560 - සසර වසන තුරු - නිවන් දකින තුරු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රුපයක් දකිනකොට දකින්නෙ රුපයක්නෙ.එක අත්තවාද උපාදානයෙන් උපාදනය කරගත්තහමනේ කෙනෙක් වගේ පෙන්නෙ, අපි ඔක නිකමට හිතමු පලවෙනි දවසේ දැක්කේ රුපයක් , ඊට පස්සේ දෙවනි දවසේ අත්වාදඋපාදානයෙන් උපාදනය කරගන්නවා. තුන් වෙනි වතාවට රුපය දැකලා නිරුද්ද වෙනකොට ධම්මායතයේ ධම්ම කියන එක ඊට පෙර උපාදානය කරගත්ත විදියටම කෙනෙක් කියලද එන්නෙ.

R. සිත පුරුදු කරලා තියන විදිහට තමයි අරමුණකට පස්සේ සිත වැඩ කරන්නේ (ක්‍රියාත්මක වෙන්නෙ); මේ භවයේ වගේම, සාංසාරිකව සිත පුරුදු කරලා තියන විදිහත් (ආශ්‍රවත්) අරමුණකට පස්සේ සිත ක්‍රියාත්මක වෙන විදිහට බලපානවා; අරමුණකට පස්සේ සිත වැඩ කරන (ක්‍රියාත්මක වෙන) ක්‍රමය/ආකාරය අපිට වෙනස් කරන්න පුළුවන් - දැන් අපේ සිද්ධ වෙන්නෙ අධාර්මික ක්‍රමයකට නම් ඒක ධාර්මික ක්‍රමයට වෙනස් කරන්න පුළුවන්, එතකොට සිත ඒ විදිහට හුරුවෙනවා.
උදා: සතිපට්ඨාන සූත්‍රයේ / සම්මා දිට්ඨි සූත්‍රයේ / දිට්ඨි කථා / අභිධර්මයේ / (ත්‍රිපිටකයේ ම) ඇති නොයෙක් ක්‍රම.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll