672. (කර්ම) චේතනා විසි නමය ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. චේතනා 29 ලබා දෙන්න මූලාශ්‍ර සමඟ ගොඩක් පිං!

A. “මෙහි පුණ්‍යාභිසංස්කාරය දාන සීල - භාවනාදි දශ පුණ්‍ය ක්‍රියා වස්තු වශයෙන් පැවැති කාමාවචර කුසල චේතනා අටය භාවනා වශයෙන් ම පැවැති රූපාවචර කුසල චේතනා පස දැයි තෙළෙස් (13) චේතනාවෝ යි.

ප්‍රාණඝාතාදි දශ අකුශල වස්තු වශයෙන් පැවැති දොළොස් (12) අකුසල් චේතනාවෝ අපුණ්‍යාභිසංස්කාර නමි.

ආනෙඤ්ජාභිසංස්කාර නම් එසේම භාවනා වශයෙන්ම පැවැති සතර අරූපාවචර කුසල චේතනාවෝ යි. මේ ත්‍රිවිධ සංස්කාරයෝ එකුන්තිස් (29) චේතනාවෝ යි.”

https://pitaka.lk/books/vishuddhi-margaya/19-7.html

["එකූනතිංස කම්මානීති කුසලාකුසලවසෙන වීසති පරිත්තානි, නව මහග්ගතානීති එකූනතිංස කම්මානි."

"එවං පුඤ්ජාභිසඞ්ඛාරවසෙන තෙරස, අපුඤ්ඤාභිසඞ්ඛාරවසෙන ද්වාදස, ආනෙඤ්ජාභිසඞ්ඛාරවසෙන චතස්සොති සබ්බාපෙතා පරිපිණ්ඩිතා එකූනතිංස චෙතනා හොන්ති."

{කාමාචර ජවන 29 හා පටලවා නොගන්න - මෙය කියවන්න.

"තත්ථකාමරූපාවචරා තෙරස කුසලචෙතනා පුඤ්ඤාභිසඞ්ඛාරො, ද්වාදස අකුසලචෙතනා අපුඤ්ඤාභිසඞ්ඛාරො, චතස්සො ආරුප්පචෙතනා ආනෙඤ්ජාභිසඞ්ඛාරොති එවමෙතා එකූනතිංස චෙතනා සඞ්ඛාරා නාම. පටිසන්ධිවසෙන එකූනවීසතිවිධං, පවත්තිවසෙන ද්වත්තිංසවිධං විපාකචිත්තං විඤ්ඤාණං නාම."
https://tipitaka.app/?a=6i16-6-si

"අකුසල් සිත් දොළොසය - හසිතුප්පාද සිතය - මහා කුසල් සිත් අටය - මහා ක්‍රියා අටය - මහද්ගත කුසල් නවයය - මහද්ගත ක්‍රියා නවයය - ලෝකෝත්තර සිත් අටය යන මේ සිත් පනස් පස ජවන චිත්තයෝ ය."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll