Q. 1. විපාක/ආනිසංස මෙනෙහි කරමින් කරන කර්ම බලයෙන් වැඩි ද?
2. කර්මවලින් නිවන පමා කරනව ද?
3. ඥාන සම්ප්‍රයුක්ත/ඥාන විප්‍රයුක්ත තාවය මත විපාක/ආනිසංශ වෙනස් වෙනවා ද?
4. මේක ලෞකික-ලෝකෝත්තර මත අතර පැටලීමක් ද?
A. 1. ඔව්, විපාක/ආනිසංශ (කර්ම-කර්ම ඵල) මෙනෙහි කරමින් කරන කර්මවල බලය ගොඩක් වැඩියි. එක් විදිහකින්, ‘ඥාන සම්ප්‍රයුක්ත’ කියල කියන්නෙත් ඒකට ම තමා. එත් ‘ඥාන සම්ප්‍රයුක්ත’ කුසල කර්ම මිස අකුසල කර්ම නං නෑ (‘ඥාන සම්ප්‍රයුක්ත’ පුඤ්ඤාභි සංඛාර මිස අපුඤ්ඤාභි සංඛාර නං නෑ).
2. (ලෞකික පුඟුලන්ගේ) අපුඤ්ඤාභි සංඛාර/ආනෙඤ්ජාහි සංඛාර නම් කොහොමත්ම නිවන පමා කරනවා; පුඤ්ඤාභි සංඛාර වලින් නිවන පමා කරන්නත් පුළුවන්, නොකරන්නත් පුළුවන්.
3. ඔව්, ඥාන සම්ප්‍රයුක්ත/ඥාන විප්‍රයුක්ත තාවය මත විපාක/ආනිසංශ වෙනස් වෙනවා. ‘ඥාන සම්ප්‍රයුක්ත’ කර්මයක විපාක/ආනිසංශ ගොඩක් බලවත්.
4. මත පැටලීමක් නෑ. ලෝකෝත්තර දේවල් නං ‘ඥාන සම්ප්‍රයුක්ත’ ව ම තමා කරන්න තියෙන්නේ. ලෞකික දේවලුත් ‘ඥාන සම්ප්‍රයුක්ත’ ව කරන්නත් පුළුවන්.
T. පිනක්/කුසලයක් කරන විට ඉතාම වැදගත්ම දෙය නම් (ලෞකික හෝ ලෝකෝත්තර අරමුණු, අරමුණු කොට) ‘ඥාන සම්ප්‍රයුක්ත’ වීම ම ය.
Q. (ලෞකික පුද්ලයන්ගේ) ආනෙඤ්ජාහි සංඛාර කොහොමත්ම නිවන පමා කරනවානම්, පුඤ්ඤාභි සංඛාර වලින් නිවන පමා නොකරන්නත් පුළුවන් වෙන්නේ ඇයි?
A. අරූපාවචර භව වල ඉපදුණොත්, ඒ භවයේ ඇති කාලයෙන් නිවන පමා කරනවා.
පුඤ්ඤාභි සංඛාර, කෙනෙක්ට සැප පහසුවෙන් සතුටෙන් නිවන ලබාගන්න උපකාරී වෙන්න පුළුවන් (සැපෙන්/සුවෙන්/පහසුවෙන් “නිවන් දකින්න” පුළුවන්).
Q. විපාක/ආනිසංස මෙනෙහි කරමින් කරන කර්ම සංකාර, කර්ම ඇති වීමට මූලික වෙන්නේ නැද්ද?
ඒක යමකට ඇලීමක් නෙවෙයි ද?
A. මෙතැනදී “සංඛාර” කියල කියන්නෙත් “කර්ම” වලටම තමා (“සංඛාර” කියන පදයට තවත් අරුත් තියනවා).
යමකට/යමෙකුට ඇලිලාත්/ගැටිලත්/මුලා වෙලත් “කර්ම” කරන්න පුළුවන්; නොඇලී/නොගැටී/නොමුලාව “කර්ම” කරන්නත් පුළුවන්.
කාමයන්ට, භවයන්ට ආදියට ඇලිලාත්/ගැටිලත්/මුලා වෙලා වගේම; ඒවාට නොඇලී/නොගැටී/නොමුලාව ‘ඥාන සම්ප්‍රයුක්ත’ වෙනත් පුළුවන්, විපාක/ආනිසංශ (කර්ම-කර්ම ඵල) මෙනෙහි කරමින් ‘ඥාන සම්ප්‍රයුක්ත’ වෙනවා වගේම හෝ/හා එසේ වීම තුළින්ම.
Q. 1) “සංඛාර” කියන පදයට තියන තවත් අරුත් මොනා ද?
2) යමෙකු ආනිසංශ මෙනෙහි කරමින් යම් ක්‍රියාවක් කරන්න පුලුවන්ද ඇලීමක් නැතිනම්?.
3) සැබෑවටම අත්හැරීමක් වශයෙන් දෙයක් කරනවා නම් ආනිසංශ මෙනෙහිකිරීම සිදු කළ යුතු ද?
A. 1. (i) හේතු ප්‍රත්‍යන් විසින් ඇති කරන ලද, (ii) හටගත්, (iii) මතු විපාක ඇති කරවන ...
2. පුළුවන්; පිං-කුසල් කරන වෙලාවට (“අමෝහය” වගේම) “අලෝභය” යෙදෙන නිසා.
3. ඔව්, කළ යුතුයි; එතැනදීත් ප්‍රඥාවේ (‘අමෝහයේ’/‘විද්‍යාවේ’/‘සම්මා දිට්ඨියේ’) තියන වටිනාකමත් ඒකම තමා. “ලෞකික ප්‍රඥාව” (තුළ, ‘කරන යහපත් අයහපත් කර්මයන්ගේ ඵල විපාක ඇත’) යෙදෙන එක ගොඩක් වටිනවා.
[“ලෞකික ප්‍රඥාව” තුළත්, ‘ඥාන සම්ප්‍රයුක්ත වීම’ ඉතාම වටිනා දෙයක්. (“ප්‍රඥාව” කොතැන, කොහොම යෙදුණත් ඉතාම වටිනා දෙයක් / වටිනා ම දෙය යි.)]