526. සීයට සීයක් ම කල්‍යාණ මිත්‍රයන් මත ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආනන්ද ස්වාමින්වහන්සේ විමසනවා, ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස සම්බුද්ධ ශාසනය 50% ක් පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් මත නේද කියලා. එවිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සම්බුද්ධ ශාසනය 100% ක් පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් මත බව. මෙය සදහන් සූත්‍රය කුමක්ද?

A / R. “... මම එක් වතාවකදී, ශාක්‍ය ජනපදයේ ශාක්‍ය රජ දරුවන්ගේ නාගරක නම් නියම් ගම්හි වාසය කරමි. මහරජ, එවිට ආනන්‍ද භික්‍ෂු මා යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත්පස්ව හිඳ ආනන්‍ද භික්‍ෂුව මෙසේ කීයේය. ’ස්වාමීනි, යහපත් මිතුරන් ඇති බව යහපත් යහළුවන් ඇතිබව යහපතට නැමුනු බව මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් බාගයක්සේ සලකමි’ යි.’’

මහරජ, මෙසේ කියනු ලැබූ මම, ආනන්‍ද භික්‍ෂුවට මෙය කීමි. ’’ ආනන්‍දය මෙසේ නොකියව, ආනන්‍දය මෙසේ නොකියව, ආනන්‍දය මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව එහෙම පිටින්ම යහපත් මිතුරන් ඇති බවය, යහපත් යහළුවන් ඇති බවය, යහපතට නැමුණු බවය, යහපත් මිතුරන් ඇත්තා, යහපත් යහළුවන් ඇත්තා, යහපතට නැමුණු තැනැත්තා ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගය භාවනා වශයෙන් වඩන්නේය. නැවත නැවත බහුල වශයෙන් සිත් සතන්හි පුරුදු කරන්නේය. ...”
https://pitaka.lk/main?n=211221

{‘‘එවං වුත්තාහං, මහාරාජ, ආනන්දං භික්ඛුං එතදවොචං - ‘මා හෙවං, ආනන්ද, මා හෙවං, ආනන්ද! සකලමෙව හිදං, ආනන්ද, බ්‍රහ්මචරියං - යදිදං කල්‍යාණමිත්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්පවඞ්කතා. කල්‍යාණමිත්තස්සෙතං, ආනන්ද, භික්ඛුනො පාටිකඞ්ඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ්කස්ස අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති’’’}


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll