Q. අපරගොයානය, පුබ්බවිදේහය, උතුරුකුරු දිවයින තියෙන්නේ කොහේද?
A / T. "උතුම් වූ මහාමේරු පර්වතය මහා සාගරයෙහි (යොදුන්) අසූහාර දහසක් ගිලුණෝය. එපමණ ම උඩට නැඟුණෝ ය. පිළිවෙළින් ප්‍රමාණයෙන් එයින් අඩින් අඬ වූ දිව්‍යමය විවිධ රත්නයන්ගෙන් විසිතුරු වූ යුගන්ධර ඊසධර කරවීක සුදර්ශන නේමින්ධර විනතක සහ අශ්ව කරණ යන මහා පර්වතයෝ (සමුද්‍රයෙහි) ගිලුණාහු මෙන් ම උඩට නැගුණාහු ද වෙත්. (සිවුවරම්) මනුරජවරුන්ගේ ආවාස වූ දෙවියන් හා යක්‍ෂයින් විසින් ඇසුරු කරනු ලබන මේ සජ්ත මහා පර්චතයෝ මහමෙර හාත්පස වූහ. හිමාලය පර්වතය යොදුන් පන්සියක් උස ය. දිගින් හා පළලින් යොදුන් තුන්දහසකි. අසුහාර දහසක් කූටයන්ගෙන් ප්‍රතිමණ්ඩිතය. යොදුන් පසළොසක් කඳින් යුත් පර්වතයෝ පරික්‍ෂිප්ත වූහ. පනස් යොදුන් කඳින් හා ශාඛාවලින් යුත් හාත්පසින් (යොදුන් සියයක් පැතිරුණු එපමණ ම උස් වූ දඹගසකි. එහි ආනුභාවයෙන් දඹදිව ප්‍රකාශයට පත්විය.) අසුරයන්ගේ සිත්පළොල් රුක ද ගුරුළන්ගේ හිඹුල රුකක් අපරගෝයානයේ කොළොම් රුකක් උතුරුකරු දිවයිනෙහි කප්රුකත් පූරවවිදේහයෙහි මහරි රුකත් තවිතිසා දෙව්ලොව පරසතු රුකත් දඹරුක පමණම ය." - ධමමසංගණිප්පකරණට්ඨ කථා 349-350.
"එසේ එක් සක්වළක් දිගින්ද පළලින් ද යොදුන් දොළොස් ලක්ෂ තුන්දහස් හාරසිය පනහකි. ඒ සක්වළ වටින් යොදුන් තිස්හය ලක්‍ෂ දසදහස් තුන්සිය පනහකි.
එහි,
මහපොළව යොදුන් දෙලක්ෂ හතළිස් දහසක් ඝනය.
යොදුන් හාරලක්ෂ අසූදහසක ජලය පිරි පවතී. එපමණ ඝනකමකින් දිය පොළව දැරූ වා තලය (වා පොළව) පිහිටියේය.
එහි නවලක්ෂ යොදුන් අහස උසට නැගෙන වාතය පවත්නා මේ ලෝකය (කළු) සැටදහසක් පවතී.
මෙසේ පිහිටි එක් සක්වළක තොරතුරු මෙසේය.
‘යොදුන් අසූහාර දහසක් මහ සයුරෙහි ගිලී සිටි මහාමේරු පව්ව එකෙණෙහිම උඩට නැඟුණි.
එහි අඩක් පමණ වූ, හෙවත් යොදුන් හතළිස් දෙදහසක් මුහුදෙහි ගිලුණු, එපමණින් ඉහළට නැගණු, දිව රුවනින් විසිතුරු වූ,
යුගන්ධර, ඊසධර, කරවීක, සුදස්සන, නෙමින්‍ධර, විනතක, අස්සකණ්ණ නම් වූ මහමෙර වටා පිහිටි මෙම සත්කුළු පව් දෙවියන්, වාසය කරන්නා වූ මහරජවරුන්ටද නිවහනකි.
හිමාලයෙහි යොදුන් පන්සියයක් උස, දිගින් පළලින් යොදුන් තුන්දහසක් වූ ගිරිකුළු (කලු) අසූහාර දහසකි.
යොදුන් පහළොවක් වට කඳින් යුතු, යොදුන් පනහක් උසට අහසට නැගි මහ කදකින් ද හාත්පස වටා විහිද ගිය අතුපතරින් හෙබි යොදුන් හතක් පළල් වූ එකෙණෙහිම ඉහළට මතුවූ දඹ ගසක බලයෙන් ‘දඹදිව’ යැයි කියනු ලැබේ.
යොදුන් අසූහාර දහසක් යටට මහ සයුරෙහි ගිලුනු, එකෙණෙහිම මතුවුන අසූහාර දහසක් සක්වළ පවු හෝ ගල්කුළු ඒ වටා පිහිටියේය.
ඒ සක්වළ සඳමඬල හතළිස් නව යොදුනකි. හිරු මඬල යොදුන් පණහකි. තව්තිසාව යොදුන් දසදහසකි. අසුර භවන, අවීචි මහා නිරය, දඹදිව ද එපමණම වේ. අපරගොයානය, පුබ්බවිදේහය යොදුන් හත්දහසකි. උතුරුකුරු දිවයින යොදුන් අටදහසකි. ඒ එක් එක් මහා දිවයිනකටද පන්සියයක්, පන්සියයක් බැගින් වූ කුඩා පිරිවර දිවයින් ඇත. ඒ සියල්ලමද එක් සක්වළක වෙයි. එකම ලෝධාතුවකි. සක්වළ අතරෙහි ලෝකාන්තරික නිරය පිහිටියේය. මෙසේ කෙළවරක් නොවන සක්වළ හා කෙළවර නොවන ලෝක ධාතු පමණ කළ නොහැකි බුදු නැණින් හැම අයුරින්ම හඳුනා දත්හ. එහෙයින් ලොකවිදූ නම් වෙති."
A / T. “සම්මුති, උප්පත්ති, විසුද්ධි යැයි දෙවා තුන් කොටසකි. සම්මුතිදෙවා නම් රජවරු, බිසෝවරු, කුමාරවරු, උප්පත්තිදෙවා නම්, චාතුම්මහාරාජික දෙවියන් පටන්, ඊටත් ඈතින් සිටින දෙවිවරු, විසුද්ධිදෙවා නම් රහත්බව ලැබුවෝ වෙති’යි කියන ලදී.’
මෙහිදී අදහස් වන්නේ උප්පති දෙවියන්ය. මනුගෙන් පසුව පැවත එන අදහසින් මනුස්සා, ‘උසස් මනසක් ඇති බැවින් මිනිසුන් වූහ’යි පැරණි ඇදුරෝ කියති. මිනිස්සු දඹදිව වැසි, අපරගෝයන වැසි, ‘උතුරුකුරු වාසී හා පුබ්බවිදේහික යැයි සිවු ආකාර වෙති. මෙහි අදහස් වන්නේ දඹදිව වාසීන්ය. …”
A / T. "එසේ එක් සක්වළක් දිගින්ද පළලින් ද යොදුන් දොළොස් ලක්ෂ තුන්දහස් හාරසිය පනහකි. ඒ සක්වළ වටින් යොදුන් තිස්හය ලක්‍ෂ දසදහස් තුන්සිය පනහකි.
එහි,
මහපොළව යොදුන් දෙලක්ෂ හතළිස් දහසක් ඝනය.
යොදුන් හාරලක්ෂ අසූදහසක ජලය පිරි පවතී. එපමණ ඝනකමකින් දිය පොළව දැරූ වා තලය (වා පොළව) පිහිටියේය.
එහි නවලක්ෂ යොදුන් අහස උසට නැගෙන වාතය පවත්නා මේ ලෝකය (කළු) සැටදහසක් පවතී.
මෙසේ පිහිටි එක් සක්වළක තොරතුරු මෙසේය.
‘යොදුන් අසූහාර දහසක් මහ සයුරෙහි ගිලී සිටි මහාමේරු පව්ව එකෙණෙහිම උඩට නැඟුණි.
එහි අඩක් පමණ වූ, හෙවත් යොදුන් හතළිස් දෙදහසක් මුහුදෙහි ගිලුණු, එපමණින් ඉහළට නැගණු, දිව රුවනින් විසිතුරු වූ,
යුගන්ධර, ඊසධර, කරවීක, සුදස්සන, නෙමින්‍ධර, විනතක, අස්සකණ්ණ නම් වූ මහමෙර වටා පිහිටි මෙම සත්කුළු පව් දෙවියන්, වාසය කරන්නා වූ මහරජවරුන්ටද නිවහනකි.
හිමාලයෙහි යොදුන් පන්සියයක් උස, දිගින් පළලින් යොදුන් තුන්දහසක් වූ ගිරිකුළු (කලු) අසූහාර දහසකි.
යොදුන් පහළොවක් වට කඳින් යුතු, යොදුන් පනහක් උසට අහසට නැගි මහ කදකින් ද හාත්පස වටා විහිද ගිය අතුපතරින් හෙබි යොදුන් හතක් පළල් වූ එකෙණෙහිම ඉහළට මතුවූ දඹ ගසක බලයෙන් ‘දඹදිව’ යැයි කියනු ලැබේ.
යොදුන් අසූහාර දහසක් යටට මහ සයුරෙහි ගිලුනු, එකෙණෙහිම මතුවුන අසූහාර දහසක් සක්වළ පවු හෝ ගල්කුළු ඒ වටා පිහිටියේය.
ඒ සක්වළ සඳමඬල හතළිස් නව යොදුනකි. හිරු මඬල යොදුන් පණහකි. තව්තිසාව යොදුන් දසදහසකි. අසුර භවන, අවීචි මහා නිරය, දඹදිව ද එපමණම වේ. අපරගොයානය, පුබ්බවිදේහය යොදුන් හත්දහසකි. උතුරුකුරු දිවයින යොදුන් අටදහසකි. ඒ එක් එක් මහා දිවයිනකටද පන්සියයක්, පන්සියයක් බැගින් වූ කුඩා පිරිවර දිවයින් ඇත. ඒ සියල්ලමද එක් සක්වළක වෙයි. එකම ලෝධාතුවකි. සක්වළ අතරෙහි ලෝකාන්තරික නිරය පිහිටියේය. මෙසේ කෙළවරක් නොවන සක්වළ හා කෙළවර නොවන ලෝක ධාතු පමණ කළ නොහැකි බුදු නැණින් හැම අයුරින්ම හඳුනා දත්හ. එහෙයින් ලොකවිදූ නම් වෙති."
["තථා එකං චක‍්කවාළං ආයාමතො විත්‍ථාරතො ච යොජනානං ද‍්වාදස සතසහස‍්සානි තීණි සහස‍්සානි අඩ‍්ඪපඤ‍්චමානි ච සතානි, පරික‍්ඛෙපතො ඡත‍්තිංස සතසහස‍්සානි දස සහස‍්සානි අඩ‍්ඪුඩ‍්ඪානි ච සතානි.
තත්‍ථ –
දුවෙ සතසහස‍්සානි, චත‍්තාරි නහුතානි ච;
එත‍්තකං බහලත‍්තෙන, සඞ‍්ඛාතායං වසුන්‍ධරා.
චත‍්තාරි සතසහස‍්සානි, අට‍්ඨෙව නහුතානි ච;
එත‍්තකං බහලත‍්තෙන, ජලං වාතෙ පතිට‍්ඨිතං.
නව සතසහස‍්සානි, මාලුතො නභමුග‍්ගතො;
සට‍්ඨි චෙව සහස‍්සානි, එසා ලොකස‍්ස සණ‍්ඨිති”.
එවං සණ‍්ඨිතෙ චෙත්‍ථ යොජනානං –
චතුරාසීති සහස‍්සානි, අජ‍්ඣොගාළ‍්හො මහණ‍්ණවෙ;
අච‍්චුග‍්ගතො තාවදෙව, සිනෙරු පබ‍්බතුත‍්තමො.
තතො උපඩ‍්ඪුපඩ‍්ඪෙන, පමාණෙන යථාක‍්කමං;
අජ‍්ඣොගාළ‍්හුග‍්ගතා දිබ‍්බා, නානාරතනචිත‍්තිතා.
යුගන්‍ධරො ඊසධරො, කරවීකො සුදස‍්සනො;
නෙමින්‍ධරො විනතකො, අස‍්සකණ‍්ණො ගිරි බ්‍රහා.
එතෙ සත‍්ත මහාසෙලා, සිනෙරුස‍්ස සමන‍්තතො;
මහාරාජානමාවාසා, දෙවයක‍්ඛනිසෙවිතා.
යොජනානං සතානුච‍්චො, හිමවා පඤ‍්ච පබ‍්බතො;
යොජනානං සහස‍්සානි, තීණි ආයතවිත්‍ථතො.
චතුරාසීතිසහස‍්සෙහි, කූටෙහි පටිමණ‍්ඩිතො;
තිපඤ‍්චයොජනක‍්ඛන්‍ධ-පරික‍්ඛෙපා නගව‍්හයා.
පඤ‍්ඤාසයොජනක‍්ඛන්‍ධ-සාඛායාමා සමන‍්තතො;
සත‍්තයොජනවිත්‍ථිණ‍්ණා, තාවදෙව ච උග‍්ගතා.
ජම‍්බූ යස‍්සානුභාවෙන, ජම‍්බුදීපො පකාසිතො;
ද‍්වෙ අසීතිසහස‍්සානි, අජ‍්ඣොගාළ‍්හො මහණ‍්ණවෙ.
අච‍්චුග‍්ගතො තාවදෙව, චක‍්කවාළසිලුච‍්චයො;
පරික‍්ඛිපිත්‍වා තං සබ‍්බං, චක‍්කවාළමයං ඨිතො”.
තත්‍ථ චන්‍දමණ‍්ඩලං එකූනපඤ‍්ඤාසයොජනං, සූරියමණ‍්ඩලං පඤ‍්ඤාසයොජනං, තාවතිංසභවනං දසසහස‍්සයොජනං, තථා අසුරභවනං අවීචිමහානිරයො ජම‍්බුදීපො ච. අපරගොයානං සත‍්තසහස‍්සයොජනං, තථා පුබ‍්බවිදෙහො, උත‍්තරකුරු අට‍්ඨසහස‍්සයොජනො. එකමෙකො චෙත්‍ථ මහාදීපො පඤ‍්චසතපඤ‍්චසතපරිත‍්තදීපපරිවාරො. තං සබ‍්බම‍්පි එකං චක‍්කවාළං එකා ලොකධාතු. චක‍්කවාළන‍්තරෙසු ලොකන‍්තරිකනිරයා. එවං අනන‍්තානි චක‍්කවාළානි අනන‍්තා ලොකධාතුයො, අනන‍්තෙන බුද‍්ධඤාණෙන අඤ‍්ඤාසීති සබ‍්බථා ඔකාසලොකං අවෙදි. එවං සො භගවා සබ‍්බථා. විදිතලොකත‍්තා ලොකවිදූති වෙදිතබ‍්බො"]
[“දෙවාති තයො දෙවා සම‍්මුතිදෙවා, උපපත‍්තිදෙවා, විසුද‍්ධිදෙවා. තත්‍ථ සම‍්මුතිදෙවා නාම රාජානො, දෙවියො, රාජකුමාරා. උපපත‍්තිදෙවා නාම චාතුමහාරාජිකෙ දෙවෙ උපාදාය තදුත‍්තරිදෙවා. විසුද‍්ධිදෙවා නාම අරහන‍්තො වුච‍්චන‍්තී”ති (චූළනි· ධොතකමාණවපුච‍්ඡානිද‍්දෙස 32, පාරායනානුගීතිගාථානිද‍්දෙස 119).
තෙසු ඉධ උපපත‍්තිදෙවා අධිප‍්පෙතා. මනුනො අපච‍්චාති මනුස‍්සා. පොරාණා පන භණන‍්ති – මනස‍්ස උස‍්සන‍්නතාය මනුස‍්සා. තෙ ජම‍්බුදීපකා, අපරගොයානකා, උත‍්තරකුරුකා, පුබ‍්බවිදෙහකාති චතුබ‍්බිධා. ඉධ ජම‍්බුදීපකා අධිප‍්පෙතා. ..."]
S. “මහණෙනි, කරුණු තුනකින් උතුරුකුරුදිව් වැසි මනුෂ්‍යයෝ තව්තිසා වැසි දෙවියන්ද, ජම්බුවීපික මනුෂ්‍යයන්ද අබිබවා පවතිත්.
“කවර නම් තුණකින්ද යත්? පහව ගිය තෘෂ්ණාවෙන්ද, නොහොත් නිදුකින්ද, (මේ මගේයයි) අයිතියක් නොකිරීමෙන්ද, විශේෂවු නියත ආයුෂ විඳීමෙන්ද, යන මේ තුණෙකි. මහණෙනි, කරුණු තුනකින් උතුරුකුරුදිව් වැසි මනුෂ්‍යයෝ තව්තිසා වැසි දෙවියන්ද, ජම්බුවීපික මනුෂ්‍යයන්ද අබිබවා පවතිත්.
“මහණෙනි, කරුණු තුනකින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිසුන්ද, දඹදිවු වැසි මිනිසුන්ද අභිභවනය කෙරෙත්.
“කවර නම් තුනකින්ද යත්? දිව්‍යමය ආයුෂයෙන්ද, දිව්‍යමය වර්‍ණයෙන්ද, දිව්‍යමය සැපයෙන්ද යන මේ තුණෙනි. මහණෙනි, කරුණු තුනකින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිසුන්ද, දඹදිවු වැසි මිනිසුන්ද අභිභවනය කෙරෙත්.
“මහණෙනි, කරුණු තුනකින් දඹදිවු වැසි මනුෂ්‍යයෝ උතුරුකුරු දිවයින් වැසි මනුෂ්‍යයන්ද, තව්තිසා වැසි දෙවියන්ද අභිභවනය කෙරෙත්.
“කවර තුනකින්ද යත්? සූරයෝය, සතිමත්හුය, මෙහි (දඹදිවෙහි) බ්‍රහ්මචරිය වාසය යන මේ තුනයි. මහණෙනි, කරුණු තුනකින් දඹදිවු වැසි මනුෂ්‍යයෝ උතුරුකුරු දිවයින් වැසි මනුෂ්‍යයන්ද, තව්තිසා වැසි දෙවියන්ද අභිභවනය කෙරෙත්."
{"‘තීහි , භික්ඛවෙ, ඨානෙහි උත්තරකුරුකා මනුස්සා දෙවෙ ච තාවතිංසෙ අධිග්ගණ්හන්ති ජම්බුදීපකෙ ච මනුස්සෙ. කතමෙහි තීහි? අමමා, අපරිග්ගහා, නියතායුකා, විසෙසගුණා (විසෙසභුනො (සී. ස්‍යා. පී.)) - ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ඨානෙහි උත්තරකුරුකා මනුස්සා දෙවෙ ච තාවතිංසෙ අධිග්ගණ්හන්ති ජම්බුදීපකෙ ච මනුස්සෙ.
‘‘තීහි, භික්ඛවෙ, ඨානෙහි දෙවා තාවතිංසා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිග්ගණ්හන්ති ජම්බුදීපකෙ ච මනුස්සෙ. කතමෙහි තීහි? දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන - ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ඨානෙහි දෙවා තාවතිංසා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිග්ගණ්හන්ති ජම්බුදීපකෙ ච මනුස්සෙ.
(කථා. 271) ‘‘තීහි, භික්ඛවෙ, ඨානෙහි ජම්බුදීපකා මනුස්සා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිග්ගණ්හන්ති දෙවෙ ච තාවතිංසෙ. කතමෙහි තීහි? සූරා, සතිමන්තො, ඉධ බ්‍රහ්මචරියවාසො - ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ඨානෙහි ජම්බුදීපකා මනුස්සා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිග්ගණ්හන්ති දෙවෙ ච තාවතිංසෙ’’ති. පඨමං."}
["අපි චෙත්ථ උත්තරකුරුකානං පුඤ්ඤානුභාවසිද්ධො අයම්පි විසෙසො වෙදිතබ්බො. තත්ථ කිර තෙසු තෙසු පදෙසෙසු ඝනනිචිතපත්තසඤ්ඡන්නසාඛාපසාඛා කූටාගාරුපමා මනොරමා රුක්ඛා තෙසං මනුස්සානං නිවෙසනකිච්චං සාධෙන්ති. යත්ථ සුඛං නිවසන්ති, අඤ්ඤෙපි තත්ථ රුක්ඛා සුජාතා සබ්බදාපි පුප්ඵිතග්ගා තිට්ඨන්ති. ජලාසයාපි විකසිතපදුමපුණ්ඩරීකසොගන්ධිකාදිපුප්ඵසඤ්ඡන්නා සබ්බකාලං පරමසුගන්ධා සමන්තතො පවායන්තා තිට්ඨන්ති. ..."
[A / T. උතුරුකුරු දිවයින ධ්‍යාන ලාභී උතුමන්ට පමණක් ම විෂයවන මානයක පවතින බව අසන්නට ලැබුණි / පහතින් පෙනේ - තවත් මූලාශ්‍ර ගවේෂණය කළ යුතු ය.
S / T. "තවද කොදෙව් සහිත වු සියලූ මැ ජම්බුද්වීපයට මධ්‍ය දේශයැ යි ද, අපරගෝයාන, පූර්ව විදේහ, උත්තරකුරු යන ඉතිරි මහාද්වීප තුනට ප්‍රත්‍යන්ත දේශ යැ යි ද ව්‍යවහාරයෙකුත් වීය. ගෝයාන යනු තවලම් මඟයි. එයින් බටහිරැ වූයේ අපර ගෝයානය යි. විදේහ යනු ඉන්දියාවේ නැගෙනහිර මායිමේ වූ පෙදෙසෙකි. එයින්ද නැගෙනහිරැ වූයේ පුර්වවීදේහය යි. කුරුරටට උතුරින් වූයේ උත්තරකුරුව යැ, උත්තරකුරු නමින් රටවල් දෙකක් තුබුණු බව පෙනේ. එකක් හිමාලයයට උතුරෙන් වූ ටිබෙට් රටට උතුරු දිගැ සතර පැත්තෙන් ම කඳුවලට මැදි වූ ගුප්ත ප්‍රදේශයෙකි. එහි වසන යෝගීන් ගේ කැමැත්ත නැතිව කිසිවකුට එහි යෑ නොහැක්ක. අනිත් උත්තරකුරුව උතුරු ඇමෙරිකාවට අයත් පෙදෙසෙකි. කොරියාව පුරාතනයේ කුරුවීප නම් විය. එයට උතුරු අතට පිහිටියේ උත්තර කුරුව යි. මෙය ඔට්ටර කොරා යනුවෙන් මෙගස්තීනස් නම් ග්‍රීක් ඉතිහාසඥයා සඳහන් කරයි.
මේ උඩ දැක්වුණු මහාද්වීප බෙදීම මෙයින් වර්ෂ 50000 කටත් පෙරැ පොළොවේ පිහිටීම අනුව ව්‍යවහාරයට ආවකි."
"(මේ ඍෂීන්ගෙන්) ස්වකීය ධ්‍යානබලයෙහි වශී වූ ඇතැමෙක් අපරගෝයානයට යෙත්. ඇතැමෙක් පූර්‍වවිදේහයට යෙත්. ඇතැමෙක් උතුරුකුරු දිවයිනට යෙත්. ඒ ඒ තැනින් පිඬු ගෙණවුත් සියලු දෙන ම එකතුව වළඳත්.
අඤ‍්ඤෙ ගච‍්ඡන‍්ති ගොයානං අඤ‍්ඤෙ පුබ‍්බවිදෙහකං,3
අඤ‍්ඤෙ ච උත‍්තරකුරුං සකං බලමවස‍්සිතා,4
තතො පිණ‍්ඩං ආහරිත්‍වා පරිභුඤ‍්ජන‍්ති එකතො."
“කාශ්‍යපය, ඒ මම නුඹගේ සිත මා සිතින් දැන උතුරුකුරු දිවයිනට ගොස් එයින් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්තවිල සමීපයෙහි දී වළඳා එහි ම දිවාවිහරණය කෙළෙමි” යි වදාළසේක.
“සො ඛො අහං කස‍්සප, තව චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය උත‍්තරකුරුං ගන‍්ත්‍වා තතො පිණ‍්ඩපාතං ආහරිත්‍වා අනොතත‍්තදහෙ පරිභුඤ‍්ජිත්‍වා තත්‍ථෙව දිවාවිහාරං අකාසි”න‍්ති.
“වහන්ස, සියලු භික්‍ෂුසඞ්ඝ තෙමේ උතුරුකුරු දිවයිනට පිඬු පිණිස යන්නේ නම් මැනැවි.”
“මුගලන, නුසුදුසු ය. උතුරුකුරුදිවයිනට සියලු භික්‍ෂුසඞ්ඝයාගේ යෑම තොපට රුචි නො වේවා.”
“සාධු භන‍්තෙ, සබ‍්බො භික‍්ඛුසඞ‍්ඝො උත‍්තරකුරුං පිණ‍්ඩාය ගච‍්ඡෙය්‍යා”ති.
“අලං මොග‍්ගල‍්ලාන, මා තෙ රුච‍්චි සබ‍්බස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස උත‍්තරකුරුං පිණ‍්ඩාය ගමන”න‍්ති."
"තවද චක්‍රරත්නය පොළොවෙහි පිහිටි කල්හි පරිණායක රත්නය රන්පටෙක මන්ධාතු රජුගේ වහන් සඟල අන්දවා මේ මන්ධාතු රජුගේ රජය යයි රාජ්‍යයනුශාසනා කළේය. ඒ තුන් දිවයිනෙන් පැමිණි මනුෂ්‍යයෝද නැවත යන්ට නොහැක්කාහු පුත්රුවන කරා එළඹ දේවයිනි, අපි රජුගේ ආනුභාවයෙන් ආවාහු වෙමු. දැන් යන්නට නොහැක්කෝ වෙමු, අපට වාසයට සුදුසු තැනක් දෙනු මැනවයි යාඥා කළහ. හෙතෙම ඔවුනට එක එක ජනපද දුන්නේය. ඒ ජනපදයන් අතුරෙහි පූර්ව විදේහයෙන් පැමිණි මිනිසුන් විසූ පෙදෙස ඒ පළමු නමින්ම ‘විදේහ’ රටයයි නම් ලදහ. අපරගෝයානයෙන් පැමිණි මිනිසුන් විසූ පෙදෙස අපරන්ත ජනපදයයි නම් ලදහ. උතුරුකුරු දිවයිනෙන් පැමිණි මිනිසුන් විසූ පෙදෙස කුරු රට යයි නම් ලදහ. බොහෝ ගම් නියම්ගම් ආදිය ගෙන බහුවචනයෙන් ව්‍යවහාර කරනු ලැබේ. එහෙයින් කියන ලද කුරුසු විහරති යයි."
චක‍්කරතනෙ පන පථවියං පතිට‍්ඨිතෙ පරිණායකරතනං සුවණ‍්ණපට‍්ටෙ මන්‍ධාතුඋපාහනං ලිඛාපෙත්‍වා ඉදං මන්‍ධාතුරජ‍්ජන‍්ති රජ‍්ජමනුසාසි. තෙපි තීහි දීපෙහි ආගතමනුස‍්සා පුන ගන‍්තුං අසක‍්කොන‍්තා පරිණායකරතනං උපසඞ‍්කමිත්‍වා “දෙව මයං රඤ‍්ඤො ආනුභාවෙන ආගතා, ඉදානි ගන‍්තුං න සක‍්කොම, වසනට‍්ඨානං නො දෙහී”ති යාචිංසු. සො තෙසං එකෙකං ජනපදමදාසි. තත්‍ථ පුබ‍්බවිදෙහතො ආගතමනුස‍්සෙහි ආවසිතපදෙසො තායෙව පුරිමසඤ‍්ඤාය විදෙහරට‍්ඨන‍්ති නාමං ලභි. අපරගොයානතො ආගතමනුස‍්සෙහි ආවසිතපදෙසො අපරන‍්තජනපදොති නාමං ලභි. උත‍්තරකුරුතො ආගතමනුස‍්සෙහි ආවසිතපදෙසො කුරුරට‍්ඨන‍්ති නාමං ලභීති. බහුකෙ පන ගාමනිගමාදයො උපාදාය බහුවචනෙන වොහරීයති. තෙන වුත‍්තං “කුරූසු විහරතී”ති."]