834. පළමු දෙවැනි තෙවැනි සිව්වැනි උතුමන් මේ සසුනෙහි ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සම්බුද්ධසාසනයේ පලමු දෙවෙනි තුන්වෙනි සතරවෙනි ශ්‍රාවකයන් සිටින බව දේශනා කල සුත්‍රය කුමක්ද?

A / R. “මහණෙනි, පළමුවැනි (සෝවාන්) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. දෙවැනි (සකෘදාගාමි) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. තුන්වැනි (අනාගාමි) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. සතරවැනි (රහත්) ශ්‍රමණ තෙමේද මේ ශාසනයෙහිම ඇත්තේය. මෙයින් අන්‍යවූ වාදයෝ (ශාසන) ශ්‍රමණයන්ගෙන් හිස්ය. මහණෙනි මෙසේ මේ සිංහ නාදය මනාකොට නාද කරව්."

[‘‘ඉධෙව, භික්ඛවෙ, සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො; සුඤ්ඤා පරප්පවාදා සමණෙභි අඤ්ඤෙහීති (සමණෙහි අඤ්ඤෙති (සී. පී. ක.) එත්ථ අඤ්ඤෙහීති සකාය පටිඤ්ඤාය සච්චාභිඤ්ඤෙහීති අත්ථො වෙදිතබ්බො). එවමෙතං (එවමෙව (ස්‍යා. ක.)), භික්ඛවෙ, සම්මා සීහනාදං නදථ."]

{R. ‘‘‘ඉධෙව, භික්ඛවෙ, (පඨමො) සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො; සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙහී’ති (සමණෙහි අඤ්ඤෙති (සී. පී. ක.) එත්ථ අඤ්ඤෙහීති සකාය පටිඤ්ඤාය සච්චාභිඤ්ඤෙහීති අත්ථො වෙදිතබ්බො. දී. නි. 2.214; ම. නි. 1.140) - එවමෙතං, භික්ඛවෙ, සම්මා සීහනාදං නදථ."}


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll