321. එක් ක්ෂණික පටිච්චසමුප්පාදය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පටිච්චසමුප්පාදාදී ධර්මතා ක්‍රියාත්මක වී අවසානය වීමට ගත වන කාලය එකම එක චිත්තක්ෂණයක් පැවතී අවසන් වීමට ගතවන කාලය හා සමාන ද?

A / R. (පෞද්ගලික අදහසයි) පටිච්චසමුප්පාදය,
1. ක්ෂණයක් පාසා ම,
2. භවයක් පාසා ම, ක්‍රියාත්මක වන ධර්මතාවයකි (ධර්මතා සමූහයකි).

1. ඕනෑම භවයක, ඕනෑම කාලයක, ක්ෂණයක් පාසා ම.
2. අතීත-වර්තමාන-අනාගත භව යා කිරීම් වශයෙන්.

(මම නැවත ද කියමි - මෙය මාගේ පෞද්ගලික අදහසයි)

“ස්වාමීන්වහන්ස, මේ (පටිච්ච සමුප්පාදය) හෙතු ඵල දෙශනාව පමණ ඉක්මවා ගැඹුරුවේද හෙවත් ඉතා ගැඹුරු වේද ගැඹුරු දැකුම් ඇත්තේ වේද ස්වාමීන් වහන්ස, ඒ කාරණය පුදුමයි. ස්වාමීන් වහන්ස, ඒ කාරණය ඉතා පුදුමයි. එසේ නමුත් මට නොගැඹුරුවූවක් මෙන් පහසුවූවක් මෙන් වැටහේය”

“ආනන්දය, එසේ නොකියව. ආනන්දය, එසේ නොකියව ආනන්දය, මේ (පටිච්ච සමුප්පාදය) හේතු ඵල ධර්මය ගැඹුරු වෙයි. ගැඹුරු දැකුම් ඇත්තේද වෙයි. ආනන්දය, මේ ධර්මය නොදැනීම හේතුකොට ගෙන, හොඳින් අවබොධ නොකිරීම හේතුකොටගෙන මේ සත්ව සමූහයා මීයන් විසින් කපා අවුල් කර දමනලද රෙදි වියන්නන්ගේ නූල් කැටියක් මෙන් අවුල්වී, කුරුළු කූඩුවක් මෙන් ගෙතී, තණ බිස්සක් මෙන් පැටලී සැපයෙන් පහවූ බැවින් අපාය නම්වූ නපුරු ගති ඇත්තාවූ දුක් ඇත්තාවූ සසර නොයික්මවයි.”
https://pitaka.lk/?node=16111&coll=cs,aps


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll