356. යන්ඩ ම ඕනෙ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. යම් ධර්ම දේශනාවක් හෝ යම් පිරිත් සූත්ර දේශනාවක් හෝ කිරීමේදී එ සදහා එම ස්ථානයට යාමත් නැවත ද එම ස්ථානයට නොයා විදුයුත් මාද්ධයක් ඔස්සේ එය ශ්රවනය කරලීමෙන් එය අවබෝධ කර ගැනීමත් කුසල් සිතුවිලි උපදවා ගැනීමත් අතර වෙනසක් තිබේ ද?

A / R. “ශ්‍රවණය” කිරීමේ දී නම්, කෙසේ හෝ කොතැන දී හෝ “මැනවින් ශ්‍රවණය කිරීම් ආදිය”යි (https://pitaka.lk/?node=31184&coll=cs,aps - https://pitaka.lk/?node=29291&coll=cs,aps - https://pitaka.lk/?node=35133&coll=cs,aps) වැදගත් වනුයේ. නමුත්, ධර්ම/පිරිත් ශ්‍රවණාදී පුණ්‍යක්‍රියා සඳහා පෙර-පසු-තත්කාලීන වශයෙන් කායිකව ද සහභාගී වීමෙන්, සිතින්-කයෙන්-වචනයෙන් බොහෝ පිං/කුසල් රැස්කර ගත හැකි අතර ම, මානසික, සමාජීය, පෞර්ෂීය හා චර්‍ය්‍යාත්මක වශයෙන් ආදියෙන් ද මනා දියුණුවක් ඇති කරගත/ඇතිකළ හැක.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll