Q. දරුවන් දෙපව්පියන්ට අඵල ද? (The Original Post has been deleted.)
A. 1. දරුවන්ගෙන් “අඵල” පමණක් ම නොව, බොහෝ “සඵල” ද ලැබිය හැකි බව සිතිය යුතු ය.
2. අවම වශයෙන්, විවාහ වූ දිනයේ දී සිටවත් දෙමාපියන් ධාර්මික විය යුතු ය.
(දරුවන්ගෙන් ලැබිය හැකි “අඵල” නොව, “අඵල” ගෙනදිය හැකි දරුවෙකු ලැබීම උපරිමයෙන් වළකාලීම ගැන සිතිය යුතු ය.)
3. කවුරුන් නිසා / කුමක් නිසා හෝ ලැබෙන “අඵල”වලින් මිදීමේ එකම පිහිට/මඟ අන් කවරක්වත් නොව, තමාටත්-මෙරමාටත්-සමාජයටත් (තමාටත්-දරුවන්ටත්-සමාජයටත් / තමාටත්-දෙමාපියන්ටත්-සමාජයටත්) යහපත් කායික-වාචික-මානසික ක්‍රියා හෙවත් “යහපත් දිවි පැවැත්ම” නොහොත් “ධර්මයේ හැසිරීම” හා දරුවන් “ධර්මයේ හැසිරවීම” ම බව කිව යුතු ය.
"දරුවෝ
දරුවෝ වනාහි අත්‍රජය, ඤාතකය, ඛෙත්තජය, අන්තේවාසිකය, දින්නක ය යි පස් කොටසෙකි. අත්‍රජ යනු තමන් නිසා උපන් දරුවෝ ය. ඤාතක යනු නෑකමින් දරු වන්නෝ ය. ඛෙත්තජ යනු සමීපයෙහි ඉපදීමෙන් දරු වූවෝ ය. ඔවුන් ඇත්තේ දෙව්ලොව ය. දිව්‍යස්ත්‍රීහු දරුවන් නො වදති. ඇකයෙහි හෝ ළයෙහි හෝ යහනෙහි හෝ උපන් තැනැත්තා දෙවියෝ දරු කොට සලකති. අන්තේවාසිකය යනු ගෝලයෝ ය. ගුරුවරයා විසින් දරුවකු මෙන් සලකා ශිෂ්‍යයා හට හොඳ නරක කියා දී සිප් සතර උගැන්විය යුතුය. ශිෂ්‍යයා විසින් ද ගුරුවරයා පියකු මෙන් සැලකිය යුතුය. අනුන් විසින් දරුවකු කොට දෙන ලදුව තමා විසින් පෝෂණය කරන ලද දරුවා දින්නක නම් වේ. ඒ පස් කොටසක් වූ දරුවන්ගෙන් අත්‍රජ නම් වූ දරුවෝ ප්‍රධාන වෙති.
අතිජාත දරුවෝය, අනුජාත දරුවෝය, අවජාත දරුවෝ යි ද දරුවෝ තුන් කොටසක් වෙති. මාපියන්ට වඩා ගුණවත් වූ දරුවෝ අතිජාත පුත්‍රයෝ ය. මාපියන් හා සමාන ගුණ ඇති දරුවෝ අනුජාත පුත්‍ර නම් වෙති. මාපියන්ට වඩා ගුණයෙන් හීන දරුවෝ අවජාත පුත්‍රයෝ ය.
“අතිජාතං අනුජාතං පුත්තමිච්ඡන්ති පණ්ඩිතා
අවජාතං න ඉච්ඡන්ති සො හොති කුල ගන්ධනො.”
“පණ්ඩිත මාපියෝ අතිජාත වූ ද අනුජාත වූ ද පුත්‍රයන් කැමති වන්නා හ. අවජාත දරුවන් නො කැමති වන්නාහ. අවජාත පුත්‍රයා කුලය නසන්නෙක් වන්නේ ය” යනු එහි තේරුම ය."
https://pitaka.lk/books/bauddhayage-athpotha/15.html
“විපාක ඵලය ය, නිස්සන්ද ඵලය යි කර්ම ඵලය දෙවැදෑරුම් වේ ය, එයින් විපාක ඵලය කර්මය කළ තැනැත්තාට ම වේ ය, අනිකකුට නො වේ ය. නිස්සන්ද ඵලය වනාහි අනුන්ටත් සාධාරණ වේ ය. මේ කාරණයෙහි ආනන්ද සිටු ගේ කථාව කිය යුතුය”යි පරමත්ථදීපනී ටීකාවෙහි දක්වා ඇත්තේ ය. විපාක ඵලය යනු කර්මය කළ තැනැත්තාට එයින් ලැබෙන ඵලය ය. නිස්සන්ද ඵලය යනු කර්මය කළ තැනැත්තාට ලැබෙන ඵලයෙන් ගලා යන ඵලය ය.
ආනන්ද සිටු වනාහි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි සැවැත්නුවර විසූ සතළිස් කෝටියක් ධනය තුබූ මහ ධනපතියෙකි. ඔහු කිසිවකුට කවදාවත් සහල් මිටක් පමණවත් නො දෙන ලද තද මසුරෙකි. ඔහු මසකට දෙවරක් නෑයන් රැස්කරවා කිසිවකුට කිසිවක් නො දෙමින් ධනය රැස්කරන ලෙස ඔවුනට අනුශාසනා කෙළේ ය. පුත්‍රයාට දිනකට තුන් වර බැගින් එසේ අනුශාසනා කෙළේ ය. කිසි පිනක් නො කොට අනුන් ද මසුරුකමෙහි පිහිටුවමින් අනුන් ගේ දීම් ද වළක්වමින් ජීවත් වූ හෙතෙම කලුරිය කොට සැවැත්නුවර සමීපයේ පවුල් දහසක් ඇති රොඩී ගමක රොඩී ගැහැණියක කුස පිළිසිඳ ගත්තේ ය.
තමා ගේ මසුරුකමින් පමණක් නො නැවතී අනුන් ද මසුරුකමෙහි පිහිටවීම් වශයෙන් ඔහු කළේ බලවත් පාපකර්මයෙකි. පිළිසිඳ ගැනීමේ පටන් ම ඒ පාප කර්මය ඔහුට විපාක දෙන්නට විය. ඒ සැඩොල් ගමේ වැසියෝ එකට ම රස්සාව කරමින් ජීවත් වූ පිරිසකි. ආනන්ද සිටු ගේ කාලකණ්ණිකම ඔවුන් ද යට කොට ගලා ගියේ ය. ඔහු පිළිසිඳ ගැනීමෙන් පසු ගමේ සෑම දෙනාට ම රස්සාව නැති විය. ඔවුන්ට ඉතා අමාරුවෙන් ජීවත් වන්නට සිදු විය. කොතෙක් වෙහෙසී වැඩ කළත් පසුදින පිණිස සහල් පතක්වත් ඔවුනට ඉතිරි කර ගත නො හැකි විය. මීට පෙර කවදාවත් සිදු නො වූ අන්දමට අපට අමාරුවට පත් වන්නට සිදු වී තිබෙන්නේ “අප අතර ඇති කාලකණ්ණියකු නිසා විය හැකිය” යි ඔවුහු දෙකොටසකට බෙදුණාහ. ඉන් පසු එක් කොටසකට හොඳ විය. ආනන්ද සිටු ගේ මව සිටිනා කොටසට පෙර සේම විය. “කාලකණ්ණියා ඇත්තේ අපේ පිරිසේය!” යි නැවතත් ඔවුහු බෙදුණාහ. මෙසේ ක්‍රමයෙන් බෙදි බෙදී යාමෙන් ආනන්දු සිටු පිළිසිඳගෙන ඉන්නා පවුල වෙන් වූහ. අන්තිමේ දී ආනන්ද සිටු ගේ මව ඒ පවුලෙන් ද බැහැර කරනු ලැබුවා ය. ඉන් පසු ඕ ඉතා දුකින් ජීවත් වෙමින් දරුවා ප්‍රසූත කොට ඔහු තරමක් ලොකු වූවාට පසු සිඟා කනු සඳහා කබලක් අතට දී පිටත් කර යවා ඒ ස්ත්‍රිය ද ඔහුගෙන් මිදුණා ය. මේ කථාව දම්පියාටුවාවේ බාල වර්ගයේ සඳහන් වන්නේ ය. ආනන්ද සිටු ගේ අකුශල කර්ම විපාකය ඔහු උපන් පවුලටත් ගමේ සැම දෙනාටත් එක්තරා ප්‍රමාණයකින් විඳින්නට සිදු වූ බව මේ කථාවෙන් දත හැකි ය.
පෙර තුන් අවුරුද්දක් වැඩ කොට ලබා ගත් ලක්‍ෂයක් වටිනා බත් තලිය පසේ බුදුන් වහන්සේට පිදූ ගැමියා ඒ පිනෙන් බොහෝ කලක් දෙව් සැප විඳ අප බුදුන් වහන්සේ ගේ කාලයෙහි සැවැත් නුවර කුල ගෙයක පිළිසිඳ ගත්තේ ය. ඔහු පිළිසිඳගත් දිනයේ පටන් ඒ ගෙයි කිසිවකුට කිසි දුකක් නො වීය. එබැවින් ඒ කුමරාට ‘සුඛ කුමාර’ යන නම තැබී ය. ඒ ගෙයි කිසිවකුට දුකක් නො වීම සැම දෙනාට ම සැප ම ලැබීම ඒ කුමාරයා ගේ කුශලයේ ඵලයෙකි. ඒ කථා ප්‍රවෘත්තියෙන් එක් අයකු ගේ කුශල කර්ම ඵලය තරමකින් ඔහු හා සම්බන්ධය ඇති අන්‍යයන්ටත් ලැබෙන බව තේරුම් ගත හැකි ය. එක් අයකු ගේ පිනෙන් ඔහු ඇසුරු කරන බොහෝ දෙනකුන් සැප ලබන බව නොයෙක් තැන්වලින් දක්නා ලැබේ. ඒ අය එක් පුද්ගලයකු ගේ පිනෙන් සැප ලබා සිටි බව හොඳට ම තේරුම් ගත හැකි වන්නේ පින් ඇති තැනැත්තා කාලක්‍රියා කිරීමෙන් පසු ඔහු නිසා සැපවත්ව උන් අයට ඒ සැපය නැතිවී ගොස් තිබෙන බව පෙනීමෙනි. පරීක්‍ෂාවෙන් ලෝකය දෙස බැලුව හොත් එබඳු තැන් බොහෝ ගණනක් දැකිය හැකි වනු ඇත.”

“මහණෙනි, ලෝකයෙහි මේ සූත්‍රයෝ තුන්දෙනෙක් ලැබෙන්නාහුය, විද්‍යමාන වන්නාහුය, කවර තුන්දෙනෙක්ද යත්? (තමාගේ ගුණයෙන් මවුපියන් ඉක්මවා) උපන්නාවූ (මවුපියනට වඩා ගුණ ඇති) පුත්‍රයාය (ගුණයෙන් මවුපියනට අනුරූපව) උපන්නාවූ (මව්පියන් හා සමාන ගුණ ඇති) පුත්‍රයාය මව්පියනට වඩා හීනගුණ ඇති පුත්‍රයාය යන තිදෙනය.
“මහණෙනි, කෙසේ වනාහි පුත්‍රතෙමේ අධික ගුණ ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි පුතාගේ මවුපියෝ බුදුන් සරණ නොගියාහු වෙද්ද, දහම් සරණ නොගියාහු වෙද්ද, සඟ සරණ නොගියාහු වෙද්ද, ප්‍රාණඝාතයෙන් නොවැළකුණාහු වෙද්ද, (හිමියන් විසින්) නුදුන් දැය ගැණීමෙන් නොවැළකුණාහුද වෙද්ද, කාමයන්හි වරදවා හැසිරීමෙන් නොවැළකුණාහු වෙද්ද, බොරුකීමෙන් නොවැළකුණාහු වෙද්ද, මදප්‍රමාදයට කරුණුවූ රහමෙර පීමෙන් නොවැළකුණාහු වෙද්ද, සිල් නැත්තාහු වෙද්ද, ලාමක ස්වභාවය ඇත්තෝ වෙද්ද, ඔවුන්ගේ පුතා වනාහි බුදුන්සරණ ගියේ වේද, දහම් සරණ ගියේ වේද, සඟ සරණ ගියේ වේද, ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වේද, හොරකම් කිරීමෙන් වෙන්වූයේ වේද, කාම මිථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේද, මුසාවාදයෙන් වෙන්වූයේ වේද, මත්වීමට හා ප්‍රමාදයට හේතුවූ රහමෙරපීමෙන් වෙන්වූයේ වේද, සිල්වත්වේද, යහපත් ස්වභාවය ඇත්තේ වේද, මහණෙනි මෙසේ වනාහී පුත්‍රතෙමේ (මවු පියනට වඩා) අධික ගුණ ඇත්තේ (අතිජාතපුත්‍ර) වේ. ..."