594. සම්පත්තිය ද? විපත්තිය ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1. ගති සම්පත්ති/විපත්ති. හා 2. උපදි සම්පත්ති/විපත්ති. යන්නෙහි සරළ විස්තර කිරිමක් කරන්නට කාරැණික වන්න...

A / R. “‘ගති සම්පත්තිය’ යනු කුශල කර්ම බලයෙන් ලබන යහපත් ආත්මභාවය ය. මිනිසකු වීම හා දෙවියකු වීම ගති සම්පත්තිය ය. මිනිස්ව දෙවිව ඉපදීම් වශයෙන් යහපත් ආත්ම භාවයක් ලබා සිටින්නහුට ඒ ගතිසම්පත්තිය නිසා අතීතයෙහි කළ නොයෙක් කුශලයන් ගේ විපාක ලැබෙන්නට වන්නේ ය. ඒ ගති සම්පත්තිය නිසා ඔහුට ඇත්තා වූ අකුශල කර්මයන්හට විපාක දීමට ඒ කාලයේ දී ඉඩ නො ලැබෙන්නේ ය.

‘උපධි සම්පත්ති’ යනු හොඳින් වැඩුණා වූ අංග සම්පූර්ණ වූ ශෝභන ශරීරය ය. උපධි සම්පත්තිය ඇති කල්හි කුශල කර්මයන් විපාක දීම් වශයෙන් ගිය ගිය තැන දී සැලකිලි ලැබෙන්නේ ය. ඒ අවස්ථාවේ දී ඒ උපධි සම්පත්තිය නිසා අකුශල කර්මයන්හට විපාක දීමට අවකාශ නො ලැබේ.

‘ගති විපත්තිය’ යනු අපාය භවය ය. තිරශ්චීන භවාදි අපායට අයත් භවයක උපන්නහුට ඒ අවස්ථාව අකුශල කර්මවලට විපාක දීමට හොඳ අවස්ථාව ය. එබැවින් අපායක උපන් සත්ත්වයාට ඒ අවස්ථාවෙහි දී දුබල වූ ද අකුශල කර්මයෝ විපාක දෙන්නාහ. ඔහුට බොහෝ කුශල් ඇතත් ඒ කාලයේ ඒවායේ විපාක නො ලැබෙන්නේ ය. ලැබෙතත් ලැබෙන්නේ බලවත් වූ කුශලයකින් ද ඉතා අල්ප විපාකයෙකි.

‘උපධි විපත්තිය’ යනු ශරීරය යහපත් නො වීම ය. විරූප බව, අත්පා සුන් බව, කොර බව, අන්ධ බව, ගොළු බව, බිහිරි බව, පරංගි ලාදුරු ආදි දීර්ඝ කාලයක් පවත්නා රෝගයකින් පෙළෙන බව යනාදිය ය. බලවත් කුශල කර්ම ඇත ද උපධිවිපත්තියෙහි සිටියහුට උපධි විපත්තිය නිසා ඒවායේ විපාක නො ලැබෙන්නේ ය. රජ වීමට සුදුසු පින් ඇතිව රාජකුලයෙහි ඉපද සිටියත් සමහර විට උපධිවිපත්තිය නිසා රජකම නො ලැබී යන්නේ ය. උපධිවිපත්තියේ සිටියහුට දුබල වූ ද අකුශල කර්මයෝ විපාක දෙන්නාහ.”

https://pitaka.lk/books/dharma-winishchaya/43.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll