Q. අසුභ / අසුබ භාවනාවෙහි හා පිළිකුල් භාවනාවෙහි වෙනස කුමක්ද? තෙරුවන් සරණයි!
A. “පිළිකුල් භාවනාව යනු කෙස් ලොම් ආදි කොටස් පිළිබඳ භාවනාව ය. එයට අශුභ භාවනාවය, කායගතාසති සතිපට්ඨාන භාවනාවය, කොට්ඨාස භාවනාවය යන නම් ද වෙයි. එය වනාහි බුද්ධෝත්පාද කාලවල පමණක් ඇත්තා වූ අන්‍ය තීර්ථකයන්ට අවිෂය වූ බෞද්ධයන්ගේ ම භාවනාවෙකි. තථාගතයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් වර්ණනා කළා වූ ද භාවනාවෙකි. මේ බුදු සස්නෙහි ඒ භාවනාව කොට රහත් ව නිවන් දුටුවෝ ඉතා බොහෝ වූහ. බුද්ධ කාලයේ පටන් අද දක්වා බොහෝ බුද්ධ ශ්‍රාවකයන් පුරුදු කළ භාවනාව ද එය ය.”
https://pitaka.lk/books/bauddhayage-athpotha/10-3-5.html
“කේශාදි කාය කොට්ඨාසයන් අරමුණු කොට කරන භාවනාව කායගතාසති භාවනා නම් වේ. එයට “ද්වත්තිංසාකාර භාවනාවය” යි ද “පිළිකුල් භාවනාව ය” යි ද කියනු ලැබේ. මේ බුදු සස්නෙහි බොහෝ දෙනකුන් රහත් වී ඇත්තේ මේ භාවනාවෙනි. බුදු සස්නෙහි පැවිදි වන කුල පුත්‍රයන්ට පළමුවෙන් ම දෙන කමටහනත් මෙ ය ම ය.”
https://pitaka.lk/books/abhidharma-margaya/10-9.html
“පිළිකුල් භාවනාව යනු කේශාදි ශරීර කොට්ඨාසයන් පිළිබඳ භාවනාව ය. එයට කොට්ඨාස භාවනා යන නම හා කායගතාසති භාවනා යන නම ද කියනු ලැබේ. මේ භාවනාව ආනාපාන කර්මස්ථානාදිය සේ බුදුසස්නෙන් පිටත තීර්ථක ශාසනවල ඇතියක් නොවේ. මෙය ඇත්තේ බුදුසස්නෙහි පමණකි. බුදු සස්නෙහි බොහෝ දෙනකුන් අර්හත්වයට පැමිණ ඇත්තේ මේ භාවනාවෙන්ම ය යි කිය යුතු ය. පැවිදි වන්නවුන්ට හිසකේ බෑමේ දී ම මේ කමටහන කියා දිය යුතු බව විනයෙහි දක්වා තිබේ. එයින් පෙනෙන්නේ බුදුසස්නෙහි බොහෝ දෙනකු මේ භාවනාව කළ බව ය.”
https://pitaka.lk/books/pohoya-dinaya/31.html
https://pitaka.lk/main?n=16185
https://pitaka.lk/main?n=16187
https://pitaka.lk/books/shasanavatharanaya/30.html
https://pitaka.lk/books/abhidharma-margaya/10-1.html

A / T. "අසුභානුපස්සී යනු අශුභයයි. ඒ අනුව බලන්නාහු, දෙතිස් ආකාර වශයෙන් ද උද්ධුමාතක ආදිය අතරින් ගන්නා ලද නිමිත්ත ළඟට පැමිණවීම් වශයෙන් ද කයෙහි අශුභය, අශුභකාරය අනුව බලනවුන් බවට පත්ව වාසය කරව්.
අසුභානුපස‍්සීති අසුභං අනුපස‍්සන‍්තා ද‍්වත‍්තිංසාකාරවසෙන චෙව උද‍්ධුමාතකාදීසු ගහිතනිමිත‍්තස‍්ස උපසංහරණවසෙන ච කායස‍්මිං අසුභං අසුභාකාරං අනුපස‍්සකා හුත්‍වා විහරථ."
"... ඒ කාමරාගානුසය කෙස් ආදිය අතුරින් හෝ උද්ධුමාතක ආදිය අතරින් හෝ අශුභානුපස්සීන්ගේ අශුභ නිමිත්ත ගෙන ...
"සො කෙසාදීසු උද‍්ධුමාතකාදීසු වා අසුභානුපස‍්සීනං අසුභනිමිත‍්තං ගහෙත්‍වා ..."
"අසුභ භාවනාය වණ්ණං භාසති = කෙස් ආදියෙහි හෝ ඉදිමුණ මළ සිරුරු ආදියෙහි හෝ ආධ්‍යාත්මික බාහිර වස්තූන්හි අසුබවූ ආකාරය ගෙන පවතින්නාවූ සිතේ භාවනා කර්මය වැඩෙන්නේය. ඔහුට අසුභ භාවනාවෙහි ආනිසංසය දක්වමින් වර්ණනා කරයි, ගුණය විස්තර කරයි. කෙසේද යත්:- මහණෙනි, අසුභ භාවනාවෙහි නියුතු වූ භික්ෂුව කෙස් ආදී වස්තූන්හි හෝ ඉදිමුණ මළ සිරුරු ආදියෙහි හෝ පංචාංග රහිත වූ ද, පංචාංග සහිත වූ ද, තුන් ආකාරයකින් යහපත් වූ ද, දසවිධ ලක්ෂණයෙන් යුක්තවූ ද ප්‍රථම ධ්‍යානය උපදවා ගනියි. හේ තෙමේ ප්‍රථම ධ්‍යාන සංඛ්‍යාත වූ එම චිත්ත මංජුසාව හේතුකොට ගෙන විදර්ශනා වඩා උතුම් වූ රහත් බවට පැමිණෙන්නේය.
අසුභභාවනාය වණ්ණං භාසතීති යා අයං කෙසාදීසු වා උද්ධුමාතකාදීසු වා අජ‍්ඣත‍්තබහිද‍්ධාවත්‍ථූසු අසුභාකාරං ගහෙත්‍වා පවත‍්තස‍්ස චිත‍්තස‍්ස භාවනා වඩ‍්ඪනා ඵාතිකම‍්මං, තස‍්සා අසුභභාවනාය ආනිසංසං දස‍්සෙන‍්තො වණ‍්ණං භාසති, ගුණං පරිකිත‍්තෙති. සෙය්‍යථිදං – “අසුභභාවනාභියුත‍්තො, භික‍්ඛවෙ, භික‍්ඛු කෙසාදීසු වා වත්‍ථූසු උද‍්ධුමාතකාදීසු වා පඤ‍්චඞ‍්ගවිප‍්පහීනං පඤ‍්චඞ‍්ගසමන‍්නාගතං තිවිධකල්‍යාණං දසලක‍්ඛණසම‍්පන‍්නං පඨමජ‍්ඣානං පටිලභති. සො තං පඨමජ‍්ඣානසඞ‍්ඛාතං චිත‍්තමඤ‍්ජූසං නිස‍්සාය විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා උත‍්තමත්‍ථං අරහත‍්තං පාපුණාතී”ති."
["අසුභභාවනාය වණ්ණං භාසතීති යා අයං කෙසාදීසු වා උද්ධුමාතකාදීසු වා ..."
["පටිකූලමනසිකාරවසෙනාති (දී· නි· ටී· 2.377) ජිගුච්ඡනීයතාය. පටිකූලමෙව පටිකූලං යො පටිකූලසභාවො පටිකූලාකාරො, තස්ස මනසිකරණවසෙන. අන්තරෙනපි හි භාවවාචිනං සද්දං භාවත්ථො විඤ්ඤායති යථා “පටස්ස සුක්ක”න්ති. යස්මා විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.182-183) වුත්තං, තස්මා තත්ථ තංසංවණ්ණනායඤ්ච වුත්තනයෙන වෙදිතබ්බං. වත්ථාදීහි පසිබ්බකාකාරෙන බන්ධිත්වා කතං ආවටනං පුතොළි. විභූතාකාරොති පණ්ණත්තිං සමතික්කමිත්වා අසුභභාවස්ස උපට්ඨිතාකාරො. ඉති-සද්දස්ස ආකාරත්ථතං දස්සෙන්තො “එව”න්ති වත්වා තං කාරණං සරූපතො දස්සෙන්තො “කෙසාදිපරිග්ගහණෙනා”ති ආහ."