325. බුදුරඳුන්ට කරන උපස්ථානයට සමාන ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගිලන් වූ අයට සැලකීම තමන්වහන්සේට සැලකීම තරම් ආනිසන්ස ලැබෙන බවක් බුදුන්වහන්සේ දේශනා කර තිබේද?

A / R. “යො භික්‌ඛවෙ, මං උපට්‌ඨහෙය්‍ය, සො ගිලානං උපට්‌ඨහෙය්‍ය” යන පිටකගත පාලි බුදු වදන් - "මහණෙනි, යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම්, හේ මට උපස්ථාන කළා වැනිය" … වැනි, මේ හා සමාන පර්වර්තනයන්ට ලක්ව ඇති බව සමාජයේ දී අහන්නට / දක්නට ලැබේ.

“යො භික්‌ඛවෙ, මං උපට්‌ඨහෙය්‍ය, සො ගිලානං උපට්‌ඨහෙය්‍ය” යන පිටකගත පාලි බුදු වදන් - “මහණෙනි, යමෙක් මාගේ අවවාදය කරන්නේ නම්, හෙ තෙමේ ගිලනහුට උවැටන් කරන්නේ ය” ලෙස පිටකය තුළ පර්වර්තනයන්ට ලක්ව ඇත්තේ අටුවාවට අනුව යැයි පෙනේ - “යො භික්‌ඛවෙ මං උපට්‌ඨහෙය්‍ය, සො ගිලානං උපට්‌ඨහෙය්‍යාති යො මං ඔවාදානුසාසනීකරණෙන උපට්‌ඨහෙය්‍ය, සො ගිලානං උපට්‌ඨහෙය්‍ය”

මෙතැනින් මේ පරස්පරය මතුවීමෙන්, නොයෙක් කළ, විටින් විට, මේ පිළිබඳව ප්‍රශ්න නඟනු හා විවිධ පිළිතුරු දෙන බවක් පෙනේ.

42. > https://pitaka.lk/bjt/books/5/VP05_Page_225.png
https://pitaka.lk/bjt/books/5/VP05_Page_226.png
365. > http://tipitaka.org/sinh/cscd/vin02a2.att7.xml

A. 42. “මහණෙනි, යම් කෙනෙක් තොපට උවැටන් කරන්නාහු ද, තොපට එබඳු මවක් නැත. පියෙක් නැත. මහණෙනි, තෙපි ඔවුනොවුන්ට උවැටන් නො කරන්නහු නම් එකල්හි කවරෙක් උවැටන් කරන්නේ ද? මහණෙනි, යමෙක් මාගේ අවවාදය කරන්නේ නම්, හෙ තෙමේ ගිලනහුට උවැටන් කරන්නේ ය. ..."
https://www.thripitakaya.org/tipitakaya/Index/1064?s=24030

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll