736. විකෘති ප්‍රකෘති කරොත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සාමාන්‍ය (ප්‍රකෘති) හා / හෝ අසාමාන්‍ය (විකෘති) රාග / ද්වේෂ / මෝහ (සිත් / ක්‍රියා / වචන) අකුසල් ඇති අය / අයෙක් එම අකුසල් (සිත් / ක්‍රියා / වචන) වලින් මිදී, සීලයක පිහිටා, (රාගයට - අශුභය; ද්වේෂයට - මෛත්‍රීය; මෝහයට - ප්‍රඥාව ආදී ලෙස) දැඩි උවමනාවකින් (උත්සාහයකින් / වීර්යයකින් / කැපවීමකින්) භාවනා (සමථ / විදර්ශනා) කිරීමෙන් “නිවන් දැකිය” හැකි ද?

A. “නිවන් දකින්න” නම්, උප්පත්තියෙන් ම ගැඹුරු / සිවුම් කාරණා වැටහෙන සිතක් ලැබෙන්න ම ඕනා; (සසර පිං කරලා තියෙන්නත් ඕනා) - එහෙම නොලැබුණොත්, එහෙම ලබාගන්නා අරමුණින් පුළුවන් තරං පිං / කුසල් කරන්න.
[එහෙම ලැබුණත්, පුළුවන් තරං පිං / කුසල් කරන්න.]

“නිවන් දකින්න” කවුරුන්, කොහොම කලින් කලට කොතරම් උපදෙස් / මාර්ගෝපදේශ ලබා දුන්නත්, තමන්ට තනියම කරගන්න ලොකු කොටසක් (පිරිස නැතුව, තනියම සටනක්) තියනවා, ඒකෙන් ජයගෙන “නිවන් දකින්න” නම් කලින් කියපු උප්පත්තියෙන් ම ගැඹුරු / සිවුම් කාරණා වැටහෙන සිතක් ලැබෙන්න ඕනා ම යි - නැත්තං, නිවන් දකින්න ගිහින් වෙන වෙන (කායික / මානසික / සාමාජීය / ...) ලෙඩ හදාගන්න තමයි වෙන්නේ - ඒ නිසා තමන්ගේ සිත ගැන තමන් ම විනිශ්චය කරන්න - ඒ සඳහා පහත ලින්ක් වලින් ගිහින් හොඳින් (අනුමාතෘකාත් එක්ක පහම) කියවලා තීරණයක් ගන්න.
[ගොඩාක් ලින්ක් දෙන්න පුළුවන් උණත් - අවශ්‍ය ම, අවමය තමා මේ].

1. https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/3-7.html - මාර්ගාධිගමයට අන්තරායික ධර්ම.

2. https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/13.html - යෝගාවචරයන් විසින් දත යුතු විශේෂ කරුණු.

3. https://pitaka.lk/main?n=33129 - අක්ඛණසුත්තං - අට්ඨක්ඛණ සූත්‍රය.

4. https://pitaka.lk/main?n=252012 - දුතියසාරිපුත්තසුත්තං - සොතාපත්තියංග සූත්‍රය.

5. https://pitaka.lk/books/wanchaka-dharma/31.html - පමාදො චිත්තස්ස උපක්කිලේසෝ - ප්‍ර‍මාදය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll