798. සතුන් පොළවේ ඉපදුණේ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මනුෂ්‍යයා මෙලොවට පැමිණියේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් බව සඳහන් වුවත්, සතුන් මෙහි පහල වීමක් ගැන සදහනක් නැද්ද?

(මේක නිවනට කිසිම අදාලත්වයක් නැති ප්‍රශ්නයක් වුනත්, කතෝලික භක්තිකයෙකු මගෙන් ඇසූ නිසයි අහන්න හිතුනේ...)

A. පිං / කුසල් කළ සත්ත්වයන් පෘථිවිය සැකසුමෙන් (පෘථිවි සම්භවයෙන්) පසුව මුලින් (ප්‍රථමයෙන්) ම පෘථිවියෙහි පහළ (සම්භවය) වන්නා සේ ම, තිරිසන් සතුන්ගේ වාස භූමිය (තිරිසන් අපාය) වූ පෘථිවිය තුළ, පෘථිවිය සැකසුමෙන් (පෘථිවි සම්භවයෙන්) පසු, පසුව (දෙවනුව) පව් / අකුසල් කළ සත්ත්වයන් තිරිසන් සතුන් ආදී ලෙසින් පහළ (සම්භව) වේ යැයි සිතිය හැක.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll