656 - පිංකං ද? ගොංකං ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සමහර දෙවල් තියෙනවා නෙද අපි පිං කියලා කරාට පිං නැහැ කියලා . එ මොනවාද කියලා කියන්න පුලුවන් ද ?

A / R. “වඤ්චක ධර්මයන්ට රැවටී අගුණය ම ගුණය යි වරදවා ගෙන තමන් ගේ සන්තානයෙහි ඒවා වැඩි වැඩියෙන් ඇතිකර ගන්නෝ ද, පින් යයි වරදවා ගෙන ඇතැම් පව්කම් කරන්නෝ ද, සගමොක් මග යයි රැවටී අපාමගට බසින්නෝ ද ලෝකයෙහි බොහෝ ය. ඒ බව තේරුම් ගත හැකි වන්නේ වඤ්චක ධර්ම දැන උගෙන නුවණින් ලෝකය දෙස බලන්නවුන්ට ය. උගතා පවා නො මග යවන බැවින් ද වඤ්චක ධර්මයෝ මහානර්ථකරයහ.

පින් පව් නියම වශයෙන් හැඳින, තමන් ගේ සිත පිරිසිදු කර ගැනීමට හා තමන් ගේ ක්‍රියා පිරිසිදු කර ගැනීමට ද ඇත්තා වූ එකම උපාය වඤ්චක ධර්මයන් පිළිබඳ මනා දැනුමක් ඇති කර ගැනීමය. විශේෂයෙන්ම පරලොව යහපත සඳහා තම තමන් විසින් කරගන්නා පින් පිරිසිදුව කරගත හැකිවීමට වඤ්චක ධර්මයන් පිළිබඳ දැනුම තිබිය යුතුය. පැවිද්දන්ට හා ගුරුවරුන්ටත් අන්‍ය අනුශාසකයන්ටත් විශේෂයෙන් ඒ දැනුම තිබිය යුතුය.”

[පහත සබැඳියෙන් ගොස් වැඩිදුර දිගටම කියවන්න!]
https://pitaka.lk/books/wanchaka-dharma/index.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll