79. "පැවිදි රුවක්" දුටුවේ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "පැවිදි රුවක්" දුටුවේ කොහොම ද?

A. වෙනත් දර්ශනයක පැවිදි වෙස් ගත්තෙක් නම් ඒකාන්තයෙන් ම සිටිය හැක.
(දෙවියන් විසින් කලට-වෙලාවට "සතර පෙරනිමිති" මවා පෙන්වූ බව ද ඇතැම් තැනක සඳහන් ය.)

"මම සතර පෙරනිමිති දැක අස් යානයෙන් මහභිනික්මන් කෙළෙමි. අවුරුදු සයක් මුලුල්ලේ ඉතා අපහසු ප්‍රධාන වීර්‍ය්‍යය කෙළෙමි."
("නිමිත්තෙ චතුරො දිස්වා, අස්සයානෙන නික්ඛමිං;
ඡබ්බස්සං පධානචාරං, අචරිං දුක්කරං අහං.")
https://pitaka.lk/main?n=48360&p=16

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll