576. බෝසත්වරුත් රහසේ පලායාම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. බෝසතාණන් වහන්සේගේ මහාභිනිෂ්ක්‍රමණය සිදුවූයේ නෑ හිත මිතුරන් දැනුවත් කිරීමෙන් ද? නොදැනුවත්ව ද? මේ පිළිබඳ බුද්ධ වචනයක් තිබේ ද? ("බෝධි-සත්ත්වයන්-වහන්සේ ද ගිහිගෙයින් හොරෙන් ම පලා/නික්ම ගියේ දැයි" ඇතැමෙක් අවඥාවට ද අසත්.)

A / R. “මහණෙනි, ඒ මම එයින් ටික කලකට පසු, තරුණ වයස් ඇත්තේම කළුවූ හිසකෙස් ඇත්තේම, පළමුවෙනි වයසෙහි යහපත් යෞවන භාවයෙන් යුක්තවූයේ, නොකැමැතිවූ මවුපියන් අඬද්දී, හිසකෙස් රැවුල් බා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිකව පැවිදිවීමි. …”
https://pitaka.lk/main?n=18126&p=277
https://pitaka.lk/main?n=18136&p=371
https://pitaka.lk/main?n=19135&p=327

A / R. “කෙසේ භාග්‍යවතුන් වහන්සේ පැවිද්දෙන් අසහාය සේක්ද භාග්‍යවතුන් වහන්සේ බාල වයස් ඇත්තේ තරුණවූයේ කළු කෙසින් යුක්තවූයේ සොඳුරු යෞවනයෙන් යුක්ත වූයේ ප්‍රථම වයසෙහි මවුපියන්ගේ නොකැමැත්තෙන් කඳුළු මුසු මුහුණු ඇති හඬන වැළපෙන නෑ සමූහයා හැර සියලු ගෘහවාස පලිබොධය සිඳ, අඹුදරු පලිබොධය සිඳ, රැස් කිරීමේ පලිබොධය සිඳ කෙස් රැවුල් බැහැරකොට කසාවත් හැඳ ගිහිගෙයින් නික්ම පැවිදිව කිසිවක් නැති බවට පැමිණ තනිව හැසිරෙයි. වාසය කරයි. ඉරියව් පවත්වයි. පාලනය කරයි. යැපෙයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පැවිද්දෙන් අසහාය සේක.”
https://pitaka.lk/main?n=52250&p=191

2. “කෙසේ භාග්‍යවතුන් වහන්සේ පැවිදිවීමෙන් තනිවූ සේක්ද?” භාග්‍යවතුන් වහන්සේ තරුණවූයේම කලු කෙස් ඇත්තේම සොඳුරු යෞවනයෙන් යුක්තවූයේ ප්‍රථම වයසෙහි කඳුලු මුසු මුහුණු ඇති හඬන විලාප කියන මවුපියන්ගේ හා නෑයින්ගේද නොකැමැත්තෙන් සියලු ගෘහවාස පලිබොධය සිඳ අඹුදරු පලිබොධය සිඳ ඥාති පලිබොධය සිඳ මිත්‍රාමාත්‍ය පලිබොධයන් සිඳ හිසකේ රැවුල් කපා හැර කසාවත් පොරවා ගිහිගෙයින් අනාගාරිය නම්වූ ශාසනයෙහි පැවිදිව කෙලෙස් නැති බවට පැමිණ තනිව හැසිරෙයි වාසය කරයි ඉරියව් පවත්වයි පවතියි, පාලනය කරයි, යැපෙයි, මෙසේ භාග්‍යවතුන් වහන්සේ පැවිදිවීමෙන් තනිවූ සේක.”
https://pitaka.lk/main?n=531118&p=107

A / R. “පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මව්පියන් නොකැමතිව කඳුලු පිරි මුහුණින් යුතුව හඬද්දී කෙස් දැලිරැවුල් කපාහැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදිවූ කෙනෙක. යම් හෙයකින් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මව්පියන් නොකැමැතිව කඳුලු පිරි මුහුණින් යුතුව, හඬද්දී, කෙස් දැලි රැවුල් කපාහැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි වූ සේක්ද, මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දකින්න යන්නට සුදුසු වෙමු.”
https://pitaka.lk/main?n=19145&p=425

“පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ නොකැමැති මවුපියන් කඳුලු පිරි මුහුනින් යුතුව හඬද්දී කෙස් දැලිරැවුලු කපාදමා සිවුරු හඳවා, ගිහිගෙන් පිටත්ව සස්නෙහි මහණවූ කෙනෙක. දැකුමට ප්‍රිය මනා රූප ඇතිවූ, පහදවන ගති ඇතිව යහපත් පාට සහ ශරීර ලක්ෂණ සහිත ඉතා උසස්වූ රන්වන් පාටින් හා බඹහුගේ ශරීරය වැනි ශරීරයෙන් යුක්තයහ; ශරීරයෙහි දැකුම් කටයුතු දෑ නිමක් නැත.”
https://pitaka.lk/main?n=15133&p=304

“පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ නොකැමැති මවුපියන් කඳුලු පිරි මුහුනින් යුතුව හඬද්දී කෙස් දැලිරැවුලු කපාදමා සිවුරු හැඳ, ගිහිගෙන් පිටත්ව සස්නෙහි මහණවූ කෙනෙක. දැකුමට ප්‍රිය මනා රූප ඇතිවූ, පහදවන ගති ඇතිව යහපත් පාට සහ ශරීර ලක්ෂණ සහිත ඉතා උසස්වූ රන්වන් පාටින් හා බඹහුගේ ශරීරය වැනි ශරීරයෙන් යුක්තයහ, ශරීරයෙහි දැකුමට සුලු වරදක්ද නැත.”
https://pitaka.lk/main?n=15143&p=332


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll