246. "විභාග බිය" ඇතිවෙලා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. විභාග නිසා ඇතිවන මානසික පීඩනය අඩුකරග්නේ් කොහොම ද?

A / R. විභාගයකට (මුහුණ දීමේදී) ඇතිවිය හැකි බිය හා ආතතිය ඇතිවන අවස්ථා,

1. (විභාගයට) පෙර.
2. තත්කාලීන (විභාගයට පෙනී සිටින අවස්ථාව).
3. (විභාගයට) පසු.

ලෙස දැක්විය හැක.

විභාගයක් නිසා ඇතිවන බිය හා ආතතියෙන් මිදීමට හොඳම දෙය නම්, දුරතියා (කල්තියා) විභාගයට අදාළ දෑ (කල් නොදමා, අතපසු නොකොට) එදිනෙදා කරමින්, සතුටින් සැහැල්ලුවෙන්, බාහිර දෑ ද කරන අතර තුරේම විභාගයට සුදානම් වීමය.

විභාගයක් ළංවූ විට හෝ “අත ළඟටම” හෝ “කට උඩටම” ආ විට දැනෙන බිය හා ආතතිය පොදු වුවත්, එකිනෙකාගේ ආතති මට්ටම වෙනස් ය. එසේ කළින් සුදානම්නොවූ කෙනෙකුගේ ආතති මට්ටම ඉහළ අගයක් ගත හැක. (ඇතැමුන්ට කිසිදු සුදානම් වීමක් ද අනවශ්‍ය ය.)

කෙසේ වෙතත් ඔබේ බියට හා ආතතියට හේතුව ඔබම හඳුනාගෙන ඊට පිළියම් කරන්න. ඔබේ බියට හා ආතතියට හේතුව සුදානම් නොවීම හෝ “කල් මදිවීම” නම් ...

1. ඔබ දැනටමටත් දන්නා විෂය කරුණු හා ඔබේ මතකය මත විශ්වාසය තබා ධෛර්ය සම්පන්නව විභාගයට මුහුණ දෙන්න.
2. ඔබට දැන් ලැබී ඇති කාලය මැනවින් කලමානකරණය කොට සුදානම් වෙන්න.
උදා: කෙටි සටහන්/ඉතා වැදගත් කරුණු පමණක් අධ්‍යනය කරන්න (සියලුම විෂය කරුණු ගැන වදවෙන්න එපා.)
3. අධ්‍යන කටයුතු අතරතුර විටින් විට හෝ ඉතා කුඩා විවේක හෝ ගැනීමට ද සතුට සැහැල්ලුව ගෙන දෙන දේ කිරීමට ඉතා කුඩා කාලය හෝ වෙන් කිරීමට ද ප්‍රමාණවත් නින්දක්/ආහාරයක් ගැනීමට ද ... අමතක නොකරන්න.

ඉතා වැදගත්: කුමන තත්ත්වයක් මත හෝ මෙවරම විභාගයට පෙනී සිටින්න.
[(“ඊළඟ සැරේ හොඳටම/බරටම කරන එක වෙනම මාතෘකාවක් (‘වෙනම කතාවක්’)”.]

{මෙකල බොහෝ දෙනාගේ ඉංග්‍රීසි භාෂා දැනුම සැලකියයුතු මට්ටම ඇති බැවින් - පහත කරුණු අනුසාරයෙන් ද ඥාණනය වී ප්‍රායෝගික වෙන්න [ඇතැම් කරුණු ඉතා කෙටියෙන් ඉහත ද ඇතුළත් ය]. https://www.wikihow.com/Deal-With-Exam-Stress}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll