[Watch in 4K — Recommended Resolution.]


20. ඉහළ ම පින / කුසලය කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. Ihala ma Pina Kusalaya Kumak da?

A. අනිත්‍ය සංඥාව වඩන්න.

" ... යමෙක් අසුරු සණක් ගසන පමණ කාලයකුදු අනිත්‍ය සංඥාව වඩන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේයයි වදාළ සේක.’’

# "අනිච්චසඤ්ඤං යනු මාර්‍ගයට අනන්තර (අනතුරු) ප්‍රත්‍යය භාවයෙන් මුදුන්පත් බලවත් විදර්‍ශනාවයි."

(වෙලාමසුත්තවණ්ණනා - "අනිච්චසඤ්ඤන්ති මග්ගස්ස අනන්තරපච්චයභාවෙනසිඛාපත්තබලවවිපස්සනං." - https://tipitaka.app/?a=ii1-21-si)

{"අනිච්චසඤ්ඤන්ති අනිච්චානුපස්සනායසහජාතසඤ්ඤං." - https://tipitaka.app/?a=gb1-53-si
"අනිච්චසඤ්ඤන්ති එත්ථ අනිච්චං ඛන්ධපඤ්චකංඋප්පාදවයඤ්ඤථත්තභාවතො, හුත්වා අභාවතො වා, තස්මිං අනිච්චෙ ඛන්ධපඤ්චකෙ අනිච්චන්ති උප්පජ්ජමානාඅනිච්චලක්ඛණපරිග්ගාහිකා සඤ්ඤා අනිච්චසඤ්ඤා." - https://tipitaka.app/?a=na18-126-si}

# "6–17. එහි අනිත්‍යසංඥා කවර යත් : "සියලු සංස්කාරයෝ උත්පාදනය හා විනාශය ස්වභාව කොට ඇත්තාහ'යි යම් සංඥාවක් සංජානනාකාරයෙක් නිශ්චය කිරීමෙක් ගැනීමෙක් වේ ද මේ අනිත්‍යසංඥා යි. එහි නිෂ්‍යන්ද (ඵලය) කවරැ : අනිත්‍යසංඥාව වැඩූ කල්හි බහුලීකෘත කල්හි අටලෝදහම්හි සිත නො බැඳෙයි. නො සිටී නො පිහිටයි. උපෙක්ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ පිහිටයි. මේ ඒ අනිත්‍ය සංඥාවගේ නිෂ්‍යන්ද යි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll