670. සියල්ලදත් ද? - සියල්ල දත් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "අන් අයට යම් දෙයක් පෙනේ නම් මටත් එය පෙනිය යුතුය යනුවෙන් අඥානයන් කල්පනා කරයි " ..ශාස්තෲ ගෞරව ය සම්බන්ධව ලියැවී ඇති යම් තැනෙක (බොහෝ විට රේරුකානේ හිමියන්ගේ කෘතිය ක විය හැකි යි) ..මෙවැනි දෙයක් දුටු බවක් මතකයි. මෙය කොහේ සඳහන් වී ඇති දෙයක් ද?

A. “අනුන්ට පෙනෙන දැනෙන යමක් ඇති නම් ඒ සියල්ල තමන්ටත් පෙනෙන්නට - දැනෙන්නට ඕනෑය” යනු පුහු මානය නිසා ඇතැමෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහිදු විශ්වාසය තබන්නට අකමැති වෙයි. ඔවුහු තමනට නො පෙනෙන බැවින් ම පුනරුත්පත්තියක් නැතය යි මිසදිටු ගනිති. ලෝකයට ශාස්තෘවරයන් ගුරුවරයන් වුවමනා වන්නේ සැම දෙනා විසින් ම සියල්ල නො දැකි හැකි හෙයිනි."
https://pitaka.lk/.../patichcha-samuppada-vivaranaya/4.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll