Q. නියාම ධර්ම බුද්ධ දේශනාවේ සදහන් වනවාද? ඒ පිළිබද ත්‍රිපිටකයේ සදහන් වන කොටස කුමක්ද?
A / R. {“පඤ්චවිධො හි නියාමො – බීජනියාමො උතුනියාමො කම්මනියාමො ධම්මනියාමො චිත්තනියාමොති, තත්ථ අඞ්කුරපණ්ණදණ්ඩපුප්ඵඵලාදික්කමෙන තෙසං තෙසං බීජානං අඤ්ඤොඤ්ඤවිසදිසරුක්ඛතිණගච්ඡලතාදිසන්තානෙ අත්තනා සදිසඵලදානං බීජනියාමො නාම. තස්මිං තස්මිං සමයෙ තෙසං තෙසං රුක්ඛානං එකප්පහාරෙන පුප්ඵඵලපල්ලවානං ගහණං උතුනියාමො නාම. තස්ස තස්ස වා කුසලාකුසලකම්මස්ස තංතංසදිසාසදිසරූපාරූපවිපාකදානං, කම්මසරික්ඛකවිපාකදානඤ්ච කම්මනියාමො නාම. බොධිසත්තානං පටිසන්ධිග්ගහණෙ, මාතුකුච්ඡිතො අභිනික්ඛමනෙ, අභිසම්බොධිධම්මචක්කප්පවත්තනාදීසු ච ද්වත්තිංස පුබ්බනිමිත්තානි ධම්මනියාමො නාම. යථාවුත්තෙන භවඞ්ගාවජ්ජනාදිකිච්චක්කමෙනෙව චිත්තප්පවත්ති චිත්තනියාමො නාම.”}
[ත්‍රිපිටකය තුළ නියාම ධර්ම මෙසේයි දක්වා නැති මුත් එම ධර්මතා දක්වා ඇත.]
“නියාම ධර්ම.
විධානය කරන්නකු නැති ව ම ක්‍රමානුකූලව සිත් ඇති විය හැකි බව දැක්වීම පිණිස පෞරාණිකාචාර්‍ය්‍යයන් විසින් නියාම ධර්ම කථාව දක්වා තිබේ.
ඒ මෙසේ ය:-
බීජ නියාමය, සෘතු නියාමය, කර්ම නියාමය, ධර්ම නියාමය, චිත්ත නියාමය” නියාම ධර්ම පසෙකි.
අඹ ඇටයකින් කජු පැළයක් - දෙහි පැළයක් - දොඩම් පැළයක් ඇති නො වී, අඹ පැළයක් ම ඇති වීම; කොස් ඇටයකින් කොස් පැළයක් ම - පොල් ගෙඩියකින් පොල් පැළයක්ම යනාදි වශයෙන් ඒ ඒ බීජයන් ඒ ඒ ජාතියේ ම ගස් හට ගැනීම, කඩල ගසේ කරටිය උතුරට ම හැරී සිටීම; සූර්‍ය්‍යකාන්ත ගසේ කරටිය ඉර දෙසට හැරීම; පොල් ගෙඩියේ ඇස් තුනක් ඇතිවීම යනාදිය බීජ නියාමය ය.
ඒ ඒ ජාතිවලට අයත් ගස් වැල්වල එක ම කාලයකදී දලු - මල් ඵල හට ගැනීම සෘතු නියාමය ය.
ඒ ඒ කර්මයන්ට අනුකූල වන විපාකයක් ම ඇති වීම කර්ම නියාමය ය.
මහා බෝධිසත්ත්වයන් ගේ මවුකුස පිළිසිඳ ගැනීම් මව් කුසයෙන් බිහිවීම් - බුදුවීම් - දම්සක්පැවැත්වීම් ආදියෙහි පොළොව කම්පාවීම් ආදී නිමිති පහළ වීම ධර්ම නියාමය ය.
රූපාදි ආරම්මණයන් චක්ෂුරාදි ප්‍රසාදයන්හි ගැටුණු කල්හි කිසිවකු ගේ සංවිධානයක් නැති ව ක්‍රමානුකූලව සිත් පරම්පරාව ඇති වීම චිත්ත නියාමය ය.”
https://pitaka.lk/books/abhidharma-margaya/5-6.html