366. බුදුබණ ද වැදිබණ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කෙනෙක් දේශනා කරන්නේ බුද්ධ ධර්මයද නැතිනම් විකෘති අර්ථයක්ද කියා වෙන් කොට හදුනාගන්න ආකාරය දේශනා වුන සුත්‍ර තිබේද?

A / R. [මෙම සූත්‍ර / පිළිතුර අනුසාරයෙනි.]

1. (ඍජුව හෝ වක්‍රව) නූපන් ලෝභ/රාග, ද්වේෂ, මෝහ උපදී නම්; උපන් ලෝභ, ද්වේෂ, මෝහ වැඩේ නම්; උපන් අලෝභ, අද්වේෂ අමෝහ යටපත් වේ නම්; නූපන් අලෝභ, අද්වේෂ අමෝහ නූපදවයි නම්; එය තථාගතයන්වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ භාෂිතය නොවේ.

2. (ඍජුව හෝ වක්‍රව) චතුරාර්‍ය සත්‍ය ප්‍රකාශ නොවේ නම්, එය තථාගතයන්වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ භාෂිතය නොවේ.

3. (ඍජුව හෝ වක්‍රව) පටිච්චසමුප්පාදය ප්‍රකාශ නොවේ නම්, එය තථාගතයන්වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ භාෂිතය නොවේ.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll