550. පන්සිය පනස් ජාතක කතා තුළ සතුන් කතා කළා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පන්සිය පනස් ජාතකයන්හි එන සත්වයින් කතා කරන ආකාරය ගැන විස්තර කරන්න. තෙරුවන් සරණයි!!!

A / A. හැඳින්වීම: පන්සියපනස් (547) ජාතක කතා තුළ, 117ක් පමණ (20%කට වඩා) කතා, බෝධිසත්ත්වයන්වහන්සේ ම තිරිසන් යෝනියෙහි (භවයෙහි) (වඳුරු, තාරා, මුව, සිංහ, අලි-ඇත්, සා, ගිරා, මී, මැඬි, සූකර, සුනඛ, කටුසු, සිඟාල ආදී පිරිමි සතෙක් ලෙස ම) උපන් කතා වන අතර,  200කට වඩා (40%කට ආසන්න) කතා තුළ තිරිසන් සතුන් විද්‍යමාන වේ. බෝධිසත්ත්වයන්වහන්සේ වෙනත් සත්ත්වයෙක් හෝ මනුෂ්‍යයෙක් ම හෝ රුක්-දෙවියෙක් හෝ ලෙසින් ද ජාතක කතා දුලබ නොවේ.
(>ජාතකකතා තුළ තිරිසනුන් කතා කළේ කෙසේ ද? / තිරිසනුන් සමඟ කතා/සංවාද කළේ කෙසේ ද?< යන ප්‍රශ්නයන්ට, පහත කරුණු අනුසාරයෙන් සාධාරණ පිළිතුරක් ලැබෙනු ඇතැ’යි අපි තරයේ ම විශ්වාස කරන්නෙමු.)
[පිළිතුරු පැහැදිලි වීමට විටෙක සුප්‍රසිද්ධ උදාහරණක් හෝ දක්වා ඇති අතර, ඔබට ද තවත් නොයෙක් වඩා හොඳ උදාහරණ තිබිය හැක.]
{පහත කරුණු පෙළගස්වා ඇත්තේ හුදු අංකනය සඳහා ම විනා, වෙනත් කිසිදු ප්‍රමුඛතාවයක් මත නොවේ.}

1. සමාජ-ශෝධනය සඳහා තිරිසන් සතුන් මඟින් (තිරිසන් සතුන්ට මිනිසා ආරෝපණය වී, ඔවුන්ගේ සිතුම් පැතුම් හරහා / රූපක හරහා / මානවතත්ත්වාරෝපණය හරහා) දෙනු ලබන (උපහාසාත්මක / මනෝවිද්‍යාත්මක / සදාචාරාත්මක / ඥාන කෝෂීය) උපදේශන මාලාවකි. 
උදා: ඊසෝප්ගේ උපමා කතා, පංචතන්ත්‍රය / ...
සැ:යු: (උපහාසාත්මක / මනෝවිද්‍යාත්මක / සදාචාරාත්මක / ඥාන කෝෂීය) උපදේශන මාලාවක් ද අන්තර්ගත වුව ද,) මෙම පළමු කරුණට මුළුමණින් ම අපට පෞද්ගලිකව එකඟ විය නො හැක.

2. (පෙරුම් පිරූ) බෝධිසත්ත්වයන්වහන්සේ සුවිශේෂී චරිතයක් බැවින්, උන්වහන්සේට ඕනෑම භවයක දී (මිනිසා ද ඇතුළුව) (තිරිසනෙකු වුව ද/නුවූවද) ඕනෑම සතකුගේ භාෂාව (හා සතුන්ගේ අභිනයන් / සංඥා / ශබ්ද / ඇඬීම් / හැඟවීම් / ඉරියව් ආදිය) යම් පමණකට හෝ තේරුම් ගැනීමට හා තේරුම් කරදීමට (ද්වීපාර්ශවික සන්නිවේදනයට / (ධර්ම) දේශනයට) ඇති අද්විතීය (සාංසාරික) හැකියාව.
උදා: බොහෝ ජාතක ...

3. අනෙකුත් (ජාතක කතා තුළ සත්ත්ව) චරිත ද (අග්‍රශ්‍රාවකයන් වහන්සේලා / අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා / බෝධිසත්ත්වයන් වහන්සේ සමඟ ම පෙරුම් පිරූ / පෙරුම් පිරූ කාලයේ දී එකට ම උපන්) සුවිශේෂී (සතුරු/මිතුරු) චරිත බැවින්, උන්වහන්සේලාට ද / ඔවුන්ට ද  ඕනෑම භවයක දී (මිනිසා ද ඇතුළුව) (තිරිසනෙකු වුව ද/නුවූවද) ඕනෑම සතකුගේ භාෂාව (හා සතුන්ගේ අභිනයන් / සංඥා / ශබ්ද / ඇඬීම් / හැඟවීම් / ඉරියව් ආදිය) යම් පමණකට හෝ තේරුම් ගැනීමට හා තේරුම් කරදීමට (ද්වීපාර්ශවික සන්නිවේදනයට / (ධර්ම) දේශනයට) ඇති අද්විතීය (සාංසාරික) හැකියාව.
උදා: බොහෝ ජාතක ...

4. එකල මිනිසුන් හා සතුන් එකම භාෂාවක් කතා කළ බව - කාලයේ බලපෑම. 
(අදට ද ඇතැම් සතුන් මිනිස් භාෂාව යම් පමණකින් හෝ හසුරවයි.)
උදා: බොහෝ ජාතක ...

5. මිනිසා හා සතුන් අතර ඇති ස්වභාවික / ආධ්‍යාත්මික / සාංසාරික, බැඳීම් / පුරුදු නිසා තේරුම් ගැනීම.
උදා: අනමතග්ග සංයුක්තය.
(අදට ද ඇතැම් සතුන් මිනිස් භාෂාව හා සංඥා ආදිය තේරුම් ගන්නා අතර, සත්ත්ව හඬ හා සංඥා මිනිසුන් විසින් තේරුම් ගනී.)

6. (අවශ්‍ය/අත්‍යවශ්‍ය විටෙක, සුවිශේෂී) තිරිසනුන් මිනිසුන්ගේ භාෂාවෙන් (හෝ මිනිසුන් තිරිසනුන්ගේ බසින්) සංනිවේදනය කිරීම.
උදා: ගිජ්ඣ ජාතකයෙහි හා මහාහංස ජාතකයේ “මිනිස් බසින්” කතාකරන බව පැහැදිලිව ම දක්වා තිබේ.
“... මනුෂ්‍ය භාෂාව කියන්නාවූ පක්ෂියෙක් මා විසින් නො අසනලදී. දක්නාලද්දේ හෝ නොවේ.” - https://pitaka.lk/main?n=50166&p=23
“යහළු පක්ෂීරාජය, ද්විජවූම නුඹ අද මා විසින් මිනිස් තෙපුලෙන් කථාකරමින් නිර්දෝෂ ලෙස මනුෂ්‍ය වචන නිකුත් කරමින් කියන්නේ ඇසින් දක්නා ලදී. මින් පෙර මෙබඳු ආශ්චර්‍ය්‍යයක් නොම අසනලදී. නොම දක්නා ලදී.” - https://pitaka.lk/main?n=51142&p=102 

7. සතුන් කතා කළ භාෂාව (හා සතුන්ගේ අභිනයන් / සංඥා / ශබ්ද / ඇඬීම් / හැඟවීම් / ඉරියව් ආදිය) තේරුම් ගැනීමට හා ප්‍රතිසන්නිවේදනයට මිනිසා සතුව යම් ශාස්ත්‍රීය (හෝ අධිමානසික හෝ ගුප්ත විද්‍යාත්මක) හැකියාවක් පැවති බව.
උදා: 418 - අට්ඨ සද්ද ජාතකය (407 - අෂ්ට ශබ්ද ජාතකය).
තිරච්ඡීන විද්‍යා ද තුළ අන්තර්ගත ය - “... මෘග පක්ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය ...” - https://pitaka.lk/main?n=15104&p=21 
[අද ද බිහිරි පුද්ගලයන් අන්තර්-සන්නිවේදනට “සංඥා භාෂාව” යොදා ගනී.]

8. වෙනත් අමනුෂ්‍ය කොටස්වල සහයෝගය [හෝ උපකාරය හෝ (බලෙන්) යොදාගැනීම ආදිය].
උදා: 374 - කරපත්ත ජාතකය (386 - ඛරපුත්ත ජාතකය).

9. තිරිසන් සතුන් හට තම වර්ගයේ ම හෝ වෙනත් වර්ගයක සතුන් හා තිබූ (කුමන හෝ) සංනිවේදන හැකියාව, මිනිසා විසින් ද (කෙසේ හෝ) ග්‍රහණය කරගත්තා විය හැක.
උදා: ගර්හිත ජාතකය / කුක්කුර ජාතකය / අග්ගිදත්ත ජාතකය / ...

10. (අදාළ වේලාවට පමණක් හෝ පහළ වූ) කර්මවිපාකජ ඍද්ධිමය (හෝ ඒ හා සම) හැකියාවක් තුළින් මිනිසා හා තිරිසන්නුන් අතර ඇති වූ සංවාද.
උදා: මතකභත්ත ජාතකය - එළුවාට “ජාතිස්මරණ ඥානය” ඇති විය.

11. (අදාළ වේලාවට පමණක් හෝ පහළ වූ) පුණ්‍යවිපාකජ ඍද්ධිමය (හෝ ඒ හා සම) හැකියාවක් තුළින් මිනිසා හා තිරිසන්නුන් අතර ඇති වූ සංවාද.
උදා: මතකභත්ත ජාතකය - බමුණාට ද “පුණ්‍යවිපාකජ ඍද්ධියක්” පහළ වූවා විය හැක.

12. (නොයෙකුත් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ආදී) හැකියා තුළින් ලබා (ප්‍රගුණ කර) සිටි, විද්‍යාමය ඍද්ධි (හෝ ඒ හා සම) හැකියාවක් තුළින් මිනිසා හා තිරිසන්නුන් අතර ඇති වූ සංවාද.
උදා: විද්‍යාමය ඍද්ධි.

13. (බොහෝ,) ඉතා කුඩා සංවාද (වචන කිහිපයක්) හෝ සංඥා (කිහිපයක්) පමණක් මිනිසා හා තිරිසනා අදාළ වේලාවට තේරුම් ගත්ත ද, පසුව තථාගතයන්වහන්සේ ඒවා සවිස්තරව (බොහෝ දෙනාගේ හිතසුව පිණිස) සර්වඥතාඥානයෙන් විග්‍රහ/ව්‍යාඛ්‍යානය කිරීම.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll