704. අපේ රටේ මුලින් ම පැවිදි උණේ කවුද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මහින්ද ආගමනයට පසුව ලංකාවේ මුලින්ම මහන වු කුමාරයා සහ කුමරිය කවුද?

A. "පළමු පැවිද්ද

පළමුව ලක්‌බිමේදී ප්‍රවෘජ්‍යාව ලද තැනැත්තා වූයේ භණ්‌ඩුක උපාසකවරයායි. එයින් අනතුරුව ලාංකිකයන්ටත් පැවිදිවීමේ අවස්‌ථාව උදාවිය. ඒ අනුව දෙවනපෑතිස්‌ රජතුමාගේ බෑණනු කෙනකු වූ අරිට්‌ඨ ඇමැතිවරයා මේ රටේ උපන්නකු ලෙස මිහිඳු මහරහතන් වහන්සේ ගුරු තන්හි තබා පැවිදි විය. මේ සමග තවත් ලාංකිකයන් පනස්‌ හතර දෙනෙක්‌ පැවිද්ද ලැබූහ. මිහිඳු හිමියන් මින් අනතුරුව කළේ මේ රටේ භික්‌ෂුන් වහන්සේලා මගින් ලාංකිකයනට ධර්මය ඇසීමේ අවස්‌ථාව සලසාදීමයි. තම රටේ තමන්ගේම ඥති භික්‌ෂුන් වහන්සේලාගෙන් ධර්මය ඇසීමේ කැමැත්තක්‌ මෙරට වැසියනට තිබුණා පමණක්‌ නොව ජනතාව වඩ වඩාත් බුදුදහමට නැඹුරු කරගැනීමට එයද වැදගත් උපාය මාර්ගයක්‌ විය.

මෙහෙණි සස්‌න

බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය ව්‍යාප්ත කළේ භික්‌ෂු-භික්‌ෂුණී, උපාසක - උපාසිකා යන සිවුවනක්‌ පිරිස මගිනි. මිහිඳු මහරහතන් වහන්සේ ද ලාංකිකයන් බෞද්ධයන් බවට පත්කිරීමට එම උපාය මාර්ගයම අනුගමනය කර තිබේ. දෙවනපෑතිස්‌ රජතුමාගේ මාර්ගයෙන් අශෝක අධිරාජ්‍යයන් වෙත දූතයන් යවා තම සොයුරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමග කුලයන් 18 ක පිරිස්‌ කැටුව මෙරටට ගෙන්වාගන්නා ලද්දේ භික්‌ෂුණි ශාසනය ශ්‍රී ලංකාවෙහි ස්‌ථාපිත කර ශාසනික දියුණුව සැලසීමටයි. ඒ මගින් ඇතිවූ අනුලා බිසවගේ පැවිද්දත් සමග තවත් සිය දහස්‌ ගණන් කුල කාන්තාවෝ භික්‌ෂුණි ශාසනයේ පැවිද්ද ලබා ගත්හ. මෙය ලංකාව තුළ බුදුදහමේ සීග්‍ර ව්‍යාප්තියට ප්‍රබල හේතුවක්‌ වූවා මෙන්ම එයද මිහිඳු මහරහතන් වහන්සේ විසින් යොදාගන්නා ලද විශේෂිත වූ තවත් උපාය මාර්ගයකි."

https://divaina.com/daily/index.php/visheshanga3/29484-26-14

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll