828. හෙළටුවා ගිනි තිබ්බේ කවුද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදුගොස් හිමියෝ හෙළ අටුවා ගිනිතිබ්බාලු; මේක ඇත්තද? එහෙනම් ඇයි ඒ?

Q. ගිනිතැබූ කතාව සඳහන් වන්නේ කුමන පොතේද?

A. පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් විසින් රචිත පාලි සාහිත්‍යය පොතෙහි සඳහන් වෙි. ඇතුන් හත් දෙනෙකුගේ උසට ගොඩගසා ගිනි තබා ඇත.
පාලි සාහිත්‍යය - පොල්වත්තේ බුද්ධදත්ත හිමි.pdf

Q / A. “ප්‍රශ්ණය : එතුමන් වහන්සේ සිංහල අටුවා ගිණිබත් කළා ද? ….

කරුණු මෙසේ හෙයින් එම ග්‍රන්ථයේ දැක්වූ බොහෝ කරුණු වැරදි බව මෙසේ නිගමනය කළ හැක. එබැවින් එම “බුද්ධඝොසුප්පත්ති” ග්‍රන්ථයේ පමණක් සඳහන් වන සිංහල අටුවා ගිණිතැබීමේ සිදුවීම ද ඉහත සිදුවීම් සේම අසත්‍යයක් බව මෙසේ නිගමනය කරමු.”

1. බුදුගොස් මාහිමියන්ට පසුකාලීන ග්‍රන්ථ වල සිංහල අටුවා ගැන සඳහන් වීම හා ඉන් පසු බොහෝ කලක් යනතුරු සිංහල අටුවා පැවති බව.

බුදුගොස් මාහිමියන්ගේ ග්‍රන්ථ රචනාවට බොහෝ කාලයකට පසුව රචනා වූ ග්‍රන්ථ වලට ද සිංහල අටුවාවන්ගෙන් කරුණු උපුටාගැනීමෙන් පෙනී යන්නේ එයින් බොහෝ කාලයක් යන තුරු සිංහල අටුවා ශේෂව තිබුණු බවයි. ඊට උදාහරණ කීපයක් මෙසේ දක්වමු. …”


පිංතූරය = පාලි සාහිත්‍යය - පොල්වත්තේ බුද්ධදත්ත හිමි = එහි ද දක්වා ඇත්තේ “බුද්ධඝෝසුප්පත්තිය” ග්‍රන්ථයේ සාරාංශය ය.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll