930. හත් වරකට වඩා උපදින සෝවහන් උතුමන් / උත්තමාවියන් කවුද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සෝවාන් ඵලයට පත් උතුමෙකු 8වැනි භවයකට යනවද?
ත්‍රිපිටකය ඇසුරින් පැහැදිලි කර දෙන්න...

A. ... “සෝවාන් පුද්ගලයා සත් වරට වඩා නූපදින්නේ කාම ලෝකයෙහි ය රූපාරූප ලෝකවල වනාහි සත්වරට වඩා ද උපදින්නේ ය. කාමලෝකයෙහි සත්වරට වඩා නූපදීම සෝවාන් මාර්ගයාගේ ආනුභාවයෙන් සිදු වන්නකි. රූපාරූප ලෝකවල වඩා ඉපදීම ධ්‍යානානුභාවයෙන් සිදු වන්නකි. සෝවාන් පුද්ගලයන් අතර සංසාර වෘත්තියට වඩා ඇලුම් කරන පුද්ගලයෝ ද වෙති. ඔවුහු දිව්‍යලෝකයෙන් දිව්‍යලෝකයට ඉහළට ඉපද ගොස් ධ්‍යාන උපදවා බ්‍ර‍හ්මලෝකයට පැමිණ එහි ද පිළිවෙලින් ඉහළ ඉහළ ලෝකවල උපදිමින් අකනිට්ඨය දක්වා ගොස් එහි දී පිරිනිවන් පාන්නාහ.

අනේපිඬු මහා සිටුහුය, විශාඛා මහා උපාසිකාවය, චූලරථ, මහාරථ දිව්‍ය පුත්‍රයෝ ය. අනේකවර්ණ දේව පුත්‍ර‍යා ය, සක්දෙව් රජය, නාගදත්ත දේව පුත්‍ර‍යාය යනාදීහු පිළිවෙලින් දිව්‍යලෝක බ්‍ර‍හ්මලෝකවල ඉපද ගොස් අකනිට්ඨයේ පිරිනිවන් පාන්නාහ යි පුද්ගලපඤ්ඤත්ති අටුවාවෙහි කියා තිබේ. සෝවාන් පුද්ගලයාගේ භවයෙහි සත් වරකට වඩා නූපදීම දක්වා ඇත්තේ සෝවාන් මාර්ගයාගේ ශක්තිය දැක්වීම් වශයෙනි. සෝවාන් පුද්ගලයාට ධ්‍යාන උපදවා ගත නො හැකි වී නම් හේ සත් ජාතියකට වජා නූපදනේ ය.” ...
https://pitaka.lk/books/bodhi-pakshika-dharma/9-12-3.html - සෝවාන් පුද්ගලයාගේ ප්‍රභේද.

“එකච්චො හි සොතාපන්නො වට්ටජ්ඣාසයො හොති, වට්ටාභිරතො, පුනප්පුනං වට්ටස්මිංයෙව විචරති සන්දිස්සති. අනාථපිණ්ඩිකො සෙට්ඨි, විසාඛා උපාසිකා, චූළරථමහාරථා දෙවපුත්තා, අනෙකවණ්ණො දෙවපුත්තො, සක්කො දෙවරාජා, නාගදත්තො දෙවපුත්තොති ඉමෙ හි එත්තකා ජනා වට්ටජ්ඣාසයා වට්ටාභිරතා ආදිතො පට්ඨාය ඡ දෙවලොකෙ සොධෙත්වා අකනිට්ඨෙ ඨත්වා පරිනිබ්බායිස්සන්ති, ඉමෙ ඉධ න ගහිතා. න කෙවලඤ්චිමෙ; යොපි මනුස්සෙසුයෙව සත්තක්ඛත්තුං සංසරිත්වා අරහත්තං පාපුණාති, යොපි දෙවලොකෙ නිබ්බත්තො දෙවෙසුයෙව සත්තක්ඛත්තුං අපරාපරං සංසරිත්වා අරහත්තං පාපුණාති, ඉමෙපි ඉධ න ගහිතා. මිස්සකභවවසෙනෙව පනෙත්ථ සත්තක්ඛත්තුපරමකොලංකොලා ¶ මානුසකභවනිබ්බත්තකොයෙව ච එකබීජී ගහිතොති වෙදිතබ්බො. තත්ථ එකෙකො දුක්ඛාපටිපදාදිවසෙන චතුබ්බිධභාවං ආපජ්ජති. සද්ධාධුරෙනෙව චත්තාරො සත්තක්ඛත්තුපරමා, චත්තාරො කොලංකොලා, චත්තාරො එකබීජිනොති ද්වාදස හොන්ති. සචෙ පඤ්ඤාය සක්කා නිබ්බත්තෙතුං, ‘අහං ලොකුත්තරං ධම්මං නිබ්බත්තෙස්සාමී’ති එවං පඤ්ඤං ධුරං කත්වා සත්තක්ඛත්තුපරමාදිභාවං පත්තාපි පටිපදාවසෙන ද්වාදසෙවාති ඉමෙ චතුවීසති සොතාපන්නා ඉහට්ඨකනිජ්ඣානිකවසෙනෙව ඉමස්මිං ඨානෙ කථිතාති වෙදිතබ්බා.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll