Q. තිරිසන් සතුන් හා මිනිසුන් අතර ඇති වෙනස කවරේද?
A. # හරහට (තිරසට / සරසට) ඇදෙන, යන, ගමන් කරන අර්ථයෙන් තිරිසනා ය. ...
A. # හරහට (තිරසට / සරසට) ඇදෙන, යන, ගමන් කරන අර්ථයෙන් තිරිසනා ය. ...
["තිරච්ඡානොති තිරියං අඤ්ඡති ගච්ඡතීති “තිරච්ඡානො”ති ගහිතො නාගසුපණ්ණාදිකො සබ්බතිරච්ඡානයොනිකො ච. යක්ඛාදයො සබ්බෙ අමනුස්සාපි ඉධ තිරච්ඡානෙයෙව සඞ්ගහිතාති වෙදිතබ්බා."
# එසේම භාග්‍යවත් බුදුවරු, පසේ බුදුවරු අග්‍ර ශ්‍රාවකවරු, මහා ශ්‍රාවකවරු, චක්‍රවර්ති රජවරු සහ අන්‍ය වූ මහානුභාව සම්පන්න සත්ත්වයෝ ද මෙහිම උපදිත්. ඔවුන් හා සමාන රූප ඇති බැවින් අවට දිවයින්හි වැසියන් සමග අන්‍ය වූ දිවයින්හි වාසය කරන්නාහු ද මනුෂ්‍යයෝම යයි සලකනු ලැබූ බව සමහරු කියත්.
අන් සමහරු මෙසේ කියත්. ලෝභ ආදියෙන් ද අලෝභ ආදියෙන් ද යුක්ත වූ මනසේ උසස් බව හේතුවෙන් මනුස්ස නම් වෙත්. මනුෂ්‍ය ජාතික වූ යම් සත්ත්වයෝ වෙත් ද, ඔවුන් අතරෙහි විශේෂ වශයෙන් ලෝභ ආදිය ද, අලෝභ ආදිය ද උත්සන්නව පිහිටයි. ඔව්හු ලෝභ ආදිය උත්සන්න බැවින් අපාය මාර්ගයද, අලෝභ ආදිය උත්සන්න බැවින් සුගති මාර්ගය වූ නිවනට යන මාර්ගයද සපුරා ගනිත්. එහෙයින් ලෝභාදියෙන් ද, අලෝභාදියෙන් ද යුක්ත වූ මනසේ උත්සන්න භාවය නිසා අවට දිවයින්හි වැසියන් සමගම සතරමහ දිවයින්හි වැසි සත්ත්ව විශේෂයෝ ‘මනුස්ස’ යයි කියනු ලැබෙත්.
["තථා හි බුද්ධා භගවන්තො පච්චෙකබුද්ධා අග්ගසාවකා මහාසාවකා චක්කවත්තිනො අඤ්ඤෙ ච මහානුභාවා සත්තා එත්ථෙව උප්පජ්ජන්ති. තෙහි සමානරූපාදිතාය පන සද්ධිං පරිත්තදීපවාසීහි ඉතරමහාදීපවාසිනොපි “මනුස්සා”ත්වෙව පඤ්ඤායිංසූති එකෙ.
අපරෙ පන භණන්ති – ලොභාදීහි අලොභාදීහි ච සහිතස්ස මනස්ස උස්සන්නතාය මනුස්සා. යෙ හි සත්තා මනුස්සජාතිකා, තෙසු විසෙසතො ලොභාදයො අලොභාදයො ච උස්සන්නා, තෙ ලොභාදිඋස්සන්නතාය අපායමග්ගං, අලොභාදිඋස්සන්නතාය සුගතිමග්ගං නිබ්බානගාමිමග්ගඤ්ච පූරෙන්ති, තස්මා ලොභාදීහි අලොභාදීහි ච සහිතස්ස මනස්ස උස්සන්නතාය පරිත්තදීපවාසීහි සද්ධිං චතුමහාදීපවාසිනො සත්තවිසෙසා “මනුස්සා”ති වුච්චන්තීති."]
# "මනස උසස් බැවින් මනුස්ස වේ."
[මනස‍්ස උස්සන්නතාය මනුස‍්සා;]
https://tipitaka.lk/atta-ap-vbh-16-6-3/sinh# "මෙහිදී අදහස් වන්නේ උප්පති දෙවියන්ය. මනුගෙන් පසුව පැවත එන අදහසින් මනුස්සා, ‘උසස් මනසක් ඇති බැවින් මිනිසුන් වූහ’යි පැරණි ඇදුරෝ කියති. මිනිස්සු දඹදිව වැසි, අපරගෝයන වැසි, ‘උතුරුකුරු වාසී හා පුබ්බවිදේහික යැයි සිවු ආකාර වෙති. මෙහි අදහස් වන්නේ දඹදිව වාසීන්ය."
["තෙසු ඉධ උපපත්තිදෙවා අධිප්පෙතා. මනුනො අපච්චාති මනුස්සා. පොරාණා පන භණන්ති – මනස්ස උස්සන්නතාය මනුස්සා. තෙ ජම්බුදීපකා, අපරගොයානකා, උත්තරකුරුකා, පුබ්බවිදෙහකාති චතුබ්බිධා. ඉධ ජම්බුදීපකා අධිප්පෙතා."]
# "මනස්ස උස්සන්නත්තා මනුස්සා" - "මනසෙහි උස්සන්නතාවෙන් මනුෂ්‍යයි" - බුද්ධවංස-අට්ඨකථා - බෞ. සං. ම. - 33 පිටුව.}
"මනං උස්සතීති මනුස්සා" - Source yet to be found.]
A. # "අපාය ප්‍රතිසන්ධි එකකි. එනම්: අකුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණ චිත්තය ය.
.... කාම සුගති ප්‍රතිසන්ධි නවයෙකි. කුශල විපාකෝපේක්ෂාසහගත සන්තීරණය ය, මහා විපාක අටය යන මේ සිත් නවය කාම සුගති ප්‍රතිසන්ධි සිත් ය.
ජාත්‍යන්ධාදි ඇතැම් හීන මනුෂ්‍යයන්ට ද, භූම්‍යස්ථ දෙවියන් ඇසුරු කරන ඇතැම් විනිපාතික අසුරයන්ට ද කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය ප්‍රතිසන්‍ධිය වේ. මේ කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණය ඉතා දුබල කුශලයක ගේ විපාක වශයෙන් ඇති වන්නකි.
මිනිස් ලොව කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් පිළිසිඳ ගන්නා සත්ත්වයෝ නම් උත්පත්තියෙන් ම අන්ධයෝ ය. බිහිරෝ ය, ගොළුවෝ ය, අඝානකයෝ ය, කෙළතොලුවෝ ය, පිස්සෝ ය, පණ්ඩකයෝ ය, උභතෝබ්‍යඤ්ජනකයෝ ය, නපුංසකයෝ ය, මම්මයෝය යන මොවුහු ය. ..."
# "... පෘථග්ජන පුද්ගලයන් සතර දෙනා නම්: දුර්ගති අහේතුක පුද්ගලයා ය, සුගති අහේතුක පුද්ගලයා ය, ද්විහේතුක පුද්ගලයා ය, ත්‍රිහේතුක පුද්ගලයා ය යන මොවුහු ය.
මේ පුද්ගලයන් භේදයට පැමිණෙන්නේ ප්‍රතිසන්ධි චිත්තයෙනි. අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණ චිත්තයෙන් ප්‍රතිසන්ධිය ලැබුවෝ දුර්ගති අහේතුකයෝ ය. කුශල විපාක උපේක්ෂා සහගත සන්තීරණයෙන් ප්‍රතිසන්ධිය ලැබුවෝ සුගති අහේතුකයෝ ය. මහා විපාක ඤාණ විප්පයුත්ත සිත් සතරෙන් ප්‍රතිසන්ධිය ලැබුවෝ ද්විහේතුකයෝ ය. මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත සතර ය, මහග්ගත විපාක නවය ය යන සිත් දහතුනෙන් ප්‍රතිසන්ධිය ලැබුවෝ ත්‍රිහේතුකයෝ ය. අසංඥ පුද්ගලයා ද අහේතුක පුද්ගලයෙකි. ..."