84. තියෙන්නෙ කොහෙ ද? (II)

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "නයිදං අත්ත කතං බිම්බං
නයිදං පර කතං අඝං
හේතුං පටිච්ච සම්භුතං
හේතු භංගා නිරැැජ්ජතී ..." මේ ගාථා තියෙන්නෙ කොහෙ ද?

A. ‘‘නයිදං අත්තකතං (නයිදං පකතං (ස්‍යා. කං.)) බිම්බං,
නයිදං පරකතං (නයිදං පකතං (ස්‍යා. කං.)) අඝං;
හෙතුං පටිච්ච සම්භූතං, හෙතුභඞ්ගා නිරුජ්ඣති.

‘‘යථා අඤ්ඤතරං බීජං, ඛෙත්තෙ වුත්තං විරූහති;
පථවීරසඤ්චාගම්ම, සිනෙහඤ්ච තදූභයං.

‘‘එවං ඛන්ධා ච ධාතුයො, ඡ ච ආයතනා ඉමෙ;
හෙතුං පටිච්ච සම්භූතා, හෙතුභඞ්ගා නිරුජ්ඣරෙ’’

{"මේ ආත්මභාවය තමා විසින් කරණලද්දක්ද නොවේ. දුකට පිහිටි මේ ආත්මභාවය අනෙකෙකු කළ දැයෙකුත් නොවේ. මෙය හේතුව නිසා උපන, හේතුව බිඳීයාමෙන් නිරුද්‍ධ වේ."

"යම්සේ කිසියම් බීජයක් කෙතෙහි වපුරන ලද්දේ පෘථිවි රසයත් ජලයත් නිසා පැලවේද,
එපරිද්දෙන්ම ස්කන්‍ධද, ධාතුද, ආයතන සයද යන මොහු හේකුප්‍රත්‍යයන් නිසා උපන්නෝ වෙත්, හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් නිරුද්‍ධවෙත්.’"}
සේලා සූත්‍රය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll