676. පසේ බුදුවරු බණ කියන්නේ නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පසේ බුදුන්වහන්සේලාටත් සම්මා සම්බුදුවහන්සේලාට මෙන්ම අවබෝධයක් ඇති බව පැහැදිලියි.
නමුත් පසේ බුදු නමක් තමන් විසින්ම අවබෝධ කරගත් ධර්මය ලෝකයට දේශනා නොකරන්නේ මන්ද?
තේරුම් ගැනීමට තරම් බුද්ධිමතුන් පිරිසක් ඒ කාලය තුල ලොව පහළ වී නැති නිසාද?

A. “පසේ බුදුවරු වනාහි තමන් අවබෝධ කළ ධර්මය වචන වලින් අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට සමත් නො වෙති. උන්වහන්සේලා අවබෝධ කළ ධර්මය ගොළුවකු දුටු සිහිනයක් බඳුය. ගොළුවා සිහිනය තමා ම දැන සිටිනවා මිස අනෙකකුට දැන්වීමට සමත් නොවේ. එමෙන් ම පසේ බුදුවරු ද ධර්මය තමන් ම දැන සිටිනවා මිස අනුන්ට අවබෝධ කරවීමට නො සමත් වෙති. එහෙත් සියලු ම සමාපත්ති සෘද්ධි ප්‍රතිසම්භිදාවෝ උන්වහන්සේලාට ඇත්තාහ. උන් වහන්සේලා ගුණ විශේෂයන් ගෙන් ලොවුතුරා බුදුවරයන්ට පහත් තැනක ද බුද්ධ ශ්‍රාවකයන්ට උසස් තැනක ද සිටිති. උන් වහන්සේලා ලොවුතුරා බුද්ධශ්‍රාවකයන් සේ අන්‍යයන් පැවිදි කොට නො හික්මවන්නාහ.”
https://pitaka.lk/books/paramitha-prakaranaya/4-11.html

A. ‘‘‘පච්චෙකබුද්ධානං සුභාසිතානි, චරන්ති ලොකම්හි සදෙවකම්හි;
සුත්වා තථා යෙ න කරොන්ති බාලා, චරන්ති දුක්ඛෙසු පුනප්පුනං තෙ.

“පසේ බුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ දෙවියන් සහිත ලෝකයෙහි පවතිත්. යමෙක් තුමූ එම ධර්‍මය අසා ඒ පරිදි නොකරන්නේ නම්, ඔවුහු සංසාර දුක්ඛයෙහි නැවත නැවත හැසිරෙති.

‘‘‘පච්චෙකබුද්ධානං සුභාසිතානි, මධුං යථා ඛුද්දමවස්සවන්තං;
සුත්වා තථා යෙ පටිපත්තියුත්තා, භවන්ති තෙ සච්චදසා සපඤ්ඤා’.

“පසේ බුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ පැණි වැගිරෙන්නාවූ කුඩා මීවද වැනිය. එය අසා යමෙක් තුමූ ඒ වූ පරිදි ප්‍රතිපත්තියෙහි යෙදුනාහු නම් ඔවුහු තුමූ චතුස්සත්‍යය දක්නාවූ සප්‍රාඥයෝ වෙති.

https://pitaka.lk/main?n=46102&p=137

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll