Q. අතිපරිත්තාරම්මණය කොතනකින් පටන් ගනීද? පහත රූප සටහන නිවැරදි ද?
A. රූප සටහන නිවැරදිය - (ඊතල මඟින්) පෙන්වා දීම් වැරදිය. ඕනෑම “චිත්ත වීථියක්” පටන්ගන්නේ අංක 1න් ය; එහෙත් “අතීත භවාංග” මත පදනම් වැ, මෙම රූපය (හෝ වීථි සටහන්) අනුව සාමාන්‍යයෙන් කියන විට අංක 1න් අතිමහත්තාරම්මණ වීථි ද, අංක 2න් මහත්තාරම්මණ වීථි ද, අංක 4න් පරිත්තාරම්මණ වීථි ද, අංක 10න් අතිපරිත්තාරම්මණ වීථි ද ඇතිවන බව කිව හැකිය; එසේ (“අතීත භවාංග” මත පදනම් වැ) කීව ද, සත්‍ය වශයෙන් ම නම් “වීථි සිත්” ඇතිවන්නේ / ආරම්භවන්නේ පිළිවෙලින් අංක 4න්, 5න්, 7න් සහ “වීථි සිත්” නූපදී - එසේ කියන්නේ, “අතීත භවාංග” දක්වන්නේ රූපයේ ආයුෂවලට සාපේක්ෂව නිසා බැවින් හා අංක 1, 2, සහ 3 යනු “භවාංග සිත්” 3ක් ම වන බැවිනි - “වීථි සිත්” ගණන් ගත යුත්තේ “ආවර්ජන චිත්තයේ” (පංචද්වාරාවර්ජනයේ) සිට ත් බැවින.
{සාමාන්‍යයෙන් කියන විට, අතිමහත්තාරම්මණ වීථි ඇතිවෙන්නේ “අතීත භවාංග” සිත් 1ක් ඇති වෙලා;
මහත්තාරම්මණ වීථි ඇතිවෙන්නේ “අතීත භවාංග” සිත් 2ක් / 3ක් ඇති වෙලා;
පරිත්තාරම්මණ වීථි ඇතිවෙන්නේ “අතීත භවාංග” සිත් 4ක් / 5ක් / 6ක් / 7ක් / 8ක් / 9ක් ඇති වෙලා;
අතිපරිත්තාරම්මණ ඇතිවෙන්නේ “අතීත භවාංග” සිත් 10ක් / 11ක් / 12ක් / 13ක් / 14ක් / 15ක් ඇති වෙලා.}