Q. අසංඥා භුමි යනු මොනවාද..? එහිදී සිත් පහල නොවේද..? නොවේ නම් ඒ භූමියෙන් චුත ව වෙනත් භූමියක උපත ලැබූ පසු නැවත සිත් පරම්පරාවක් හට ගන්නේ කෙසේද..?
A / R. “චතුර්ථ ධ්‍යාන භූමිවලින් 'වේහප්ඵල' 'අසංඥ සත්ත්ව' භූමි දෙක්හි ආයුෂය කල්ප පන්සියය බැගිනි.
කල්ප පන්සියයක් අසංඥ භූමියෙහි වැස ච්‍යුත වන්නා වූ පුද්ගලයා හට ච්‍යුති චිත්තයක් නැත. අවසාන වරට ඔහුට ඇති වන ජීවිත නවක රූප කලාප ම ඔහුගේ ච්‍යුතිය ය. කර්ම - කර්ම නිමිති - ගති නිමිති වැටහීමක් ද ඔහුට නැත. අසංඥ භවයට පැමිණීමට පෙර ඔහු විසින් ලබා සිටි පඤ්චම ධ්‍යානයේ උපචාර චේතනාවන් විසින් මතුකර දෙන කර්මාදිය අතුරෙන් එකක් අරමුණු කොට අසංඥසත්ත්ව ච්‍යුතියෙන් පසු ඔහුට කාමාවචර ප්‍රතිසන්ධිය ඇති වේ.”
[“සූත්‍ර පිටකයේ දක්නා ලැබෙන්නේ ධ්‍යානවල චතුෂ්ක ක්‍රමය ය. අභිධර්ම පිටකයේ ක්‍රම දෙකක් ම දක්වා තිබේ. චතුෂ්ක ක්‍රමය පඤ්චක ක්‍රමයට ඇතුළත් වන බැවින් චිත්තවිභාගය පඤ්චක ක්‍රමය අනුව කර තිබේ. රූපාවචර භූමි ඇත්තේ චතුෂ්ක ක්‍රමය අනුව ය. පඤ්චක ක්‍රමයේ ද්විතීය තෘතීය ධ්‍යාන දෙක චතුෂ්ක ක්‍රමයේ ද්විතීය ධ්‍යානය වේ.”]
{“අසංඥ භූමියේ එක් සිතකුදු නො ලැබේ.
භූමි එක් තිසෙන් අසංඥ භූමියෙහි ඇත්තේ රූපස්කන්ධය වූ එක් ස්කන්ධයක් පමණෙකි.
අසංඥ භූමියෙහි ආර්‍ය්‍යයෝ නැත්තා හ.
අසංඥ භූමියේ ලැබෙන්නේ එකම සුගති අහේතුක පුද්ගලයා ය.
අසංඥ භූමියෙහි ප්‍රතිසන්ධිය වශයෙන් ඇති වන්නේ ද රූපම ය. ප්‍රවෘත්ති කාලයේ දී ද එහි ඇත්තේ රූපම ය. ඒ භවයෙන් ච්‍යුත වන කාලයේදී ද ඒ රූප පරම්පරාව නිරුද්ධ වේ.
අසංඥ භවයෙහි උපදනා සත්ත්වයනට ච්‍යුතියෙන් පසු ප්‍රතිසන්ධි චිත්තයක් ඇති නො වේ. ඔවුනට ච්‍යුතියෙන් පසු අසංඥ භවයෙහි ප්‍රතිසන්ධිය වශයෙන් ඇති වන්නේ ජීවිත නවක රූප කලාපයෝ ය. එබැවින් ඔවුහු රූප ප්‍රතිසන්ධිකයෝ ය. අරූප භූමියෙහි උපදන සත්ත්වයෝ අරූප ප්‍රතිසන්ධිකයෝ ය. ඉතිරි ප්‍රතිසන්ධි ඇති වන කල්හි ඒවා හා රූපත් ඇති වන බැවින් අසංඥ සත්ත්වයන් හා අරූපී සත්ත්වයන් හැර සෙස්සෝ රූපාරූප ප්‍රතිසන්ධිකයෝ ය.”}