Q. 1. ගරුක කර්ම (කුසල - ධ්‍යාන සිත්, අකුසල - ආනන්තර්ය පාපකර්ම) යන්න නිවරිදිද?
2. ගරුක කර්ම එක් විටක් සිදුකල පමණින් අනිත් කර්ම වලට ප්රබලව චුති සිතට අරමුණු වේද?
3. 1, 2 සත්‍යනම්, ධ්‍යාන ලාභියෙක් ධ්‍යානයෙන් පිරිහුනත් චුති සිතට ධ්‍යාන සිත් අරමුණු විය යුතුයි නේද?
A / R. (1. 2. 3.) “දෙවන ජාතියේ ඒකාන්තයෙන් තමාගේ විපාකය ගෙන දෙන බලවත් කුශලාකුශල කර්මය ගරුක කර්ම නම් වේ.
කුශල පක්ෂයෙහි රූපාවචර-අරූපාවචර කුශලයෝ ගරු කර්මයෝ ය. රූපාවචර - අරූපාවචර ධ්‍යාන ලාභියකු යම්කිසි කාම භවයක් ගැන ප්‍රාර්ථනයක් නැති ව ධ්‍යානයෙන් ද නො පිරිහී කාලක්‍රියා කළ හොත් ඒ තැනැත්තා ඒකාන්තයෙන් මහග්ගත කුශලය විපාක දීම් වශයෙන් බ්‍රහ්ම ලෝකයෙහි උපදී. ගරු කර්ම වන කාමාවචර කුසල් නැත්තේ ය.
අකුශල පක්ෂයයෙහි පඤ්චානන්තර්‍ය්‍ය කර්මය හා නියත මිථ්‍යාදෘෂ්ටි කර්මය ගරුක කර්මයෝ ය. මරණයට කලින් දෘෂ්ටිය හළ හොත් නියත මිථ්‍යාදෘෂ්ටිකයා නිදහස් වේ. ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන්ට දෙවන ජාතියේ අපායයෙන් මිදීමට උපක්‍රමයක් නැත්තේ ය.
ගරු කර්මයක විපාකය වැළැක්විය හැක්කේ, ගරු කර්මයකට පමණෙකි. එබැවින් ගරු කර්ම කීපයක් ඇති තැනැත්තා එයින් එක් කර්මයක විපාක වශයෙන් දෙවන ජාතියේ උත්පත්තිය ලබන්නේ ය. ඒ විපාක දෙන කර්මය නිසා ඉතිරි ගරු කර්මයන්ගේ විපාකය වැළකී යන්නේ ය.”