852. කඩි කුලප්පුව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මට පොඩි කාරණාවක් පිලිබදව දැනගන්න ඕනෙ. පුලුවන් කෙනෙක් උදව් කරන්න. මට සමාජයක් ඉදිරියට ගිහින් කතා කරන්න පුලුවන් ඒත් එයාල ඉදිරියේ වැඩක් කරන්න ගිහාම ඇග වෙවුලල කලබල වෙනව... මම මෙය නැති කරගැනීමට මොකක්ද කළ යුත්තේ කුමන භාවනාවක් සුදුසුද?

A. හදිසි කලබලය (සංත්‍රාස කාංසාව / සංත්‍රාස භීතිකාව / සංත්‍රාස ප්‍රහාරක භීතිකාව / බිය = Panic Attack) සඳහා ද:

1. සීලමය ප්‍රතිකාරය - කය, වචනය (හා මනස) සංවරව තබා ගැනීම.
2. සමාධිමය ප්‍රතිකාරය - ඔබ කැමති ඕනෑම “සමථ භාවනා”වක් කිරීම.
3. ප්‍රඥාමය ප්‍රතිකාරය - ඔබ කැමති ඕනෑම “විදර්ශනා භාවනා”වක් කිරීම.
යෝජනා කළ හැක.

[ඉහත ක්‍රම ඕනෑම කායික - මානසික - අමනුෂ්‍ය - සාංසාරික ලෙඩකට / දෝෂයකට ද නොවරදින ම ප්‍රතිකාර ක්‍රම තුන කි.]

{ඔබ කලබල වන අවස්ථාව සිතින් මවාගෙන හෝ එම අවස්ථා හා ඊට අදාළ ප්‍රතිචාර (අනවශ්‍ය කලබය, දහදිය දැමීම, හද ගැස්ම වැඩිවීම, තොල-කට වියළීම ආදිය) දක්වන ඔබේ ශරීරයේ, මනස, මොළය, හදවත, දෙපා, දෙඅත්ල ආදී අංගයන්ට සාවධාන වීම ද තවත් ක්‍රමයකි.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll