323. කසිණ මණ්ඩලයේ විෂ්කම්භය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කසිණ මණ්ඩලයේ විෂ්කම්භය සහ එය වාඩි වන තැන සිට තැබිය යුතු දුර කෙසේද?

A / R. “… සෑම කසිණයක් ම කුඩා කොට ගන්නා කල්හි එක් වියත් සතර අඟලක් පමණ විය යුතු ය. මහත් කොට ගන්නා කල්හි කුඩයක් පමණට කමත් පමණට කසිණය ගැන්මට ද වටනේ ය. පඨවි කසිණය සඳහා ගත යුත්තේ තරමකට රතු පස් ය. තද රතු පස හෝ අන් පැහැයක පස හෝ කසිණය තැනීමට නො ගත යුතු ය. බිම ම හෝ ලෑලි ආදි යම් කිසිවක හෝ මැටි ගා එය තනා ගැනීම සුදුසු ය. මැටි හොඳින් අනාගෙන කඩතොලු නැති සැටියට මට්ටමට එය සාදා ගත යුතු ය. පඨවි මණ්ඩලාදියට කසිණ යයි කියනුයේ, භාවනා කිරීමේ දී සැම තැන ම අරමුණු කොට භාවනා කළ යුතු නිසා ය.” >

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll