952. සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය කියන්නේ මොන ලෝක ද??

A. "... සත්ත්වලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකයයි ලෝක තුනකි. ඒවා අතරින් පරම්පරා වශයෙන් පවත්නා වූ ඉන්‍ද්‍රියබද්ධ වූ රූප ධර්මයන්ගේ ද අරූප ධර්මයන්ගේ ද රූප අරූප ධර්මයන්ගේ ද සමූහය සත්ත්වලෝකයයි. පෘථිවිය පර්වත ආදී ප්‍රභේද ඇත්තේ අවකාශ ලෝකයයි. ඒ ලෝක දෙකෙහිම ස්කන්ධයන් සංස්කාර ලෝකයයි. ඒවා අතරින් සත්ත්ව ලෝකය මෙහි අදහස් කරන ලදී. එහෙයින් ‘ලොකෙ’ යනු සත්ත්ව ලෝකයෙහි. එහි ද දෙව්ලොවෙහි නොවේ. බඹලොවෙහි නොවේ. මිනිස්ලොවෙහිය. අනිත් සක්වළක ඇති මිනිස්ලොවක ද නොවේ. මේ සක්වළෙහිමය. එහිද හැමතැනම නොවේ. නැගෙනහිර දිශාවෙහි කජංගල නම් නියම්ගම ඇත. එයට පසු මහාසාලා නියම්ගමය. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. ගිනිකොන දිශාවෙන් සල්ලවතී නම් නදිය ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. දකුණු දිශාවෙහි සේතකණ්ණික නම් නියම්ගම ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. බටහිර දිශාවෙහි ථූන නම් බමුණුගම ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. උතුරු දිශාවෙහි උසීරද්ධජ නම් පර්වතය ඇත. ඉන් එහා ප්‍රත්‍යන්ත ජනපද ඇත. ඉන් මෙහා මැද යනුවෙන් සීමා කරන ලද දිගින් යොදුන් තුන්සියයක් වූ පළලින් යොදුන් දෙසිය පණහක් වූ වටේට යොදුන් නවසියයක් වූ මධ්‍යම දේශයෙහි තථාගතයන් වහන්සේ උපදිති. හුදෙක් තථාගතයන් වහන්සේ පමණක්ම නොවේ. පසේබුදුවරු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා බුද්ධමාතාව, බුද්ධ පියා, සක්විති රජවරු, අනිකුත් සාරබවට පත් බ්‍රාහ්මණ ගෘහපතීහු ද මෙහිම උපදිති. මෙහි වනාහි තථාගත වාරයෙහිම සියලු තැන් වශයෙන් මේ ක්‍රමය ලැබේ. අන් වාරවල එක් කොටසක් වශයෙන් ලැබේ."


"... තයො ලොකා – සත‍්තලොකො, සඞ‍්ඛාරලොකො, ඔකාසලොකොති. තෙසු ඉන්‍ද්‍රියබද‍්ධානං රූපධම‍්මානං අරූපධම‍්මානං රූපාරූපධම‍්මානඤ‍්ච සන‍්තානවසෙන වත‍්තමානානං සමූහො සත‍්තලොකො, පථවීපබ‍්බතාදිභෙදො ඔකාසලොකො, උභයෙපි ඛන්‍ධා සඞ‍්ඛාරලොකො. තෙසු සත‍්තලොකො ඉධ අධිප‍්පෙතො. තස‍්මා ලොකෙති සත‍්තලොකෙ. තත්‍ථාපි න දෙවලොකෙ, න බ්‍රහ‍්මලොකෙ, මනුස‍්සලොකෙ. මනුස‍්සලොකෙපි න අඤ‍්ඤස‍්මිං චක‍්කවාළෙ, ඉමස‍්මිංයෙව චක‍්කවාළෙ. තත්‍රාපි න සබ‍්බට‍්ඨානෙසු, “පුරත්‍ථිමාය දිසාය ගජඞ‍්ගලං නාම නිගමො, තස‍්ස අපරෙන මහාසාලා, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ; පුරත්‍ථිමදක‍්ඛිණාය දිසාය සල‍්ලවතී නාම නදී, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ; දක‍්ඛිණාය දිසාය සෙතකණ‍්ණිකං නාම නිගමො, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ; පච‍්ඡිමාය දිසාය ථූණං නාම බ්‍රාහ‍්මණගාමො, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ; උත‍්තරාය දිසාය උසිරද‍්ධජො නාම පබ‍්බතො, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ”ති (මහාව· 259) එවං පරිච‍්ඡින‍්නෙ ආයාමතො තියොජනසතෙ විත්‍ථාරතො අඩ‍්ඪතෙය්‍යයොජනසතෙ පරික‍්ඛෙපතො නවයොජනසතෙ මජ‍්ඣිමදෙසෙ උප‍්පජ‍්ජති තථාගතො. න කෙවලඤ‍්ච තථාගතොව පච‍්චෙකබුද‍්ධා අග‍්ගසාවකා අසීතිමහාථෙරා බුද‍්ධමාතා බුද‍්ධපිතා චක‍්කවත‍්තිරාජා අඤ‍්ඤෙ ච සාරප‍්පත‍්තා බ්‍රාහ‍්මණගහපතිකා එත්‍ථෙව උප‍්පජ‍්ජන‍්ති. ඉධ පන තථාගතවාරෙයෙව සබ‍්බත්‍ථකවසෙන අයං නයො ලබ‍්භති, ඉතරෙසු එකදෙසවසෙන."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll