714. සනිදස්සන සහ අනිදස්සන?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සනිදස්සන සහ අනිදස්සන ධර්මයන් පහදා දෙන්න.

A. “ගෝචර රූපයන්ගේ පළමු වැන්න වූ වර්ණ රූපය සනිදස්සන රූප නම් වේ. එහි තේරුම පෙනෙන රූපය යනු යි. රූප අට විස්සෙන් ඇසට පෙනෙන්නේ වර්ණ රූපය පමණෙකි. අන්‍ය රූප සත් විස්ස නො පෙනෙන බැවින් අනිදස්සන රූප නම් වේ.”
https://pitaka.lk/books/abhidharma-margaya/7-5.html

A. "1456. සනිදර්‍ශනධර්‍මයෝ කවරහ යත්:
රූපායතන යි. මොහු සනිදර්‍ශනධර්‍මයෝ යි.

1457. අනිදර්‍ශනධර්‍මයෝ කවරහ යත්:
චක්‍ෂුරායතන යැ ... ස්ප්‍ර‍ෂ්ටව්‍යාතනය යැ, චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, අනිදර්‍ශන අප්‍ර‍තිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් ඇද්ද, නිර්‍වාණය දැයි මොහු අනිදර්‍ශන ධර්‍මයෝ යි."
http://www.thripitakaya.org/tipitakaya/Index/724?s=22199

"1457. කතමෙ ධම්මා සනිදස්සනා? රූපායතනං – ඉමෙ ධම්මා සනිදස්සනා.

1458. කතමෙ ධම්මා අනිදස්සනා? චක්ඛායතනං ¶ …පෙ… ඵොට්ඨබ්බායතනං, චතූසු භූමීසු කුසලං, අකුසලං, චතූසු භූමීසු විපාකො, තීසු භූමීසු කිරියාබ්‍යාකතං, යඤ්ච රූපං අනිදස්සනං අප්පටිඝං ධම්මායතනපරියාපන්නං, නිබ්බානඤ්ච – ඉමෙ ධම්මා අනිදස්සනා."
https://tipitaka.app/?a=2a5-83-si

{“සනිදස්සනත්තිකෙ දට්ඨබ්බභාවසඞ්ඛාතෙන සහ නිදස්සනෙනාති සනිදස්සනා. පටිහනනභාවසඞ්ඛාතෙන සහ පටිඝෙනාති සප්පටිඝා. සනිදස්සනා ච තෙ සප්පටිඝා චාති සනිදස්සනසප්පටිඝා. නත්ථි එතෙසං දට්ඨබ්බභාවසඞ්ඛාතං නිදස්සනන්ති අනිදස්සනා. අනිදස්සනා ච තෙ වුත්තනයෙනෙව සප්පටිඝා චාති අනිදස්සනසප්පටිඝා. තතියපදං උභයපටික්ඛෙපෙන වුත්තං. අයං තාව තිකමාතිකාය අනුපුබ්බපදවණ්ණනා.”
https://tipitaka.app/?a=4a2-42-si

“යෙසං දට්ඨබ්බභාවො අත්ථි, තෙ සනිදස්සනා. චක්ඛුවිඤ්ඤාණගොචරභාවොව දට්ඨබ්බභාවො, තස්ස රූපායතනා අනඤ්ඤත්තෙපි අඤ්ඤෙහි ධම්මෙහි රූපායතනං විසෙසෙතුං අඤ්ඤං විය කත්වා “සහ නිදස්සනෙනාති සනිදස්සනා”ති වුත්තං. ධම්මසභාවසාමඤ්ඤෙන හි එකීභූතෙසු ධම්මෙසු යො නානත්තකරො සභාවො, සො අඤ්ඤො විය කත්වා උපචරිතුං යුත්තො ¶. එවඤ්හි අත්ථවිසෙසාවබොධො හොතීති. සයඤ්ච නිස්සයවසෙන ච සම්පත්තානං අසම්පත්තානඤ්ච පටිමුඛභාවො අඤ්ඤමඤ්ඤපතනං පටිහනනභාවො, යෙන බ්‍යාපාරාදිවිකාරපච්චයන්තරසහිතෙසු චක්ඛාදීනං විසයෙසු විකාරුප්පත්ති.”
https://tipitaka.app/?a=6a2-50-si}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll