07. භික්ෂූන් වහන්සේලාට කැප ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. භික්ෂූන් වහන්සේලාට, ගිහියන්ගේ අවසන් කටයුතු සඳහා පැමිණීමට කැප ද? එය භාග්‍යවතුන් වහන්සේ අනුමත කළේ ද?

A. “මාගේ පෞද්ගලික අදහස” නම් ඔබ හෝ ඕනෑම කෙනෙක් විසින්: 

1. මුල් බුදු සමය, 
2. පසු බුදු සමය, 
3. බෞද්ධ දර්ශනය
4. (එක් එක් රටට ආවේණික) බෞද්ධ සංස්කෘතිය,
5. (එක් එක් රටට ආවේණික) ජනප්‍රිය බුදු දහම,

යන මාතෘකා පහ ඔස්සේ (ප්‍රථමව ප්‍රමාණවත් හෝ ගැඹුරු අධ්‍යයනයක් කොට හෝ) විවේක බුද්ධියෙන් හා විවෘත මනසකින් කල්පනා කොට බැලිය යුතු බවයි.

එවිට ඔවැනි බොහෝ ප්‍රශ්න පැන නොනගිනවා ඇත. එමෙන්ම ඔවැනි ප්‍රශ්න සඳහා නිසි පිළිතුරු පවා ලැබෙනවා ඇත.

(කණගාටුයි!, මා විසින් ඔබගේ මෙම ප්‍රශ්නයට එක එල්ලේ පිළිතුරක් ලබා දීම ද නැවත ප්‍රතිඋත්තර බැඳීම ද මුළුමනින්ම නොසලකා හැර ඇත. ඔබට වෙනත් කෙනෙකු විසින් පිළිතුරු ලබා දෙනු ඇත. ස්තූතියි!)

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll