309. අරියකාන්ත සීලය / ආර්ය කාන්ත ශීලය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආර්යකාන්ත සීලය (අරියකාන්ත ශීලය) යනු කුමක් ද?

A / R. "සෝවාන් පුද්ගලයන්ගේ ශීලය.

සංයුක්ත නිකායේ සෝතාපත්ති සංයුක්තයේ හා තවත් බොහෝ තැන්වල ද සෝතාපත්තියංග සතරක් දක්වා ඇත්තේ ය. එහි සතරවන අංගය වශයෙන් දකවා ඇත්තේ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වන බව ය. ඒ ආර්‍ය්‍යකාන්ත ශීලය කුමක්ද යන බව මහාපරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙසේ දක්වා ඇත්තේ ය.

"අරියකන්තේහීති අරියානං කන්තේහි පියෙහි මනාපේහි පඤ්චසීලානි හි අරියසාවකානං කන්තානි හොන්ති භවන්තරේ පි අවිජ්හිතබ්බතො" මෙයින් දැක්වෙන්නේ පඤ්චශීලය අරියකන්ත ශීලය කියා ය. මේ අනුව කිවයුත්තේ සෝවාන් පුද්ගලයන්ගේ නිත්‍ය ශීලය පඤ්චශීලය බව ය."

S. “අරියකන්තෙහීති අරියානං කන්තෙහි පියෙහි මනාපෙහි. පඤ්ච සීලානි හි අරියසාවකානං කන්තානි හොන්ති, භවන්තරෙපි අවිජහිතබ්බතො. තානි සන්ධායෙතං වුත්තං. සබ්බොපි පනෙත්ථ සංවරො ලබ්භතියෙව.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll