296. ආර්ය උපවාදය උණොත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ස්වාමීන් වහන්සේ නමකගේ දේශනයකින් ඇසු කරුණකදී දැන ගන්නට ලැබුනා අප විසින් සද්ධර්මය නොදන්නා කාලයේදී අප අතින් යම් ආර්ය උපවාද‍යක් සිදු වූයේ නම් අනුරාධපුරයේ රුවන්මැලි සෑය ඉදිරිපිටට ගොස් සමාව අයැද සිටීමේ හැකියාවක් ඇති බවට.එසේම අප අතින් සිදු වූ සිල් පද බිදීමක් නිසා ඇතිවන පසුතැවීම වීම වලක්වා ගැනීම සදහා සමාව ඉල්ලා නැවත එසේ නොවන බවට අධිශ්ඨාන කර ගැනීමටද හැකියාව ඇති බව.(සමාව ඉල්ලා සිටියද කර්මයට මුහුන දිය යුතු බවත් පසුතැවීම වලක්වා ගැනීමට පමණක් බවත් උන් වහන්සේ වැඩිදුරටත් දේශනා කොට වදාල සේක). මේ කරුණ පිලිබදව කිසියම් ධර්මනුකූල පිළිතුරක් ලබා දීමට කරුණික වන්න.

A / R. උන්වහන්සේ දිවි ගෙවයි නම් ගොස් හමු වී දෙපා නැමද සමාව ඉල්වා ගත යුතුය; නො එසේ නම්, උන්වහන්සේ වැඩි දිශාව අරමුණු කොට සමාව ඉල්ලිය / සමා කරවා යුතුය.
පොදුවේ සංඝ රත්නයෙන් ම සමාව ඉල්වා ගැනීම / සමා කරවා ගැනීම ද හොඳ ය.
"කායෙන වාචා චිත්තෙන ..."

{“ශාරීපුත්‍රය, මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ මට යමෙක් “ශ්‍රමණ ගෞතමයන්ට මනුෂ්‍ය ධර්මයට වැඩිවූ ආර්ය භාවයක් ඇති කිරීමට සමර්ථ විශෙෂ නුවණක් නැත්තේය. ශ්‍රමණ ගෞතම තෙම කල්පනාවෙන් සලකා නුවණින් විමසා තමහට වැටහෙන්නාවූ ධර්මයක් දෙසනා කරයි” කියා කියයි නම් ශාරීපුත්‍රය, (මේ පුද්ගලයා) ඒ වචනය දුරු නොකොට ඒ සිත වෙනස් නොකොට ඒ ගැන්ම දුරු නොකොට (සිටියහොත්) ඔසොවා ගෙනෙන ලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය.

“ශාරීපුත්‍රය, ශීලයෙන් යුක්තවූ, සමාධියෙන් යුක්තවූ, ප්‍රඥාවෙන් යුක්තවූ මහණ තෙම යම්සේ මේ ජාතියේදීම රහත් වන්නේද මෙයත් එසේයයි කියමි (ඒ පුද්ගලයා) ඒ වචනය දුරු නොකොට, ඒ සිත වෙනස් නොකොට ඒ ගැනීම දුරු නොකොට (සිටියහොත්) ඔසොවා ගෙනෙනලද බරක් බිම දමන්නේ යම්සේද එපරිද්දෙන්ම නරකයෙහි වැටෙන්නේය.”

https://pitaka.lk/?node=18112&para=149&coll=cs,aps

[“මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම සමාන බඹසර ඇත්තවුන්ට ආක්‍රෝෂ පරිභව කරන්නේ ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ වේද, හෙතෙම එකොළොස් වැදෑරුම් ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකට නොපැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු රහිතයි අවකාශ නැත්තේය.”

https://pitaka.lk/?node=36106&coll=cs,aps]}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll