරො ¶ පාකටභාවසල්ලක්ඛණතො. ඛයට්ඨෙනාති හි ඛයසභාවතො යස්මා රූපං ඛයසභාවං උප්පජ්ජිත්වා ඛයං වයං භෙදං ගච්ඡති, තස්මා අනිච්චන්ති අත්ථො. භයට්ඨෙනාති භායිතබ්බභාවතො යස්මා රූපං පභඞ්ගුරතාය භයානකං, තස්මා දුක්ඛන්ති. තෙනාහ භගවා “යදනිච්චං, තං දුක්ඛ”න්ති (සං• නි• 30.15, 45, 46, 76, 85; 2.4.14; පටි• ම• 2.10). අසාරකට්ඨෙනාති අසාරකභාවතො, අත්තසාරවිරහතොති අත්ථො. තතියවාරෙ පන “රූපං අනිච්ච”න්ති වත්වා තස්ස හෙතුං පතිට්ඨාපෙතුං “සඞ්ඛත”න්තිආදි වුත්තං. යස්මා සමෙච්ච සම්භූය පච්චයෙහි කතං, අනුරූපෙ ච පච්චයෙ පටිච්ච, න විනා තෙහි සමං, සම්මා ච උප්පන්නං, තස්මා ඛයවයවිරාගනිරොධධම්මන්ති. න හි පච්චයනිබ්බත්තං අනිරුජ්ඣනකං නාම අත්ථි. තෙනාහ භගවා “යං තං රූපං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං, තං වත මා පලුජ්ජීති නෙතං ඨානං විජ්ජතී”ති (සං• නි• 5.379). එතෙන අනිච්චා පථවීධාතු පච්චයනිබ්බත්තත්තා තදඤ්ඤං පච්චයනිබ්බත්තං වියාති දස්සෙති. එස නයො සෙසධම්මෙසුපි."
https://tipitaka.app/?a=pd8-8-si
"එත්ථ ¶ ච අනිච්චං, අනිච්චලක්ඛණං, දුක්ඛං, දුක්ඛලක්ඛණං, අනත්තා, අනත්තලක්ඛණන්ති අයං විභාගො වෙදිතබ්බො. තත්ථ අනිච්චන්ති ඛන්ධපඤ්චකං. කස්මා? උප්පාදවයඤ්ඤථත්තභාවා ¶, හුත්වා අභාවතො වා. උප්පාදවයඤ්ඤථත්තං අනිච්චලක්ඛණං හුත්වා අභාවසඞ්ඛාතො වා ආකාරවිකාරො.
“යදනිච්චං තං දුක්ඛ”න්ති (සං• නි• 3.15) වචනතො පන තදෙව ඛන්ධපඤ්චකං දුක්ඛං. කස්මා? අභිණ්හපටිපීළනා, අභිණ්හපටිපීළනාකාරො දුක්ඛලක්ඛණං.
“යං දුක්ඛං තදනත්තා”ති (සං• නි• 3.15) පන වචනතො තදෙව ඛන්ධපඤ්චකං අනත්තා. කස්මා? අවසවත්තනතො, අවසවත්තනාකාරො අනත්තලක්ඛණං."
https://tipitaka.app/?a=pb9-6-si
"එත්ථ ච අනිච්චං අනිච්චලක්ඛණං, දුක්ඛං දුක්ඛලක්ඛණං, අනත්තා අනත්තලක්ඛණන්ති අයං විභාගො වෙදිතබ්බො. තත්ථ අනිච්චන්ති ඛන්ධපඤ්චකං. කස්මා? උප්පාදවයඤ්ඤථත්තභාවා, හුත්වා අභාවතො වා; උප්පාදවයඤ්ඤථත්තං අනිච්චලක්ඛණං, හුත්වා අභාවසඞ්ඛාතො ආකාරවිකාරො වා. “යදනිච්චං තං දුක්ඛ”න්ති වචනතො පන තදෙව ඛන්ධපඤ්චකං දුක්ඛං. කස්මා? අභිණ්හසම්පටිපීළනතො; අභිණ්හසම්පටිපීළනාකාරො දුක්ඛලක්ඛණං. “යං ¶ දුක්ඛං තං අනත්තා”ති පන වචනතො තදෙව ඛන්ධපඤ්චකං අනත්තා. කස්මා? අවසවත්තනතො; අවසවත්තනාකාරො අනත්තලක්ඛණං. ඉති අඤ්ඤදෙව අනිච්චං දුක්ඛං අනත්තා, අඤ්ඤානි අනිච්චදුක්ඛානත්තලක්ඛණානි. පඤ්චක්ඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයොති ඉදඤ්හි සබ්බම්පි අනිච්චං දුක්ඛං අනත්තා නාම. වුත්තප්පකාරාකාරවිකාරා අනිච්චදුක්ඛානත්තලක්ඛණානීති."
https://tipitaka.app/?a=4b1-3-si

"අභිනිවෙසොති විපස්සනාභිනිවෙසො විපස්සනාපටිපත්ති. තදාරම්මණෙති තං රූපක්ඛන්ධං ආරම්මණං කත්වා පවත්තෙ. යාථාවසරසලක්ඛණං වවත්ථපෙත්වාති අවිපරීතං අත්තනො ආරම්මණං සභාවච්ඡෙදනාදිකිච්චඤ්චෙව අඤ්ඤාණාදිලක්ඛණඤ්ච අසඞ්කරතො හදයෙ ඨපෙත්වා. ඉමිනා පුබ්බෙ නාමරූපපරිච්ඡෙදෙ කතෙපි ධම්මානං සලක්ඛණවවත්ථාපනං පච්චයපරිග්ගහෙන සුවවත්ථාපිතං නාම හොතීති දස්සෙති යථා “ද්වික්ඛත්තුං බද්ධං සුබද්ධ”න්ති. එවඤ්හි ඤාතපරිඤ්ඤාය කිච්චං සිද්ධං නාම ¶ හොති. පච්චයතො පච්චයුප්පන්නතො ච වවත්ථාපිතත්තා පාකටභාවෙන සිද්ධෙනපි සිද්ධභාවො පාකටො හොතීති වුත්තං “අහුත්වා හොන්තී”ති. අනිච්චලක්ඛණං ආරොපෙතීති අසතො හි ¶ උප්පාදෙන භවිතබ්බං, න සතො, උප්පාදවන්තතො ච නෙසං එකන්තෙන ඉච්ඡිතබ්බා පච්චයායත්තවුත්තිභාවතො, සති උප්පාදෙ අවස්සංභාවී නිරොධොති නත්ථෙව නිච්චතාවකාසොති. සූපට්ඨිතානිච්චතාය ච උදයබ්බයධම්මෙහි අභිණ්හපටිපීළනතො දුක්ඛමනට්ඨෙන දුක්ඛං. තෙනාහ “උදයබ්බයපටිපීළිතත්තා දුක්ඛාති දුක්ඛලක්ඛණං ආරොපෙතී”ති. කත්ථචිපි සඞ්ඛාරගතෙ “මා ජීරි මා බ්‍යාධියී”ති අලබ්භනතො නත්ථි වසවත්තනන්ති ආහ “අවසවත්තනතො අනත්තාති අනත්තලක්ඛණං ආරොපෙතී”ති. පටිපාටියාති උදයබ්බයඤාණාදිපරම්පරාය."