632 - බුදුදහම ශූන්‍යතාවාදයක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදු දහමෙ කියන්නෙ ශුන්‍යතා වාදයක්ද පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

A / T. > ‘සත්ත්වයෙක්’, ‘පුද්ගලයෙක්’, ‘කෙනෙක්’, ‘ආත්මයක්’, ‘මම’ කියලා, අපි කියන "කෙනෙක්" නොවේ මේ ඇත්තට ම ඉන්නේ < - කියන අර්ථය මුල් කරගෙන “ශූන්‍යයි” කියලා කියනවා. ඒ අරුතින් බැලුවොත් බුදුදහම ශුන්‍යතාවාදයක්; ඒත් ඇත්තට ම නම් ඒ මුල් ම අරුත යථාර්ථයක් නිසා බුදුදහම “යථාර්ථවාදයක්” හෝ “ස්වභාවිකත්වවාදයක්”.

[“ශුන්‍යතාවාදයක්” කිව්වම මොකුත් ම නෑ - හැම දේම හිස් - හැම දේම හිතේ මිසක් බාහිර කිසිවක් නෑ - වගේ එක එක අදහස් එන්න පුළුවන් වුණත්, ඒ එකක්වත් සත්‍ය නොවේ. එසේ ම මහායාන බුදුදහමෙත් ශුන්‍යතාවාදයක් (ශූන්‍යතා දර්ශනයක්) තියනවා - එය ද අර්ථශූන්‍ය යි.]

ථේරවාද බුදුදහමේ “ශුන්‍යතාවාදය” හෝ “යථාර්ථවාදය” හෝ “ස්වභාවිකත්වවාදය” සරලව ම පහත පරිදි ය.
1. සිතන්නේ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ ‘මම’ හෝ නොවේ; එනමුදු සිතිය හැක - එසේ සිතන/සිතෙන ආකාරය මැනවින් පැහැදිලි කරයි.
2. (ඕනෑම ක්‍රියාවක්) කරන්නේ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ ‘මම’ හෝ නොවේ; එනමුදු ක්‍රියා/වැඩ කළ හැක - එසේ කරන/කෙරෙන ආකාරය මැනවින් පැහැදිලි කරයි.
3. කියන්නේ (කතාකරන්නේ) සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මක් හෝ ‘මම’ හෝ නොවේ; එනමුදු කතාකළ හැක - එසේ කියන/කියවෙන ආකාරය මැනවින් පැහැදිලි කරයි.
{වැදගත් ම දෙය නම්, ඉහත කාරණා තුන න්‍යායාත්මක විග්‍රහයෙන් ඔබ්බට ගොස් ප්‍රත්‍යක්ෂණය කළ හැකි වීම යි.}

Q. ඒකියන්නෙ බුදු දහම ශුන්‍යතාවාදයක් කියල කියන එක නිවැරදි නෑ නෙ?

A / T. බෙදලා (කොටස් කරලා) පෙන්වන නිසා “විභජ්ජවාදයක්” කියලා අපි දන්නවා වගේ, “ශුන්‍යතාවාදයක්” කියලා කියන පුළුවන් හේතු ටිකක් තමා ඉහත පෙන්නලා තියෙන්නෙ.

A / T. “ශුන්‍යතාවාදයක්” කියලා මම පෙන්නලා දීලා තියෙන්නෙ “අනාත්මවාදයක්” කියන එකම ම යි.
(නැවත හොඳින් කියවා බලන්න!)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll