Q. සමහර ප්‍රශ්න කොහොම විසදාගන්නද මන්දා..අපේ වෙලද ආයතනයට ස්වාමින් වහන්සෙලා වඩිනවා..භාන්ඩ මිලදීගෙන පර්ස් එක ඇරලා සල්ලි දෙනවා..
භික්ශුන්ගෙන් මුදල් ගන්න එක ......ඉතිරි සල්ලී දෙන එක ..අපිව එතනදී අසරණවෙනවා...ඉයෙත් එහෙම දෙයක් උනා..වෙන විකල්පයක් නැතිනිසා ත්‍රිවිල් රියදුරාට ඉතිරි සල්ලි දුන්නා..එ ස්වමින්වහන්සේ මම දිහා අමුතු සතෙක් දැක්කා වගේ බලලා ගියා...
දායකයෙකු නොපැමිනියෙනම් අපි ගොඩක් අසරණ වෙනවා....මෙකට කිසිදු විසදුමක් මට පෙන්න නම් නෑ කඩේ ඉස්සරහ ස්වන්වහන්සේලා සමග ගනදෙනු කරන්නේ නැත කියලා ගැහුවොත් එක ස්වමින්වහන්සේ නමක් වත් වඩින එකක් නෑ..එ ස්වාමින්වහසෙලා කෙලින්ම වඩින්නේ හන්දියේ මුස්ලිම් කඩේට...
මේ ගැටලුව ප්‍රයොගිකව කොහොම කලමනාකරණ ගන්නද...අපි අපිට භාන්ඩ එන මිලටම පන්සල් වලට දෙන නිසා දවසකට ස්වාමින් වහන්සෙලා දෙනමක් තුන්නමක් වඩිනවා....එතකොට අපිට දිනපතා අකුසල් රැස්වෙන්වා...
A. හිමිවරු මුදල් භාවිතය හෝ වෙනයම් වරදක් (ඇවතක්) / පවක් / අකුසලයක් සිදු කරන්නේ නම්, එහි / ඒවායේ අහිතකර විපාක උන්වහන්සේලා වෙත ම පැමිණෙනු ඇත - උන්වහන්සේලා ම ඒවා විඳිනු ඇත.
[ඒ බව ද සිතන්න!]
හිමිවරු ඔබ වෙත වඩිනවා මිස ඔබ හිමිවරුන් වෙත නොයනා බැවින් ද, එම අවස්ථා ඔබට පිනක් / කුසලයක් කරගැනීමේ අවස්ථා ලෙස පාවිච්චි කරන්න දක්ෂ වෙන්න.
“සුවිශේෂී පාරිභෝගික කොටසක්” ලෙස සලකා, හිමිවරුන් හට ඉතා ගෞරවයෙන්, සැලකිල්ලෙන්, ඕනෑකමින් හා සාධාරණ ලෙස (හෝ වෙනත් පාරිභෝගිකයන්ට වඩා අඩු මුදලකට හෝ හැකි නම් පමණක් නොමිලයේ හෝ) හැකි භාණ්ඩ හා සේවා (පංසලට ම ගෙන ගොස් දී හෝ) සපයා පිං / කුසල් රැස් කරගන්න.
[ඔබ ගැනුම් මිලට ම පංසල් සදහා දෙන බැවින්, ඒ ගනුදෙනුව පංසලේ දායක සභාව හෝ දායක මහතෙක් වැනි “ගිහි-ගිහි” (“ගිහි-පැවිදි” නොවන”) ගනුදෙනුවක් බවට පත් කරගැනීමට වැනි උපායශීලී ක්‍රමයක් අනුගමනය කළ ද හැක - හිමිවරුන්ගේ දෛනික / සතියක / මාසික ඇණවුම් සටහන් කරගෙන එසේ කිරීමෙන් ආදියෙන් ඔබ හා හිමිවරුන් අතර වන මුදල් ගනුදෙනු ආදිය වැළකී යයි.]
කුමන ක්‍රමයකින් හෝ (ඔබ ද ඇතුළුව) කිසිදු පාර්ශවයකට අපහසුතාවයන් නොවන, පව් / අකුසල් නොවන හා ප්‍රශ්නයෙන් පලානොයන ආකාරයෙන් කටයුතු කිරීමට “වෙළඳ ඥානය / ව්‍යාපාරික ඤාණය” ද භාවිතා කරන්න!