850. ඨිත කප්ප (ඨිතකප්ප) පුද්ගලයා ඇත්ත ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "සෝතාපන්න මාර්ගය දන්නා ඔබට සෝවාන් වීමට සැබෑ අවශ්‍යතාවයක් තිබේනම් ඔබ දැනටමත් සෝවාන් ඵලය ලබා ඇත" කියන ප්‍රකාශය කොයිතරම් දුරට නිවැරදියි ද?

A. "චුල්ල සෝතාපන්න" තත්ත්වයට ම පැමිණෙන තෙක් කිසිවෙකු ස්ථිර නැත.

[චුල්ලසොතාපන්න. | "චුල්ල සෝතාපන්න" = ...]

A. "සෝවාන් මාර්ගය උපදවා ගත් කෙනෙක් සෝවාන් ඵලය නොලබා මිය නොයන බව ධර්මයේ සඳහන්. කල්ප විනාශයක් සිදුවීමට තිබේනම් ඔහු සෝවාන් ඵලයට පත්වන තෙක් එයද විනාශ නොවී පවතින බව සඳහන්. එබැවින් ඔහු / ඇය ''ඨිත කප්ප'' යනුවෙන් පුද්ගලපඤ්ඤත්තිප්ප්‍රකරණයෙහි සඳහන් වේ. සෝවාන් මාර්ග ලාභියා යනු එතරම් ම බලවතෙකි."

A / R. "20. කතමො ච පුග‍්ගලො ඨිතකප‍්පි: අයං ච පුග‍්ගලො සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො අස‍්ස, කප‍්පස‍්ස ච උඩ‍්ඩය‍්හනවෙලා අස‍්ස. නෙව තාව කප‍්පො උඩ‍්ඩයෙහය්‍ය, යාවායං පුග‍්ගලො න සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොති. අයං වුච‍්චති පුග‍්ගලො ඨිතකප‍්පි සබ‍්බෙපි මග‍්ගසමඞ‍්ගිනො පුග‍්ගලා ඨිතකප‍්පිනො.

20. කවර පුද්ගලයෙක් ස්ථිතකල්පී වේ ද යත්: මේ පුද්ගලයාත් සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන්නේ වේ නම් කල්පය තමාත් දැවෙන වේලාව වේ නම් යම්තාක් මේ පුද්ගල සෝවාන්ඵලය සාක්ෂාත් නො කෙරෙයි ද, ඒ තාක් කල්පය තෙමේ නො දැවේ මැ යි. මේ පුද්ගල ස්ථිතකල්පී යැ යි කියනු ලැබේ. මාර්ගස්ථ වූ සියලු මැ පුද්ගලයෝ ස්ථිතකල්පීහු යි."

R. "පටිපන්නකනිද්දෙසෙ – මග්ගසමඞ්ගිනොති මග්ගට්ඨකපුග්ගලා. තෙ හි ඵලත්ථාය පටිපන්නත්තා පටිපන්නකා නාම. ඵලසමඞ්ගිනොති ඵලපටිලාභසමඞ්ගිතාය ඵලසමඞ්ගිනො. ඵලපටිලාභතො පට්ඨාය හි තෙ ඵලසමාපත්තිං අසමාපන්නාපි ඵලෙ ඨිතායෙව නාම."

A / R / T. "සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය, සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අනාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, අනාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය, අර්හත් ඵලස්ථ පුද්ගලයා ය කියා ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙනෙකි. මාර්ගස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි. ඵලස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි. එක් පුද්ගලයකු මාර්ගස්ථ පුද්ගලයකු වශයෙන් ඉන්නේ ඔහුගේ සන්තානයෙහි ලෝකෝත්තර මාර්ග චිත්තය පවත්නා අවස්ථාවෙහි පමණෙකි. එය ඉතා කෙටි කාලයෙකි. එබැවින් මාර්ගස්ථ පුද්ගලයකු නොසෙවිය හැකි ය. මාර්ග චිත්තය නිරුද්ධ වනු සමග ම ඵල චිත්තය ඇති වීමෙන් මාර්ගස්ථ පුද්ගලයා ඵලස්ථ පුද්ගලයෙකු වන්නේ ය. මාර්ගස්ථ පුද්ගල අවස්ථාව ක්ෂණික බැවින් සෝවාන් පුද්ගලයා ය, සකෘදාගාමි පුද්ගලයා ය, අනාගාමි පුද්ගලයා ය, අර්හත් පුද්ගලයා ය යන නම් බෙහෙවින් ව්‍යවහාර වන්නේ ඵලස්ථ පුද්ගලයන් සඳහා ය."

{"චුල්ලසොතාපන්න

ප්‍ර‍ශ්නය:- යථාභූතඥානය, සම්‍යක්දර්‍ශනය, කඞ්ඛාවිතරණය යන මේ ධර්‍මයෝ නනාර්‍ථයෝ වෙද්ද නානා ව්‍යඤ්ජනයෝ වෙද්ද නොහොත් එකාර්‍ථ වෙද්ද ව්‍යඤ්ජනයෝ ම නා නා වෙද්ද

උත්තරය:- යථාභූතඥානය, සම්‍යක්දර්‍ශනය, කඞ්ඛාවිතරණය යන මොහු එකාර්‍ථයෝ යැ, ව්‍යඤ්ජන ම වෙනසි. මේ නුවණින් යුක්ත වූ විදර්‍ශක තෙමේ බුදු සස්නෙහි ලබන ලද ආශ්වාස (=ප්‍ර‍තිෂ්ඨා) ඇත්තේ නියත ගති ඇත්තේ චුල්ලසොතාපන්න නම් වේ.

විස්තර:- පරමාර්‍ථ වශයෙන් ශාසනයෙහි ආශ්වාසය නම් ආර්‍ය්‍ය ඵලය යි. ප්‍ර‍තිෂ්ඨා නම් ආර්‍ය්‍යමාර්‍ගය යි. මේ යොගී තෙමේ මාර්‍ග - ඵලාධිගම නො කළේ ද ඒ අධිගම උපාය වූ ප්‍ර‍තිපත්ති යෙහි සිටි හෙයින් ලබන ලද ආශ්වාස-ප්‍ර‍තිෂ්ඨා ඇත්තකු මෙන් වේ ය යි (මෙසේ) කියන ලදී.

ඒ මෙසේ යි:- නො පිරිහුණු කඞ්ඛාවිතරණවිසුද්ධි ඇති විදර්‍ශක තෙමේ ලෞකික සීල-සමාධි-ප්‍ර‍ඥාසම්පත්තියෙන් යුක්ත හෙයින් මත්තෙහි මාර්‍ග-ඵලාධිගමය නො කෙළේ ද සුගති පරායණ ම වේය යි නියත ගතිකයැ යි කියන ලදී. එහෙයින් චුල්ලසොතාපන්න නම් වේ. සොතාපන්නයා ද අපාය දුර්‍ගති විනිපාත ක්‍ෂය කළ හෙයිනි.

තවද දිට්ඨිවිසුද්‍ධි සමධිගමයෙන් ලබ්ධාශ්වාස නම් වේ. ඒ මෙසේ යි : නාම-රූප පරිච්ඡෙදයෙන් ස්කන්ධ-ධාතු-ආයතනයන් ස්වභාව-සරස වශයෙන් සලකා ශාසනයෙහි ධම්මූපසංහිතප්‍රමොද්‍යා ප්‍ර‍තිලාභයෙන් ලබන ලද ආශ්වාස ඇත්තේ වෙයි.

කඞ්ඛාවිතරණවිසුද්‍ධි සමධිගමයෙන් ලබ්ධප්‍ර‍තිෂ්ඨ වේ. ඒ මෙසේ යි:- හේතු ප්‍ර‍ත්‍යය සහිත නාම-රූප දර්‍ශනයෙන් මඩනාලද දිට්ඨිකණ්ටක ඇත්තේ අහෙතු-විසමහෙතු වාදයෙන් මැඩ-පියන ලද්දේ තම තමා පිළිබඳ ප්‍ර‍ත්‍යයයෙන් ම ධර්‍ම ප්‍ර‍වෘත්තිය දැන ශාසනයෙහි පිහිටුවන ලද ශ්‍ර‍ද්‍ධා ඇත්තේ ලබ්ධප්‍ර‍තිෂ්ඨ නම් වේ. නාම-රූප වවත්‍ථානයෙන් දුඃඛසත්‍යය ද, ධම්මට්ඨිතිඤාණයෙන් සමුදය සත්‍යය ද, එය ම මෑත භාගයෙහි අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීමාදී ක්‍ර‍මයෙන් මාර්‍ගසත්‍යය ද, විශිෂ්ට ඥානයෙන් දැන නාම-රූප ප්‍ර‍වෘත්තියෙහි දුඃඛභාවය දැක අප්‍ර‍වෘත්තිය ව නිරොධ (නිර්‍වාණ) යෙහි එකනාත් නැමුණු අදහස් ඇති බැවින් ලෞකික ඥානයෙන් ම චතුරාර්‍ය්‍ය සත්‍යයන් අධිගත හෙයින් අපායොත්පත්තියට අභව්‍ය වූයේ සෝතාපත්ති භූමියට භව්‍ය උත්පත්ති ඇත්තේ වන්නේය යි ද නියත ගතිකය යි ද චුල්ලසෝතාපන්නය යි ද එයින් කියන ලදී."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll