Q. මහණ වීමේදී සිදු කරන හිස මුඩු කිරීම පිළිබදව දැනගැනීමට කැමතියි - හේතුව, ප්‍රයෝජන, ...
A / R. “තචපඤ්චක කර්මස්ථානය” යනු කෙස් - ලොම් - නිය - දත් - සම යන මේ ශාරීරික කොටස් පස පිළිබඳ සතිපට්ඨාන භාවනාව ය. මෙය කියා දෙන ගුරුවරයා විසින් ඉතා ආදරයෙන් පැහැදිලි ලෙස කියා දිය යුතු ය. කෙස් රොදක් ඔහුගේ අතට දී “දරුව, මේ කෙස් දෙස බලන්න. ඔබ සිත එයට යොමු කරන්න. මේ කෙස්වල පැහැයත් කැතය. සටහනක් කැතය, දුඟඳ නිසාත් මේවා කැතය, ලේ සැරව මලමුත්‍ර පිත් සෙම් ආදියෙන් හටගත් නිසාත් කැතය. ලොම් නිය දත් ආදි කුණප කොට්ඨාසයෙහි හටගත් දෙයක් වන නිසාත් මේ කෙස් කැතය” යි කෙස්වල පිළිකුල් බව කියා දිය යුතු ය. ලොම් නිය දත් සම යන කොටස් සතරේ පිළිකුල් බවත් එසේ සිතට වදින ලෙස කියා දිය යුතු ය. මේ අවස්ථාවේ දී කියාදෙන දෙය පැවිදි වන්නහුගේ සිතට තදින් කා වැදෙන්නේ ය. එබැවින් මේ අවස්ථාවෙහි කියා දෙන කමටහන මෙනෙහි කිරීමෙන් පෙර ජාතිවලත් භාවනා පුරුදු කර ඇත්තා වූ ඇතැම් කුලපුත්‍රයෝ හිසකේ කපා අවසන් කරනු සමග ම සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණෙති. එකෙණෙහි ම රහත්වීම කෙසේ වුවත් මේ අවස්ථාවේ දී කියා දෙන භාවනාව ඔහුගේ සිත් හි කා වැදී පවත්නේ ය. එය ඔහුට අනාගතයේ දී පිහිට වන්නේ ය. මෙය ගුරුවරයන් විසින් අමතක නො කළ යුතු ඉතා වැදගත් කරුණකි. හිස රැවුල් කැපීමෙන් පසු හොඳින් සබන් ගා කුණු උලා ගිහි ගඳ ඉවත් වන පරිදි ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා නෑවිය යුතු ය. පැවිදි වන තැනැත්තා කුණු උලා නා පිරිසිදු වීමට සමත් වේ නම් ඔහුට ම එය කර ගැනීමට ඉඩ හැරිය යුතු ය."
A / R. “දරුව, මේ පලිබෝධ සොළොස දැක කෙස් රැවුල් බැහැර කොට පැවිදි වූයෙමි. කවර සොළොසක් ද යත්? ලස්සනවීමේ පලිබෝධය, සැරසීමේ පලිබෝධය, තෙල්ගෑමේ පලිබෝධය, සේදීමේ පලිබෝධය, මල් සැපයීමේ පලිබෝධය, සුවඳ සැපයීමේ පලිබෝධය, සුවඳ කැවීමේ පලිබෝධය, අරළු සෙවීමේ පලිබෝධය, නෙල්ලි සෙවීමේ පලිබෝධය, පාට කිරීමේ පලිබෝධය, බැඳීමේ පලිබෝධය, පිරීමේ පලිබෝධය, සරසන්නවුන් සෙවීමේ පලිබෝධය, අවුල් හැරීමේ පලිබෝධය, උකුණන් ගේ පලිබෝධය, කෙස් ගැලවුණු කල්හි ශෝක කෙරෙත්, වෙහෙසෙත්, හඬත්, පපුවට ගසමින් හඬත් මුළාවට පැමිණෙත්.”
“සොළසිමෙ දාරක, පලිබොධෙ දිස්වා කෙසමස්සුං ඔහාරෙත්වා පබ්බජිතො, කතමෙ සොළස? අලංකාර පලිබෝධො, මණ්ඩණ පලිබොධො, තෙලමක්ඛන පලිබොධො, ධොවන පලිබොධො, මාලා පලිබොධො, ගන්ධ පලිබොධො, වාසන පලිබොධො, හරීටක පලිබොධො, ආමලක පලිබොධො, රංග පලිබොධො, බන්ධන පලිබොධො, කොච්ඡ පලිබොධො, කප්පක පලිබොධො, විජටන පලිබොධො, ඌකා පලිබොධො, කෙසෙසු විලුනෙසු සොචන්ති කිලමන්ති පරිදෙවන්ති උරත්තාලිං කන්දන්ති සම්මොහං ආපජ්ජන්ති.”
A / R. “නිදුකානන්වහන්ස, නුඹවහන්සේගේ හිසකේ යම් සේ සෙස්සවුන්ගේ මෙන් දික් නො වී ලුහුඬු වන්ට කාරණ කවරේ ද?” යි විචාළේ ය. ඒ අසා වදාරණසේක් “දරුව, දික් වූ හිසකේ දැරීමෙන් සොළොස්පලිබොධ කෙනෙකුන් දැක හිසකේ රැවුල කපා හැර පැවිදි වීමි” යි. ඒ සොළස නම් කවරේ ද? දික්හිසකේ ඇති කල (14) අලංකාර කරවන පළිබොධය, සැරහෙන පළිබොධය, තෙල් ගාන පළිබොධය, ඉස්සෝධන පළිබොධය, මල් පලඳින පළිබොධය, සුවඳ ගල්වන පළිබොධය, දුම් ආදියෙන් සුවඳ කවන පළිබොධය, අරළුසුණු ගල්වන පළිබොධය, නෙල්ලි අඹරා ගාන පළිබොධය, තෙලින් රඳන[21] පළිබොධය, බඳින පළිබොධය, පණාවෙන් පීරණ පළිබොධය, අන්දම් තිබීම් පලිබොධය[22] අවුල් හරිණ පළිබොධය, උකුණන් හරිණ පළිබොධය යන මේ පසළොස් පළිබොධ හා ‘හිසකේ වැගිර ගිය කල සෝක කෙරෙති. ක්ලාන්ත වෙති. හඬති. ලෙහි පැහැර හඬති. සිහි මුළාබවට පැමිණෙති යන මේ මහා පළිබොධය ද යන සොළොස් පළිබොධයන් වැලඳ සිටියා වූ මනුෂ්‍යයෝ අතිසුඛුම සියලු ම ශිල්පශාස්ත්‍රයන් නසන්නාහු ය” යි වදාළසේක."