244. සිව් පිළිසිඹියා පත් ...?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සිව්පිළිසිඹියාපත් රහතන් වහන්සේලා මෙකළ පහළ විය නොහැකි බව ඇසූවෙමි. මෙය කෙනෙකුට පහදා දෙන්න පුළුවන් ද​? මෙකළ කියන්නේ කොයි කළද කියා ද ප්‍රශ්ණයකි.

A. “ඒ ආර්ය පුද්ගලයා විසින් හේතු ඵල ආදී අර්ථයන් නිශ්චය කිරීමෙන් අත්ථපටිසම්භිදාව (අර්ථ දැනීමේ ඥානය) ලබන ලද්දීවෙයි. ප්‍රත්‍යක්ෂ කරන ලද්දීවෙයි. නුවණින් ස්පර්ශකරන ලද්දීවෙයි. ඵලය උපදවන හේතුව ආදී පඤ්ච ධර්මයන් නිශ්චය කිරීමෙන් ධර්ම පටිසම්භිදාව (ඒ ධර්මයන් පිළිබඳ දැනීම) ලබන ලද්දීවෙයි. ප්‍රත්‍යක්ෂ කරණ ලද්දීවෙයි. නුවණින් ස්පර්ශ කරන ලද්දීවෙයි. ඒ අර්ථ ධර්ම දෙදෙනාගේ නිරුක්තිය නිශ්චය කිරීමෙන් නිරුක්ති පටිසම්භිදාව (ශබ්ද අර්ථ දෙකේ තත්වූ පරිදි දැනීම) ලබන ලද්දීවෙයි. ප්‍රත්‍යක්ෂ කරන ලද්දීවෙයි නුවණින් ස්පර්ශ කරන ලද්දීවෙයි.
[2] ප්‍රතිභානය මුලින් කී තුන් වැදෑරුම් පටිසම්භිදා ඥානයන් නිශ්චය කිරීමෙන් පටිභාන පටිසම්භිදාව ලබන ලද්දී වෙයි. ප්‍රත්‍යක්ෂ කරන ලද්දීවෙයි. නුවණින් ස්පර්ශ කරන ලද්දී වෙයි. මෙසේ ඒ ආර්ය පුද්ගලයා විසින් මේ සිව් වැදෑරුම් පටිසම්භිදාවෝ ලබන ලද්දාහුවෙත්. ප්‍රත්‍යක්ෂ කරන ලද්දාහු වෙති. නුවණින් ස්පර්ශ කරන ලද්දාහුවෙති.” - http://pitaka.lk/54121/cs,aps

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll