481. නිවන් දකින්ඩ පුළුවන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "දඹදිව මධ්‍ය දේශයෙහි" ඉපදුණොත් විතර ම ද නිවන් දකින්න පුළුවන්? - ***ඒ මේ පුද්ගල තෙමේත් මධ්‍ය දේශයෙහි උපන්නේ වේද***

{“මහණෙනි, ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා (යොග්‍යවූයේ) එකම කාලයයි. කවර එකම කාලයක්ද යත්? විභජ්ජවාදීවූ තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, ***ඒ මේ පුද්ගල තෙමේත් මධ්‍ය දේශයෙහි උපන්නේ වේද***, හෙතෙම ප්‍රඥාවන්තවූයේ, ජඩ නොවූයේ, කෙළතොලු නොවූයේ, යහපත්වූ හෝ අයහපත්වූ වචනයාගේ අර්ත්‍ථය අවබෝධ කර ගැනීමෙහිත් සමර්ත්‍ථවූයේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා යොග්‍යවූ එකම කාලයයි.’’

https://pitaka.lk/main?n=33129

[https://pitaka.lk/main?n=17208

https://pitaka.lk/main?n=171911&p=342]

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් මධ්‍යජනපදයන්හි (දඹදිව මධ්‍ය දෙශයෙහි) උපදිත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්. එසේද වුවත් යම් සත්වකෙනෙක් අප්‍රකටවූ ම්ලෙච්ඡයන් අතර ප්‍රත්‍යන්ත ජනපදයන්හි උපදිත්ද, මේ සත්වයෝම ඉතා බොහෝ වෙත්.”

https://pitaka.lk/main?n=26254&p=323

129 - https://pitaka.lk/bjt/books/4/VP04_Page_587.png

129 - https://pitaka.lk/bjt/books/4/VP04_Page_588.png

“තත්‍රිමෙ පච්චන්තිමා ජනපදා – පුරත්ථිමාය දිසාය ගජඞ්ගලං නාම නිගමො, තස්ස පරෙන මහාසාලා, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ; පුරත්ථිමදක්ඛිණාය දිසාය සල්ලවතී නාම නදී, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ; දක්ඛිණාය දිසාය සෙතකණ්ණිකං නාම නිගමො, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ; පච්ඡිමාය දිසාය ථූණං නාම බ්‍රාහ්මණගාමො, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ; උත්තරාය දිසාය උසීරද්ධජො නාම පබ්බතො, තතො පරා පච්චන්තිමා ජනපදා, ඔරතො මජ්ඣෙ”}

“ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා යොග්‍යවූ එකම කාලය” ලැබීමට හේතු සමූහයක් දක්වා ඇත. එකී හේතුවලින් එකක් හෝ අනවශ්‍ය නම් එසේ දේශනා කිරීමට අවශ්‍ය නැත. අනෙක් අතට හේතු සමූහයකින් (හේතු බාහුල්‍යයකින්) උපදින ඵලයක් (හෝ ඵල බාහුල්‍යයක්) එක් හේතුවක් හෝ අඩු වීමෙන් ඵලයට යම් බලපෑමක් නිසැකවම ඇති වේ.
“අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති, සො ච හොති පඤ්ඤවා අජළො අනෙළමූගො පටිබලො සුභාසිතදුබ්භාසිතස්ස අත්ථමඤ්ඤාතුං.” ලෙස එක පෙළට ම එම හේතු සමූහය දක්වා තිබීමෙන් ද ඉන් එකක් අනෙකින් වෙන්කළ නොහැකිබව (නොහොත් අත්‍යන්තයෙන් අන්‍යෝන්‍යව ප්‍රතිබද්ධබව) කිව හැකි ය.

A / R. ගැටළුවට අදාළ සූත්‍රය - https://pitaka.lk/main?n=33129 – (මා බලාපොරොත්තු වූ / මාගේ) පිළිතුර.

1. ප්‍රධානව දැක්වීම එක් ක්‍රමයකි.

2. අප්‍රධානව (ව්‍යාතිරේක) දැක්වීම තවත් ක්‍රමයකි.

මෙහි ප්‍රධානව දැක්වීම - {“මහණෙනි, ශාසන බ්‍රහ්මචරියාව රැකීම .... ***ඒ මේ පුද්ගල තෙමේත් මධ්‍ය දේශයෙහි උපන්නේ වේද***, .... මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා යොග්‍යවූ එකම කාලයයි.’’ යන්නයි.
[මැනවින් පාරමී වැඩුණු / ප්‍රාර්ථනා ඇති / ඉන්ද්‍රීය ධර්ම වැඩුණු / (උග්ඝටිතඤ්ඤූ, විපඤ්චිතඤ්ඤූ) පුද්ලයන් උදෙසා මෙය කියන ලද්දක් ද විය හැක.]

මෙහි අප්‍රධානව (ව්‍යාතිරේක) දැක්වීම - 01. සිට 08 දක්වා යන්නයි.

[ප්‍රාමාණිකව පාරමී වැඩුණු / ප්‍රාර්ථනා ඇති / ඉන්ද්‍රීය ධර්ම වැඩුණු / (නෙය්‍ය) පුද්ලයන් උදෙසා මෙය කියන ලද්දක් ද විය හැක.]

එබැවින් - නිවන් දකින්න පුළුවන් වනුයේ “දඹදිව මධ්‍ය දේශයෙහි” ඉපදුණොත් පමණි - යන්න මිත්‍යාවකි; ධර්ම විකෘතියකි.

තවද, මධ්‍ය දේශයෙහි / මධ්‍ය මණ්ඩලයෙහි දේශ සීමා වෙනස් කිරීමෙන් හෝ සූත්‍රයෙහි කොටසක් පමණක් “අල්ලා ගැනීමෙන්” මේ ප්‍රශ්නය විසඳිය නො හැක.

සැ:යු: කෙසේ වෙතත්, “මධ්‍ය දේශය” විකෘතිකොට දැක්වීමෙන් මේ ප්‍රශ්නය විසඳිය නොහැක්කා මෙනේ ම; **තර්කයෙන්** ද මුලා / මුග්ධ / අන්ධ කළ හැක.
උදා: **තර්කයෙන්** >

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll