868. කර්ම විඤ්ඤාණය (කර්ම විඥානය) යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Qකර්ම විඥ්ඥානය පැහැදිලි කර දෙන්න.

A. කර්ම විඤ්ඤාණය = මතු උත්පත්තියට හේතු වන (ප්‍ර‍තිසන්ධි විපාක දෙන) කුශලාකුශල කර්මය ය - එනම්, කාමාවචර කුශල චේතනා අට, අකුසල චේතනා දොළොස; රූපාවචර කුශල චේතනා පස; අරූපාවචර කුශල චේතනා සතර වේ.

[උද්ධච්ච සහගත චේතනාව ප්‍ර‍තිසන්ධි විපාකයන්ට ප්‍ර‍ත්‍යය නො වන නමුදු සහජාත හා උපනිශ්‍රය ප්‍රත්‍යයන්ගෙන් ප්‍රත්‍ය වන බව ගැනෙනවා ඇති.]

{“අට්ඨමෙ යඤ්ච, භික්ඛවෙ, චෙතෙතීති යං චෙතනං චෙතෙති, පවත්තෙතීති අත්ථො. යඤ්ච පකප්පෙතීති යං පකප්පනං පකප්පෙති, පවත්තෙතිච්චෙව අත්ථො. යඤ්ච අනුසෙතීති යඤ්ච අනුසයං අනුසෙති, පවත්තෙතිච්චෙව අත්ථො. එත්ථ ච චෙතෙතීති තෙභූමකකුසලාකුසලචෙතනා ගහිතා, පකප්පෙතීති අට්ඨසු ලොභසහගතචිත්තෙසු තණ්හාදිට්ඨිකප්පා ගහිතා, අනුසෙතීති ද්වාදසන්නං චෙතනානං සහජාතකොටියා චෙව උපනිස්සයකොටියා ච අනුසයො ගහිතො. ආරම්මණමෙතං හොතීති (චෙතනාදිධම්මජාතෙ සති කම්මවිඤ්ඤාණස්ස උප්පත්තියා අවාරිතත්තා) එතං චෙතනාදිධම්මජාතං පච්චයො හොති. පච්චයො හි ඉධ ආරම්මණන්ති ¶ අධිප්පෙතා. විඤ්ඤාණස්ස ඨිතියාති කම්මවිඤ්ඤාණස්ස ඨිතත්ථං. ආරම්මණෙ සතීති තස්මිං පච්චයෙ සති. පතිට්ඨා විඤ්ඤාණස්ස හොතීති තස්ස කම්මවිඤ්ඤාණස්ස පතිට්ඨා හොති. තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤාණෙති තස්මිං කම්මවිඤ්ඤාණෙ පතිට්ඨිතෙ. විරූළ්හෙති කම්මං ජවාපෙත්වා පටිසන්ධිආකඩ්ඪනසමත්ථතාය නිබ්බත්තමූලෙ ජාතෙ. පුනබ්භවාභිනිබ්බත්තීති පුනබ්භවසඞ්ඛාතා අභිනිබ්බත්ති.”
https://tipitaka.app/?a=hb0-253-si}

"චේතනා සූත්‍රයේ අදහස (සං. නි. අ. 2 - 76 පිට - බෞ. සං. ම)

මහණෙනි! යම් ලෞකික කුශල චේතනාවක් පවත්වා ද, තෘෂ්ණා දෘෂ්ටීන්ගේ වශයෙන් යම් කල්පනාවක් කෙරේ ද, යම් අනුශාසනයක් වේ ද, එය කර්ම විඥානයා ගේ පැවැත්මට හේතුව ය. ඒ හේතුව ඇති කල්හි එය කර්ම විඥානයට පිහිටක් වන්නේ ය. ඒ කර්ම විඥානය ඇති වූ කල්හි විපාක දානයට ශක්තිය ලැබීම් වශයෙන් දියුණු වූ කල්හි නාමරූපයට බැස ගැනීම වේ. නාමරූප ප්‍ර‍ත්‍යයෙන් ෂඩායතනය වේ. ෂඩායතන ප්‍ර‍ත්‍යයෙන් ස්පර්ශය වේ. ස්පර්ශ ප්‍ර‍ත්‍යයෙන් වේදනාව වේ. වේදනා ප්‍ර‍ත්‍යයෙන් තණ්හාව වේ. තෘෂ්ණා ප්‍ර‍ත්‍යයෙන් උපාදානය වේ. උපාදාන ප්‍ර‍ත්‍යයෙන් භවය වේ. භව ප්‍ර‍ත්‍යයෙන් ජාතිය වේ. ජාති ප්‍ර‍ත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ වෙති. මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ හට ගැනීම වේ.
මහණෙනි! ඉදින් ලෞකික කුශලාකුශල චේතනා නො පවත්වා ද, තෘෂ්ණා දෘෂ්ටි කල්පනා නො කෙරේ ද, එහෙත් අනුශය පවතී ද, එය කර්ම විඥානය ඇතිවීමට හේතු වෙයි. හේතුව ඇති කල්හි එය කර්මවිඥානයට පිහිටක් වේ. කර්මවිඥානය ඇති වූ කල්හි දියුණු වූ කල්හි නාමරූපයට බැස ගැනීම වේ. නාමරූපය නිසා ෂඩායතනය වේ. -පෙ- මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ පහළ වීම වේ.
මහණෙනි! ඉදින් ලෞකික කුශල චේතනා නො පවත්වා ද, තෘෂ්ණා දෘෂ්ටි කල්පනා නො කෙරේද, ඉදින් අනුශය නැත්තේ ද එය කර්මවිඥානයට හේතු නො වේ. හේතුවක් නැති කල්හි කර්මවිඥානයට පිහිටක් නැත. කර්ම විඥානයට පිහිටක් නැති කල්හි නාමරූපයට බැස ගැනීම නො වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. -පෙ- මෙසේ මේ සකල දුඃඛස්කන්ධයා ගේ නිරෝධය වේ."
https://pitaka.lk/books/patichcha-samuppada-vivaranaya/15-4-1.html

T / S. "මතු උත්පත්තියට හේතුවන කර්මවිඥානය"
https://pitaka.lk/books/patichcha-samuppada-vivaranaya/15-4-2.html

"කර්‍ම-විඥාන ප්‍ර‍ත්‍යයෙන් රූපය ම වේ."
https://pitaka.lk/books/vishuddhi-margaya/19-32-3.html

"එහි අතීත භවයට අයත් කර්ම විඥානයේ බලයෙන් රූප පමණක් ඇති වේ."
https://pitaka.lk/books/abhidharma-margaya/9-3.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll