Q. අන්තරා භවය ඇත්තක් ද?
A. බුදුන් වහන්සේ චුති සිත හා ප්‍රතිසන්ධි සිත එකවර ගලායන චෛතිසික ලෙස කිසිසේත් දේශනා කොට නැත.
ථෙරවාදී බුදුදහමේ (අසංඥ භවයේ හැර) චුති සිතට අනතුරුවම ප්‍රතිසන්ධි සිත පහළ වන බව (එහි දී ද යම් යම් සුළු වෙනස්කම් පවතින බව) නම් දේශිතය. සිතක කාලය ‘චිත්තක්ෂණයක්’ (ඉතාම කුඩා කාලයක්) බැවින් ‘අන්තරා භවයක්’ කිසිසේත් ම පැවතිය ද නොහැක. එබැවින් ථෙරවාදී බුදුදහමේ ‘අන්තරා භවය’ යන ‘සංකල්පය’ මුළුමණින් ම බැහැර කෙරේ.
යම් කිසි භවයක යම් කාලයක් සිට, නැවත එතැනින් චුතව (මෙතැනදී) මිනිස් මව් කුසකට (හෝ) පැමිණීම සිදු විය හැක.
‘අන්තරා භවය’ යන ‘සංකල්පය’ තහවුරු කිරීමට නොයෙක් කටකතා, පරීක්ෂණ දත්ත හා නොයෙක් දේ ඉදිරිපත් කරන්නේ, අදාළ සංකල්පය ම ග්‍රහණය කරගෙන සිටින්නන් විසින් ම විය හැකිය.
අනෙක් අතට, සිතින් ම හෝ වඩන ලද/දියුණු කරන ලද සිතකින්ම මිස, සිතේ ඇතිවීම, පැවතීම, නැතිවීම, භවගමන, සංසාර පැවැත්ම/නැවැත්ම ... ආදිය විග්‍රහ/පර්යේෂණ කළ නොහැක.
එනම්, ඒ හැරෙන්නට, ‘සිත’ කිසිදු පරීක්ෂණයකට හෝ පරීක්ෂණ උපකරණයකට හසුකර ගත නොහැක.
මහාතණ්හාසඞ්ඛයසුත්තං - මහා තණ්හා සංඛය සූත්‍රය.
"මහා තණ්හා සංඛය සූත්‍රය - මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ, අනේපිඩු මහ සිටුහු විසින් කරවන ලද ජෙතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි වනාහි කෙවට්ටපුත්‍ර වූ සාති නම් භික්ෂුවට මෙබඳු ලාමක වූ මිථ්‍යා දෘෂ්ටියක් උපන්නේ වෙයි. (එනම්) “මේ එකම විඥානය (භවයෙන් භවයට උත්පත්ති වසයෙන්) දුවයි, හැසිරෙයි අනිකක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් එසේ ධර්මය දෙශනා කරනලද බව මම දනිමියි” (කියායි.)"
[ඉන්දකසුත්තං - ඉන්‍දක සූත්‍රය.

‘‘රූපං න ජීවන්ති වදන්ති බුද්ධා, කථං න්වයං වින්දතිමං සරීරං;
කුතස්ස අට්ඨීයකපිණ්ඩමෙති, කථං න්වයං සජ්ජති ගබ්භරස්මි’’න්ති.
‘‘පඨමං කලලං හොති, කලලා හොති අබ්බුදං;
අබ්බුදා ජායතෙ පෙසි, පෙසි නිබ්බත්තතී ඝනො;
ඝනා පසාඛා ජායන්ති, කෙසා ලොමා නඛාපි ච.
‘‘යඤ්චස්ස භුඤ්ජතී මාතා, අන්නං පානඤ්ච භොජනං;
තෙන සො තත්ථ යාපෙති, මාතුකුච්ඡිගතො නරො’’ති.